Saturday, January 28, 2012

මට ඉන්නේ පට්ට කෑල්ලක් ද...? නැත්තම් normal කෙල්ලෙක් ද...?

‍මේ ප්‍රශ්නේ නිසා මගේ මොළේ අඥ්ඥ කොරොස් වෙලා තියෙන්නේ.. ඇත්තම කිවුවොත් ඉතින් මම මේක මේ විහින් දාගත්ත ප්‍රශ්නයක්.. මට මේ ගැන ලියන්න හිතුනේ මූණූ පොතේ බිත්තියේ තිබිලා පහු ගිය දවසක හම්බුන ඔන්න ඔය පල්ලේහා තියන පත්තර කෑල්ල නිසා..



මම මේ ආයි ඔය ලිපියේ ලියලා තියන ඒවා කියන්න යනවා නෙමෙයි.. මොනවා උනත් "සමන් එදිරිමුණි" ලියපු දේ නම් සහතික ඇත්ත..

ඇත්තටම මට ඉන්නේ පට්ට කෑල්ලක් ද...? නැත්තම් normal කෙල්ලෙක් ද...?



සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක්.. මට මේ කියන දෙන්නම ඉන්වා කිවුවොත් ඔය ගොල්ලෝ පුදුම වෙයි නේද..? හික් හික්.. ගනන් ගන්න එපා අනේ අපි තාම කොල්ලොනේ.. දැන් මේවා කරන් නැතුව කවදා කරන්න ද..? බ්ලා බ්ලා...මම ඉතින් 6 වසරෙදිත් කෙල්ලෝ පස්සේ ගියපු එකෙක් නේ..

වැ‍ඩේ කියන්නේ එක නෙමෙයි.. දැන් මට ඉන්න මේ කෙල්ලෝ දෙන්නගෙන් කවුද ‍පට්ට කෑල්ල.. කවුද කෙල්ල කියන එක.. මට දැන් කරන්න වෙලා තියෙන්නේ අර අපි 5 වසරෙ දී වගුවක් ගහලා වාසි අවාසි ලිවුවා වගේ කෙල්ලෝ දෙන්නත් දෙපැත්තේ තියලා උන් දෙන්නගෙන් මාව තේරැම් ගන්න පුලුවන් කාටද..? මට ආදරේ කරන්නේ කවුද...? මං ආසම දේවල් කරන්නේ කවුද කියලා CR පිටුවක් අරං අධ්‍යනය කරන එක තමයි..

අනේ කොල්ලනේ.. මම උබලට කියන්නේ ජෝක් එකට දෙකක් තුනක් කරත් කවදවත් මේ මං ගොනා වගේ සීරියස් නම් 2, තුනකට ලවි කරන්න නම් එපා.. එක්කෙනෙක් Dialog නිසාත්, අනිකා Mobitel නිසාත් ෆෝන් 2ට පිං සිද්ධ වෙන්න ශේප් එකේ දෙකම මේ වෙනකන් රන් වෙනවා.. මුන් දෙන්නම දන්නවා මට තව එක්කෙනෙක් ඉන්වා කියලා.. මාව බෙදාගන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ.. මේ දෙන්නා කොහේ හරි හම්බවුනොත් කොහොම වලියක් යයි ද කියල නම් මම දන් නෑ.. පැත්තකට වෙලා මට බලන් ඉන්න තමයි තියෙන්නේ.. ඇත්තටම මේ දෙන්නටම මං බොක්කෙන් ලව් කරනවා.. ඒ නිධාව කථාවත් මම ඉක්මනටම ලියන්නම්..

මගේ කලදසාවත් සමග මට දැන් මේ දෙකෙන් එකක් තොරා බේරා, ඇය ගැන මගේ මාපියන් දෙපළද දැනුවත් කිරීමට මට සිතට පහල වී ඇත.. මට ‍වඩා බාල මල්ලිලා නංගිලා සහ මගේ යා‍ලුවෝ උගේ කෙල්ලත් එක්ක බීච් එකේ අත් අල්ලන් යනකෝට, බස් එකේ එකට වාඩි වෙලා යනකෝට, උන්ගේ ගෙවල් වල කට්ටියත් එක්ක රට වටේම ට්‍රිප් යන කොට මට ඉරිසියාවේ බැරිය.. අනේ දෙයියනේ මුන් දෙන්නගෙන් කවුද ‍මං තෝරගන්නේ..? වෙලාවකට මුන් දෙන්නම රෑ කෑමට ගන්නේ මාවය.. මාගේ ඔලුව ය.. රෑ 11හ 12හ වෙනකන් නින්දක් නැත.. ෆෝන් එකටද නිදහසක් නැත.. බැටරිය දවස් 2න් බැස යයි.. දවසට රී ලෝඩ් වලට බර ගානක් පූජා ‍කරයි.. ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්.... මේ ඔක්කෝම මතක් වෙන කොට තමයි හිතෙන්නේ මුන් දෙන්නම නැතුව,

තව අළුත් එකක් සෙට් කරගත්ත නම් ඉවරයි කියලා....

ප/ලි : "මුන්" කියා ආමන්ත්‍රනය කරේ ආදරේටය :D

Saturday, January 21, 2012

වයි this කොළvari කොLaවරී......ඩී

Why This Kolaveri Kolaveri Kolaveri Dee?
Why This Kolaveri Kolaveri Kolaveri Dee?
Rhythm Correct..
Why This Kolaveri Kolaveri Kolaveri Dee?
Maintain This..
Why This Kolaveri? Dee..

ඇත්තටම  අපේ රටේ සිංදුව නැගලා යන්නේ සිංදුව කියන ගායකයගේ හැකියාව නිසාද...? නැත්තම් සිංන්වේ තනු නිර්මාණ කරුගේ හැකියාව නිසා ද....? මේ ගැන කථා කරන ම‍ට සංගීතය ගැන මේලෝ සංසාරෙක දැනීමක් නම් නෑ.. නම්ත් රස වීදීමේ හැකියාව නම් උපරීමේටම තියනවා.. අපේ රටේ යම් කිසි සිංදුවක් Hit උනාම ඒක කරටි කැඩෙන්නම හිට් වෙනවා.. හැබැයි ඒ මාසෙකට විතරයි.. ඊට පස්සේ සිංදුව ලොවෙත් නෑ, ඉරිදා පොලෙත් නෑ.. ඇත්තටම මට නම් තේරෙන් නෑ මේන මේ සිංදුව කියක එකාගේ වැරුද්දක්ද නැත්තම් අහන අපේ වැරුද්දක් ද කියලා..

කස්ටියට මතකද දන්නෑ 2008 අවුරුද්දේ D'tap ලා ගැහුවා "ලන්දු".. ඇත්තටම තරිදූ අයියලාටවත් හිතා ගන්න බැරුව ඇති සිංදුව එච්චරටම හිට් වෙයි කියලා.. මොකද ඉතින් ඒ කාලේ කාට හරි කෝල් 1ක් ගත්තත් යන්නේ " ම‍ගේ ආදර ලන්දු.. ඇයි ඔය නෙතු අග කදුළු..("ඇයි මොකෝ බං") ඒ anwcer කරාම ඌ කියන එක"

ඊට පස්සේ ආවා "යායට පායනා" මේකත් ඉතින් කොල්ලයි බල්ලයි ඔක්කෝගෙම අතරේ එපා වෙනකන්ම හිට් උනා.. කොටින්ම කියනව නම් අවුරුදු 50 පැන්න අපේ බාප්පත් ඕක ringing tone එකට දාගෙන හිටියා.. මට කියලමයි දාගත්තෙත්.. (අර සිකුරු හතේ තියනවා වගේ " 60 පැන්නත් බැදලා නැත්තම් ඌ කොල්ලනේ") අන්තිමට සිංදුව කොහොම උනත් එකේ හිටපු කෙල්ල නම් කොල්ලෝ අතරේ ඔක්කෝටම වඩා හිට් උනා කියලයි අරෑ කිවුවේ.. ( අරෑ කියනේ කවුද කියලා දන්නැති කස්ටිය comment කරන්නකෝ.. එතකොට මම කියන්නම්)

"අයි සෝ ලෝන්ලී.. Broකන් එන්ජල්.." ටත් ඔය සෙතේම තමා උනේ.. මට නම් හිතෙන්නේ ලංකාවේ ගොඩක් උන් (මා ද ඇතුලුව) මේ සිංදුව ඇ‍වුවේ ඒකේ තිබ්බ මෙලඩි 1ට.. මෙලෝ තේරුමක් දන්නැතුව.. වැඩේ කියන්නේ කස්ටිය පස්සේ තමයි දන්නේ මේක මේ කලින් ගහපු සිංදුවේ ඉතුරැ කොටස කියලා.. ඔන්න ඊට පස්සේ තමයි "පුරේ love" ("පුරේ love" නෙමෙයි බොල "pure ලව්") කියල එකක් තියනවා කියලා අපේ කට්ටිය දන්නේ..

මම මේ ලගදී පාරේ යන කොට අලුතින් රෙදි කඩයක් open කරලා Dj 1ක් එහෙම දලා තියනවා.. මට නිකන්  ලස්සන සිංදුවක් 1ක ටකරන් හඩකුත් ඇහෙනවා.. මම තව ටිකක් ලං වෙලා බැලුවා මොකක්ද බොලේ මේ කියලා.. අයියෝ සල්ලි කියන්නේ Broකන් එන්ජල් miක්ස් කොරලා කාවාඩිවකුත් 1ක.. අනේ එක ආරාශ්ට වත් ඇහුනනම් ඌ කීයටවත් ලංකාවට නම් ආයි එන්නේ නෑ ෂෝ කරන්න.. එච්චරටම (සි)රා... අනේ *කේ කිවුවලු....

තවත් ඉතින් හොද හොද ඒවා මතක් වෙනවා..

මේ දවස් වල හිට් වෙමින් පවතින් "තේරේ මේරේ" "කොලවරී" ටත් මේ සෙතේම වේවිද...?

මේ ඔබේ අවධානය පිණිසයි....!

ප/ලි : සම(හ)රක් කට්ටිය  "තේරේ මේරේ" සිංදුව බලලා තමයි Bodyguard බලලා තියෙන්නේ....

ප/ප/ලි : මේ සියල්ල මගේ කුඩා මොලේට හිතිච්ච ඒවා පමණි හොදේ....

                                                                

Thursday, January 19, 2012

පොල් කට්ටක් පිරෙන්න චූ කරන්න බැරි මම කෙල්ලෙක්ගේ පස්සෙන් යෑම (අවසාන කොටස)

සමාවෙන්න ඕන post 1ක දාන්න ටිකක් පරක්කු උනාට.. ගිය සතියේ ගෙවල් පැත්තේ ගිහින් ආවා.. මොකද අම්මලාට මාව අමතක වෙන්න ඔන්න මෙන්න කියලා තිබුනේ.. ඉතින් ගිහින් 1ක දාල ආවා.. ඔන්න ඔය හේතු නිසා ටිකක් පරක්කු උනා..

ටිකක් විතර සතුටුයි.. පිරිවර 11කට නැගලා.. 346ක් බලන්න ඇවිල්ලා.. ඇත්තටම සතුටුයි.. දිගටම මාත් 1ක ඉන්න කියනවා.. ඔන්න හිතුවක්කාරිගේ පිහිටෙන් word verification එ‍හෙම අයින් කොරා.. දැන් කස්ටියට comment කරන්න ලේසි වෙයි..
කලින් එවා බැලුවේ නැත්තම් බලලා එන්නකෝ..

පොල් කට්ටක් පිරෙන්න චූ කරන්න බැරි මම කෙල්ලෙක්ගේ පස්සෙන් යෑම

 ඔන්න එදා මැක්කයි, අර කෙල්ලයි, අම්මයි පාරේ ගියානේ.. ඔන්න ඉතින් ඊලගට පංති තියෙනකන් මම සෑහෙන මහන්සි වුනා ඒ ගැන search කරන්න.. කොහොම හරි ගේමක් දීලා මම විස්තරේ හොයා ගත්තා.. එතකොට තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ.. මැක්කයි අර කෙල්ලයි අයියයි නංගියිලු..ඒ කිවුවේ 1ම පවුලේ නෙමෙයි..මට මතට විදියට මැක්කගේ නෑනා.. ඒ විතරක් නෙමෙයි මට ඔනම දේත් මම හොයා ගත්තා.. ඒ එයාගේ නම.. අපි මෙතන දි ශෂී කියලා කියමුකෝ.. ඉතින් ඔහෝම සති 3ක් 4ක් ගෙවිලා ගියා.. විශේෂ මුකුත් උනේ නැතත්, මම පුලුවන් උපරිමෙන් මැක්කත් 1fit උනා.. කොහොමින් කොහොම හරි මම ඉදලා හිටලා මැක්කලයි ගෙදර එහෙමත් ගියා.. ශෂී ලයි ගෙවල් තිබ්බේ මැක්කලයි ගෙවල් වලට ගෙවල් 2ක් වගේ පහළින්..

වැ‍ඩේ කියන්නේ ශෂී අපේ දහම් පාසලටත් ආවා.. එයාව වැටිලා තිබ්බේත් අපේම පංතියට.. වෙනදට දහම් පාසල් යන එක මරණවා වගේ උනා‍ට ඊට පස්සේ මම වෙනදටත් වඩා උදෙන් දහම් පාසල් ගියා.. කිසිම love 1ක් හිතේ නැතත් එයා මාත් 1ක් යාළුකමට හොදට කථා කරා.. මොකද අපි 2ම ඒ කාලේ 6වසරේ වගේ නිසා ආදරේ කියන්නේ මොකක්ද කියලා දන්නේවත් නෑ.. ඇත්තම කිවුවොත් 1ක නිකන් ආතල් 1ට වෙච්ච දෙයක්.. ඊට එහා ‍මුකුත් නෑ.. එක දවසක් මට මතකයි දහම් පාසලේ දී ඉන්න ගමන් මම එයාට ඇහැක් ගැහුවා..(තිබ්බ ආමාරුවට තමයි) මෙන්න බොලේ 1ක පාරට අහපි,,

"මොකද ඇස් ගහන්නේ ආ...?"
"ඉන්න මම අම්මට කියන්නම්"

ඔන්න ඉතින් මාත් ටිකක් ඩිම් උනා.. කො‍හොමහරි ඒ සතියේ මම පංති ගියේ නැටට් *කේ ගහගෙන.. මොකද ගෑණු විශ්වාස කරන්න එපා කියලා අර "දගය" කාටූන් එකේ දගයා, පොඩ්ඩටත් කියලා තියනවනේ..දෙයියන්ගේ පිහිටින් එදා නම් මුකුත් අවුලක් උනේ නෑ.. කොහොමින් කෙහොම හරි ඒ අවුරැද්දේ මැද වගේ වෙන කොට අපේ විද්‍යා පංතියෙන් විනෝද චාරිකාවක් යන්න හැදුවා.. 1ක මේ චාරිකාවක් කිවුවට මේ පැය 45 ගමනක්..

ඔක්කොම වැඩ ok වෙලා ට්‍රිප් 1ක යන්න කස්ටිය ලෑස්ති උනා.. ගියේ ‍ඩොල්ෆින් 2ක්.. 1ක පිරිමි ළමයි.. අනිත් 1කේ ගැල්ලමයි.. මමයි උදාරයි, මැක්කයි වෑන් 1කේ පිටුපස ආසනය අපේ නමට ලියා ගත්තා.. මතක විදියට මුලින්ම ගියේ වලස්මුල්ල පැත්තේ ‍ජල ව්‍යාපෘතියක් බලන්න, ඊට පස්සේ ගියා හරිස්චන්ද්‍ර කර්මාන්ත ශාලාව බලන්න.. ආ.. මට කියන්න බැරි උනානේ.. ට්‍රිප් 1ක යන්න මම තමයි කැමරාවක් අරං ආවේ.. කැමරාවක් කිවුවට එක අර පරණතාලේ රීල් දාන 1ක්..


ඔන්න ඉතින් හරිස්චන්ද්‍ර 1ට ගියම මම මාර ට්‍රයි 1ක් දුන්නා ශෂීගේ photo 1ක් ගන්න..කොහොමින් හරි හෙන ගේමක් දීලා උදාරගේ photo 1ක් ගන්න විදියට මම ශෂීගේ photo 1ක් ගත්තා.. ඊට පස්සේ අපි ගියේ ‍පොල්‍ හේනේ බීච් 1ට.. අපියි ගැල්ලමයිනුයි අර කොහින්ද ආපු උන් වගේ රැල්ල එහෙම පාගලා දවල්ට බත් එහෙම කාලා අල්ලන සෙල්ලම කරන්න පටන් ගත්තා.. එතකොට අපි ඉතින් පොඩි ළමයිනේ.. ඔය අතරේ ශෂීට බාබර් කියලා නමක් හැදුනා.. එහෙම කියන්න එයාගෙයි ඒ නමයි අතරේ කිසිම ගැලපීමක් තිබ්බේ නෑ..කටට ආවට අපිත් කිවුවා.. කොහොම උනත් එයාට එහෙම කියද්දී ශෂී අපි පස්සෙන් දුවන් ආවා.. ඉතින් අපිටත් වැඩේ ආතල් නිසා අපිත් දිගටම කිවුවා.. හවස 3වගේ වෙකන් පොල් හේනේ ඉදලා Group photo එකකුත් අරං අපි ගෙදර යන්න ආවා.. ශෂී පංතිය ගාවට යන්නේ නැතුව මගින් බැස්සා.. එයාව බස්සන්න වෑන් 1ක නැවැත්තුව වෙලාවේ අපේ වෑන් 1ක ඒ වෑන් 1ක පාස් කරන කොට අපි Set 1ක අයිත් බාබර්ර්ර්ර්.... කියාගෙනම ආවා.. ගෑණිට උපරිම මල පැනලා තිබ්බේ..


ඔන්න ඊලග සතියේ සුපුරැදු පරිදි අපේ පංති තිබ්බා.. විශේෂ සිදුවීම් මුකුත් නැතුව පැය 2ක ඔහේ ඉවර වේලා ගියා.. එදා මගේ වේලාව කියන්නේ උදාරයත් පංති ආවේ නෑ.. මාත් ඉතින් තනියම නිසා මගේ බයික් 1ත් අරගෙන මම ගෙදර යන්න ආවා.. පංතියට හැරෙන පාර ගාවදි ශෂීලයි අම්මා මට අතදාලා මාව නවත්ත ගත්තා.. පස්සේ මාත් 1ක හිනා වෙලා මට කිවුවා ශෂී එනකන් පොඩ්ඩක් ඉන්න කියලා.. මේ මොකක්ද වෙන්නේ කියලා මට හිතාගන්න බැරි උනා.. මට 1ක පාර මීටර් උනේ එදා ඇහැක් ගහපු සීන් 1කද දන්නෑ කියලා.. ඕන මගුලක් වෙන්න කියලා මාත් හිටියා.. ටිකකින් ශෂී ආවා.. මට උන්හිටි තැන් අහිමි උනා...


"මොකක්ද ඔය ළමයා මේ ළමයට ‍බාබර් කියලා කියන්නේ..?"
"මෙයාගේ තාත්තා බාබර් කෙනෙක් නෙමෙයි"

තව මොනවදෝ කිවුවා.. මට මතක නෑ.. පංතියේ අනිත් ළමයි මම දිහා කන්න වගේ බලාගෙන යනවා.. මාගේ කාඩ් ඔක්කොම කුඩු උනා.. මම ඇන්ටිට පැහැදිලි කරන්න ඕන උනත් මට වචන 2ක 3කට වඩා කථාකර ගන්න පුලුවන් උනේ නෑ.. ඔය අතරේ මගෙන් ඇන්ටි ඇහුවා තව කවුද මෙයා විහිළු කරේ කියලා.. මම මුකුත් කිවුවේ නෑ..

ශෂී තව එකෙක් පෙන්නුවා එයාගේ අම්මට.. ඇන්ටි ශෂීවත් ඇදගෙන ගියා ඌ ලගට.. මට වගේම ඌටත් බනිනවා ඇහුනා.. ටිකක් වෙලා එක දිහා බලන් හිටපු මම මුළු සර්වාන්ගෙ තිබ්බ ඔක්කොම සක්තිය කකුල් 2ට දාලා බයික් 1ක පෑගුවා උදාරලයි ගෙදරට.. ඔය අතරේ මට ඇහුනා ඇන්ටි කෑගහනවා..

"ඒයි... ඔහොම හිටපන්... මමතාම කියලා ඉවර නෑ.."

මම නෙමෙයි පස්සවත් හැරිලා බැලුවේ.. කෙළින්ම නැවැත්තුවේ උදාරලයි ගෙදර.. ඌට විස්තරේ කිවුවා.. පැයක් විතර උන්ලයි ගෙදර ඉදලා මමත් ගෙදර යන්න ආවා.. එනගමන් පංතියේ පාර ගාවට මීටර් 100ක් විතර බයික් 1ක නවත්තලා බැලුව තාම ශෂී ඇන්ටියි ඉන්නවද කියලා.. මොකද කොච්චර පොර ටෝක් දුන්නත් එ වේලාවේ මම ෆුල් හොල්මන් වෙලා හිටියේ.. එදායින් පස්සේ මම හිතාගත්තා විහිලු දන්නැති අයට කවදාවත් විහිලු කරන්නෑ කියලා.. අනිත් එක මම මේහෙම බැනුම් ඇහුවේ පළවෙනි පාරට..

කොාහොම හරි ඊලට සතියේ පංති යන කොට අපේ සර්ට ඔක්කොම ආරංචි වෙලා.. පංතියෙන් එක්කන් ගිය අන්තිම ට්‍රිප් 1ක තමයි කිවුවා..විහිලු දන්නැති අයට කවදාවත් විහිලු කරන්න එපා කිවුවා, මින් පස්සේ  ඔහොම දෙයක් ආරංචි වෙන්න ඉඩ තියන්න එපා කියලත් කිවුවා.. ඒ ඔක්කොම කිවුවේ පොදුවේ.. අපේ සෙට් 1ක කියලා මුකුත් කිවුවේ නෑ.. ඊට පස්සේ තමයි අපිට ආරංචි උනේ ශෂී කියන්නේ එච්චර හොද චරිතයක් නෙමෙයි කියලා.. ඒ ඔක්කෝම කිවුවේ එයාගේම අයියා වන මගේ මිත්‍ර මැක්කා.. එදායින් පස්සේ අපි ශෂීව සත 5කට ගනන් ගත්තේ නෑ.. මේ සිද්ධිය උනේ මතක විදියට 2002 වගේ අවුරුද්දේ.. මේ ලගදී දවසක අපේ ‍එකෙක්ට ශෂීව හම්‍බවෙලා තිබ්බා.. තනියම නෙමෙයි පොඩි බබෙකුත් 1ක.. බබා කාගෙද කියලා ඌ අහලා තිබ්බෙත් නෑ.. අපි දන්නෙත් නෑ ඔන්න...


ඔන්න එහෙනම් පොල් කට්ටක් පිරෙන්න චූ කරන්න බැරි මම කෙල්ලෙක්ගේ පස්සෙන් යෑම ඉවරාරාරා...යි...

නම් සියල්ල බොරු ඒවාය...

Friday, January 6, 2012

පොල් කට්ටක් පිරෙන්න චූ කරන්න බැරි මම කෙල්ලෙක්ගේ පස්සෙන් යෑම (2වන කොටස)

ඉතින් ‍කෙහොමද කට්ටියටම...? අවුරුදු එහෙම ජයද..? නිකන් හිට්යට නම් ජය වෙන්නේ නෑ පුතෝ.. ජය කර ගනින්.. මටත් ඉතින් කියන්න තරම් වරදක් නම් නෑ.. ඔන්න ඔහේ ඉන්වා.. Blog 1ක ගැන කියනව නම් ඒ හැටි ප්‍රථිචාර නොලැබුනත්, තියන ප්‍රථිචාර ගැන හිතලා සතුටු වෙනවා.. එහෙනම් ඉතින් මගේ කථාවෙ ඉතුරු ටික කියන්නම් නේද..?

සභාවෙන් අවසරයි මම මෙතෙන්ට පැමිණියේ කථාවක් කීමටයි... හික්ස්..
  



ඔන්න මම එදා‍ පංති ඉවර වෙලා ගෙදර ගියානේ.. කො‍හොම හරි ඔන්න ඊලගට පංති යන දවසත් ආවා.. ඔන්න ඉතින් මමත් හරිම ආසාවෙන්, මගේ දඩු මොණරෙත් අරගෙන ගියා.. ගිය බයික් 1කට කට්ටය දුන්න වදේ නිසා මම එදා බයික් 1ක පංතියට පල්ලෙහායින් නවත්තලා ලොක් එහෙම කරලා ගියා.. ඔන්න අද තමයි හා හා පුරා කියලා පංතිය පටන් ගන්න 1වෙනි දවස.. ඒ කිවුවේ උගන්නන්න පටන් ගන්න දවස.. ගිය සතියේ පටන් ගත්තට තිබ්බේ හැදින්වීමක්නේ.. මම යනකොට මගේ යාළුවා සර් ගාව ඉදන් 3වෙනි පේළියක වගේ වාඩි වෙළා හිටියා..මාත් ඉතින් ගිහින්  ඌ ලගින් set උනා.. 8.30ට තමයි clz පටන් ගන්නේ.. අපි ඉතින් 8 වගේ වෙන කොට පංතියට යනවා.. මෙතන දී මගේ යාළුවා උදාර කියලා කියමු.. ඔහොම ටිකක් ඉන්න කොට අපි 2ට තවත් 1ක් set වුනා.. ඌ සෙන්තොමස් පොරක්.. අපි 3න් දෙනා වල්පල් කථා කර ‍කර ඉන්න කොට උදාරයා ම‍ට එක පාර පෑනෙන් ඇන්නා.. මමත් ඉතින් ඩිම් වෙලා හරියට ඩෙස් 1කේ ඉද ගත්තා.. මොකද මං හිතුවේ සර් ආව කියලා.. බලනකොට ඇවිත් තියෙන්නේ සර් නෙමයි අර කෙල්ල‍‍.. මමත් සීතල වෙලා ගියා.. දැන් ඔක්කොම හරි.. යකෝ මාට තියන ප්‍රශ්නේ මේකි එන කොට මොකද මූ මට ඇන්නේ කියලා...? යකෝ මූට තේරිලාවත් ද...? එක පාර මේ ගෝතයගෙන් අහන්නත් බෑ.. අනිත් 1ක් එහා පැත්තේ අලුත් බුවත් ඉන්නවනේ.. ඌගේ අපි මැක්කා කියලා කියමු..

ඕන මගුලක් වෙන්න කියලා උදාරට පොඩ්ඩක් කිට්ටු වෙලා, මම සීන් 1ක අහන්න ගත්තා.. මළ කෙළියයි.. මූට වැඩේ මාට්ටු වෙලා.. මූ මගෙන් අහනවා උබ ඒකිට Line නේද කියලා..ඉතින් මූට මම මොනවා කියන්න ද..? මම ටිකක් මුගේ දිහා බලාගෙන ඉදලා ඔලුව වැනුවා.. ටිකකින් සර් ආවා.. මුලින්ම ටිකක් වැල් බයිල ටිකක් කියලා ගණන් හදන්න පටන් ගත්තා.. ගණන් ටික Board 1කේ දාලා පොර දැන් පංතිය වටේට යනවා.. පොර මුලින්ම ගියේ පල්ලෙහා කෙල්ලො ඉන්න පැත්තට.. මම ඔහොම ටිකක් වේලා බලං ඉදලා 1ක පාර පල්ලෙහා බැලුවා අරයා ඉන්නේ කොහේද කියලා.. ම්ම්ම්ම.. එයා මැද පේළියක ඉන්නවා.. එහෙම දැක්ක පාර පොඩි kick 1කුත් ආවා.. මම ඉතින් ගණන් ටික හදලා ඉවර කරළා අරුත් 1ක කියවා කියවා ඉන්න කොට සර් මම ලගට ඇවිත් අහනවා “මොනවද බොල කච කච ගාන්නේ..? ගණන් ටික හදල ඉවරද කියලා..?” මමත් ඉතින් කිවුවා ඔව් කියලා.. ඊ‍ට පස්සේ මූ කියපි “මට ඩයස්ලයි අම්මා කිවුවා ඩයස් ගැන පොඩ්ඩක් ඇහැ ගහන් ඉන්න කියලා” කිවුවා විතරයි පංතියම බක බක කියලා හිනා වුනා.. මගෙත් ඉතින් පටි රෝල්.. මොනවා කරන්න ද..? ම‍ටත් ඉතින් ක‍ට වහන් ඉන්න බෑනේ.. මම කිවුවා “අම්මා මට එහෙම 1ක් කිවුවේ නෑනේ කියලා” සර් 1ක ඇහුන් නෑ වගේ ගියානේ.. ඔහොම ඔහොම ගිහින් පංතිය ඉවර වුනා.. මමයි උදාරයයි බයික් 1ත් අරං පල්ලේහාට ගිහින් ඌවත් බස් 1ට දාලා මාත් යන්න ගියා.. අම්මට සිරි යනකොට මම දැක්ක දෙයින් මම full හොල්මන් වුනා..මම කිවුවේ අර අපිට අලුතෙන් 1ක් set වුනා කියලා මැක්කා කියලා.. ඌයි, අරයයි , එයාගේ අම්මයි මෙන්න කුඩේකුත් දාගෙන යනවා.. මට දැන් කරගන්න දෙයක් නෑ.. කොහොමහරි උන් Set 1ක පාස් වෙන කොටම මැක්කට යන්නම් මචං කියලා මම යන්න ආවා.. වැඩේ කියන්නේ මම අරූට එහෙම කියද්දී අරයත් මාත් 1ක් හිනා වුනා.. ඒකෙන් තිබ්බ හොල්මන් ගතිය පොඩ්ඩක් අඩු උනා.. කොහොම හරි මම එදා ගෙදර ගියේ අම්බානෙක ප්‍රශ්නයක් ඔලුවේ තියා‍ගෙන..

ඊළග දවසින් කථාව ඉවර කරනවා යාළුවනේ.. මොකද මාත් කැමති නෑ කථාව රබර් වගේ අදින්න & දැනටමත් මේ කථාව මගේ ජීවිතේට දැනටමත් තර්ජන එල්ල වේලා තියෙන්නේ.. බය වෙන්න එපා වෙන කාගෙන්වත් නෙමෙයි කෙල්ලගෙන්.. එයා කියනවා මම එයාට මේක මීට කලින් කියලා නෑලු... ඇයි බොලේ මාර වැඩක්නේ 1ක.. මම හැම මගුලම එයාට කියන්න ඕන කියලා නීතියක් නෑනේ...