Friday, February 24, 2012

(ප්‍රතම) + ප්‍රේමය 02

ඊලග සතිය වෙන කොට මම එයාගේ නමත් හොයා ගත්තා.. බ්ලෝග් එකේ දී එයා සදුනි  කියලා කියමුකෝ.. මට නම හොයලා දුන්නේ මගේ නෑනා.. ඒ කියන්නේ මගේ මාමගේ දුව. අපේ වයසෙමයි.. සදුනියි එයයි ගියේ මාතර තියන, අපේ ස්කෝලෙට එයා පැත්තේ තියන ප්‍රසිද්ධ බාලිකාවට.. එක නිසා ම‍ට නම ‍හොයා ගන්න අමාරු උනේ නෑ.. සදුනි ගැන වැඩි විස්තර මම අහන්න ගියේ නෑ.. මොකද මගේ නෑනාගේ කට ටිකක් හොද මදි.. කෝපි කඩේ දයාවතීගේ වගේ..

ඉතින් ‍ඔහොම දවස්, සති ගෙවිලා ගියා.. මමත් සමාජ අධ්‍යනය පංතියේ දී පුලුවන් හැම වෙලාවකම මම සදුනි දිහා බලන් හිටියා.. මගේ යාලුවොන්ටවත්, එයාටවත් දැනෙන්න නම් දුන්නේ නෑ මම try කරනවා කියලා.. කෙල්ලෝ නිසා කාපු පරිප්පු මට ඇති වෙලා තිබ්බේ..පොල් කට්ටක් පිරෙන්න චූ කරන්න බැරි මම කෙල්ලෙක්ගේ පස්සෙන් යෑම  එහෙම මතක ඇතිනේ..

මේ වෙනකොට මගේ හොදම බොක්ක උන පවන්තට කෙල්ලෙක් set වෙලා තිබ්බා.. ඒක නිසා මම හිතුවා ඌට කියලා ඌගේ කෑල්ලගෙන් පොඩි help 1ක් ගන්න.. ස්කෝලෙදියි මුණේගේ ගණන් පංතියේදියි අපි දෙන්න 1ටම තමයි හිටියේ.. කොටින්ම කිවුවොත් ගැනියි මිනිහයි වගේ තමයි.. අපේ set එකෙන් මුලින්ම වගේ ෆෝන් 1ක් තිබ්බේ මට තමයි..
මේ තිවෙන්නේ භාණ්ඩේ Nokia 3210





මල් සිම් 1ක

 ෆෝන් 1ක නම් ඇත්තටම ගඩොල් බාගයක් වගේ. මොකෙක්ට හරි ගැහුවොත් ආයි 2ක් නෑ එතනමයි.. සිම් 1ක නම් මල් ම තමයි.. තාමත් තියනවා මං ලග සිම් 1ක.. ඒ කාලේ outgoing රු.10 (+vat). ඒක නිසා මොන හදිස්සිය තිබ්බත් කෝල් නම් ගත්තේ නෑ.. මොකද Hutch ආපුම කලේ නිසා no reload. කාර්ඩ් තියෙන්නෙත් අඩුම රු.200යේ එවා විතරයි. ඉතින් කාර්ඩ් 1ක් හෙන ගේමක් දීලා අඩුම මාසයක්වත් පාවිච්චි කරා.. හැබැයි incoming නම් මොන මගුලෙන් ආවත් කොච්චර කථා කරත් රු.5යි.. 2006 යේ තිබ්බ ගණන් අඩුම සහ ලාබම connection එක.. හැබැයි සිග්නල් තිබ්බේ town area විතරයි.. town 1ට හූවෙ දුර නිසා මට නම් අවුලක් උනේ නෑ..

ඉතින් පවන්තයා මගේ ෆෝන් 1න් තමයි ඌගේ කෙල්ලට කථා කරේ.. එදත් වෙනදා වගේ ඉරිදට මුනේගෙ පංති ඉවරවෙලා යන ගමන් මම මූට සීන් 1ක කිවුවා.. ලොකු දෙයක් කිවුවේ නෑ.. මම කිවුවේ සදුනි කියලා කෙනෙක් අදුරනවද කියලායි, එයා ගැන විස්තර ටිකක් හොයලා දෙන්න පුලුවන්නද කියලා ඌබේ කෑල්ලගෙන් අහපං කියලා.. ඒක කිවුවා විතරයි මූ කුකුලා උනා.. යනකං ඇහුවේ..
 "අඩෝ කෙල්ල ලස්සන ද..?"
"අඩෝ කෙල්ල ලස්සන ද..?"

මූ හැමදාම මල් කඩන්නේ කලිදාස පාර ගාව තිබ්බ Neat 1ක ළග ඉදන්..6.30 පංතිය ඉවර වෙලා අපි එතෙන්ට එනකොට 6.45 වගේ වෙලා. වෙනදා වගේම මම ඌට ෆෝන් 1ක දෙන කොටත් කිවුවා "ගොතයෝ.. මතක් කරලා අරක අහපං කියලා"

පවන්ත ෆෝන් 1ක අරන් කෑල්ලගෙ ගෙදරට miss call 1ක් ගැහුවා.. ආයි තත්පර 30කින් විතර තව miss call 1ක් ගහනවා.. ඔන්න ඕක තමයි මූ කෑල්ලට දෙන signal 1ක.. ඊට පස්සේ අනිවා විනාඩි 5ක් ඇතුලත මූට කෝල් 1ක එනවා.. 7.30 විතර වෙනකං මුන් දෙන්නා ඉතින් මල් නෙලනවා.. මටත් ඉතින් පිනක්නේ මුන් දෙන්නට රු.5කින් හරි උදව් කරන්න පුළුවන් වෙන එක.. 7.30 වෙනකන් ඉතින් මම ගාලු පාරේ යන කෙල්ලෝ දිහායි, වාහන දිහායි බලාගෙන ඉන්නවා..

"ඔන්න *කෝ වැඩේ ගොඩ.. හෙට මට විස්තර දෙන්නම් කිවුවා.." කියා ගෙන 7.20ට විතර මූ මට ෆෝන් එක දුන්නා.. තෙලෙන් බාපු උදුලු වඩයක් වගේ අම්බානෙක ෆෝන් 1ක රත් වෙලා.. මේක ඉතින් අද විතරක් උන දෙයක් නෙමෙයි.. මූ මල් කඩලා දෙන හැම පාරම එහෙමයි.. මට මූට දෙකක් කියන්න හිතුනත්, මූ කියපු දෙයින් මම ෆුල් hpy mood 1කේ හිටපු නිසා,
"ෂා එළනේ බං.. පවනි (ඌගේ කෑල්ල) ටත් මම thnkx කරා කියපන්.. ආ පස්සේ සලකන්නං කියලත් කියලත් කියපන්.."  කියලා පවන්තයි මායි Foot city එකට ගිහින් මම ගානේ අරෑට අයිස් ක්‍රීම් එකකුත් අරං දීලා මම ගෙදර යන්න ආවා..

තව දවස් 2ක් ඉවසන්න ඕන.. මොකද සදුදා  හවස පිනා ගේ විද්‍යාව පංතියේදි තමයි පවනිට පවන්ත හම්බවෙන්නේ...මොනවා කරන්නද.. ඉවසපං කොල්ලෝ කියලා හිතාගෙන මාත් නිදා ගන්න ගියා.. කොච්චර නිදි මතක් තිබ්බත් සදුනි ගැන මොනවා කියයිද කියලා මට ටිකක් බයත් තිබුනා.. මේ වෙන කොට මම සදුනි 1ක්ක එක වචනයක් වත් කථා කරලා තිබ්බේ නැතැත් මගේ මුලු හිතම සදුනි ගැන හිත හිත තමයි හිටියේ.. සදුනි හොද කෙනෙක් වෙන්න ඇති, මීට කලින් කොල්ලෙක් එක්ක යාළු වෙලා නැතුව ඇති කියලා හිත හිත මම එහෙම්ම නිදා ගත්තා..

සදුදා උදේ වෙනදටත් වඩා ඕනෙ කමින්, වෙලාසිනින් ස්කෝලෙට ගියපු මම, බයික් 1ත් කැන්ටින් එක පිටිපස්සේ බිත්තිටකට හේත්තු කරලා පවන්තයා හොයා ගෙන පංතියට ගියා.. මම  විද්‍යාවට ඒ පංතිට යන්නේ නැති නිසා,  අරෑව දැක්ක ගමන් මම ඇහුවේ,

" මචං උඹ අද යනවා නේද...?"

"කොහෙද බං..?"

"මූසලයෝ පිනාගේ පංති...?"

"අහ්.. යනාවා යනවා බං.. මොකෝ සීන් එක...?"
මම දන්නවා මූ මෙහෙම අහන්නේ මට පානේ දාන්න කියලා

"ඇයි **තෝ උඹට මම ඊයේ කිවුව එක මතක නැද්ද..? පවනි, සදුනි ගැන විස්තර හොයලා අද දෙන්නම් කිවුවේ...?"

"අම්මේ කොල්ලගේ මූණේ තියන පිං පාට... හරි හරි බං මම පංති යන්නේ හවසනේ..මම වැඩේ ගාණට කරල‍ා දෙන්නම් උබ බය නැතුව හිටපන්කෝ.."

ඉතින් ඔහොම එදා දවසක් ෆුල් ආතල් එකේ ගෙවිලා ගියා.. ස්කෝලේ ඉවර වෙලා 2.30ට මුත් එක්කම පංතිය ගාවට ගිහින්, අන්තිම පාරටත් මූට අහපං කියලා මම ගෙදර ගිය.. ගෙදර ගියත් මම හිටියේ සිහියකින් නෙමෙයි.. පවනි සදුනි ගැන මොනවා කියයි ද කියලා කල්පනා කර කර.. කොහොද මේ ගොතටය ෆෝන් 1ක් වත් තිබ්බනම් අහගන්නවත් තිබ්බා.. ම‍‍ට රෑ 7ට විතර මුගෙන් කෝල් 1ක් ආ‍වා.. මම ගත් කටටම ඇහුවේ මොකද බං උනේ කියලා.. මූ බොරුවට දෙපාරක් තුන් පාරක් වගේ හලෝ හලෝ කියලා..

"අඩෝ මාර සීන් එක බං.. උඹට ඒකි හර්යන් නෑ බං........."

Thursday, February 16, 2012

(ප්‍රතම) + ප්‍රේමය 01

2005 අවුරුද්ද.. ලබන අවුරුද්දේ O/L.. මතක විදියට ජනවාරි මාසේ අහරුවාදා දවසක්.. මුධුර සර්ගේ සමාජ අධ්‍යනය පංතිය.. තාමාත් අවුරුද්දේ මුල නිසා සතියෙන් සතිය පංතියට අලුත් ළමයි එනවා.. වෙනදා වගේම අපි පංතියට ඇවිත්  කයිය ගගහ හිටියා.. පොල් කට්ටක් පිරෙන්න චූ කරන්න බැරි මම කෙල්ලෙක්ගේ පස්සෙන් යෑම ‍  වගේ ෆන් 1ට කෙල්ලෝ පස්සේ ගියත් මේ වෙනකන් මට සිරා කෑල්ලක් හිටියේ නෑ.. හැම මගුලටම යාළුවෝ හිටිය නිසා මට 1ක එච්චර ගානක් උනේ නෑ.. 10 වසරට එනකම් කොල්ලා ෆුල් ආතල් එකේ හටියේ..

ඒත් එදා හවස ඒ හැමදේම වෙනස් උනා.. මමයි මගේ යාළුවයි හමුදා බංකරයක් වගේ තියෙන අපේ පංතියේ කාර්ඩ් මාර්ක් කරන අයියා ඉන්න මඩුව වගේ 1කේ ඇතුලට වෙලා හිටියා.. ඔව් ඒ වෙලාවේ එයා ආවා.. එයාගේ අම්මත් 1ක සර්ව හම්බවෙන්න උඩහට ගියා.. මම එයාව හරියටම දැක්කේ නෑ.. නමුත් මට මහා අමුත් හැගීමක් ආවා.. එයාව දැක්කේ මම විතරයි.. එයා පංතියට එනකං මම මඩුවේ ඇතුලට වෙලා හිටියා..

ටික වේලාවකින් එයාව පංතියට දාලා අම්මා ගියා.. ඒ මොහොතෙම  කාර්ඩ් මාර්ක් කරන අයියා කිවුවා,

"අ‍ඩෝ, අර බලපං අලුත් කෑල්ලක් අවිත්"

ඌ ඒක කියද්දිම මම ඌගේ මූණ දිහා කන්න වගේ බැලුවා, ඇත්තම කිවුවොත් මට බැලුනා. ජීවිතේටම අදම දැකපු, එක වචනයක්වත් කථා කරලා නැති එයා නිසා මාව වෙනම ලෝකෙක හිර ඌනා..

"ඩයස් පංතියට යමු.." කියාගෙන සර් ආවා.. මමත් එහෙම්ම පංතියට ගියා..


ඔය තිබ්බේ අපි පංතියේ වාඩිවෙලා තිබුනු විදිය.. මේ 10 වසරේ පංතියක්.. ඒක නිසා ළමයි පොඩ්ඩයි.. ඉතින් පළවෙනි විනාඩි කිහිපය ඔහේ ගෙවිලා ගියා.. සර් බොර්ඩ් එකේ ලියන කොට මම හොරාට එහා දිහා බැලුවා.. ඇදන් ඇවිල්ලා තිබ්බේ සුදු පාට බ්ලවුස් 1ක්.. ඇත්තටම ගොඩාක් ලස්සනයි.. පංතියේ තියෙන්නේ පැය 2ක් උනත් මම 4,5ස් සැරයකට වඩා මම එයා දිහා බැලුවේ නෑ.. මට බය හිතුනා එයා මොනවා හරි දැනගත්තොත් ආයි පංති එන 1ක් නෑ කියලා.. මොකද අද ප‍ලවෙනි දවසනේ..

එදා පන්තියේ ඉගැන්නුවේ මොනවද කියලවත් මම දන් නෑ..කොහොමින් හරි ඒ සුන්දර පැය 2ක ඉවර වෙන්න තව විනාඩි 5ක් වගේ තිබ්බේ.. අපේ සර් පුරුද්දක් විදියට පංතිය අන්තිමට එදා දවසට උගන්නපු දෙවල් වලින් ප්‍රශ්න 2ක් අහනවා. ඒ කට ඉතින් නැගිටල උත්තර දෙන්න ඕන.. සාමාන්‍යයෙන් සර් ප්‍රශ්න අහන්නේ පිටිපස්සෙම ඉන්න සෙට් වලින් තමයි.. සර්ට මගේ වෙනසක් තේරිලාද මන්ද එදා ප්‍රශ්නේ ඇහුවේ මගෙන්.. පංතිය පටන් ගත්තු දවසේ ඉදන් මම පංති ආවත් එදා වෙනකන් මගෙන් එහෙම ප්‍රශ්න අහලා නෑ.. මොකද මම ඉතින් 1ක දාගෙන හිටපු හින්දා.. මගේ පූර්ව කරුමෙකට එදා මගෙන්ම ඇහුවා.. මම නැගිටලා මුලින්ම බැලුවේ එයා දිහා.. ඇත්තටම මම එදා හිටියේ පංතියේ නෙමෙයි.. මම ආයි සර් දිහා බලලා ප්‍රශ්නේ මොකක්ද කියලා ඇහුවා..(මට ප්‍රශ්නෙ නම් දැන් මතක නෑ) සර්නුත් අමුතු හිනා පාරක් දාලා ආයි ප්‍රශ්නේ කිවුවා.. කරුමේ කොච්චර උනත්,තිබ්බ පොඩි පිනකට යාළුවගෙන් සර්පෝර්ට් 1ක් ලැබුනු නිසා උත්තරේ කියලා යන්තම් ශේප් උනා..

උත්තරේ දීලත් මම එයා දිහා බැලුවා..ම්ම්ම්ම්... එයා මාත් 1ක පලවෙනි පාරට හිනා වුනා.. ප්‍රශ්නෙ අහද්දි ඒ වගේ මාත් 1ක හිනා වුනානම් මම ම අනිවා උත්තරේ දෙනවා.. උත්තරේ දුන්නට පස්සේ සර් කියනවා
"කොල්ලා අද හිටියේ පංතියේ නෙමෙයි වගේ.." මගෙත් ඉතින් කට හොද නෑනේ.. මමත් කිවුවා
"ඇයි එහෙනම් ප්‍රශ්ාන් ඇහුවේ කියලා.." පංතියම හිනා.. එහෙම්ම පංතියත් ඉවර උනා.. වෙනදට නම් පංති ඉවර වෙලා අන්තිම වෙනකන් ‍ඉදලා සර් එක්කම පල්ලෙහාට බහින සෙට් 1ත් එක්ක ඉන්න මම, එදා බයික් එකත් අරං ඉක්මනටම පාරට ගියේ එයා යන්නේ කොහොමද කියලා බලන්න.. එයා ගියේ සුදු පාට වෑන් එකක.. ඒ දැක්ක පාර මට හිතුනේ හා හා පුර කියලා අල්ලන අත්ත බර වැඩි වෙයි ද කියලා.. මොකද අපේ අහිංසක තාත්තට තිබ්බේ මෝටාර්සයිකලයක් විතරයි...

ප/ලි : මේ කථාව මෙගා එකක් වෙයි සමහරවිට. මොකද 2005 පටන් ගත්ත මේ කථාව අද වෙනකන් යන කථාවක්.. (කථාවේ පොඩි ඉගියකුත් දුන්නා ඔන්න..)