Wednesday, August 29, 2012

බලාපොරොත්තුව

සාමාන්‍යය මිනිහෙක් මහජන සම්පතක් ගන්නේ එදා‍ට තියන කෝටි 10 ඇදෙයි කියලා හිතාගෙන නෙමෙයි..

විභාග කාලේ පොතක් වත් අතින් අල්ලන්නේ නැතුව, යාලුවෝ සෙට් එකත් එක්ක අම්බානෙක පිස්සු කෙළලා අගෝස්තු වල විභාගෙට ලියන්නේ A3ක් අරං කැම්පස් යන්න හිතන් නෙමෙයි..

රැවුලයි, කොන්ඩෙයි වාවාගෙන බටා කෑලි දෙකක් දාගෙන බොක්කුවක් උඩ ‍ඉන්න එකාට කවදාවත් කිරි ටොයියා කෑල්ලක් සෙට්  වෙයි කියලා ඌ හිතන්නේ නෑ...

1100 එකක් පාවිච්චි කරපු එකා එකෙන් msg කරන ගමන් I pod එකෙන් සිංදු අහන එකා දිහා බලාගෙන ඉන්නේ ඌට ඉරිසියා කරන්න නෙමෙයි..

ෆුට් සයිකලෙන් යන එකා, පාරේ ඌට වඩා සිය ගුණයක් වේගෙන් ‍යන වාහන දිහා බලන්නේ, උන්ට වෛයිර කරන්නත් නෙමෙයි...

----------------------------------------------------------------------------------------------



රු. 20ක් දීලා මහජන සම්පතක් ගත්තට ඒ මනුස්සයගේ යටි හිතේ පුංචි හරි බලාපොරොත්තුවක් තියනවා
"මට මේකෙන් රු.100ක් හරි ඇදෙයි කියලා "

එකක්වත් හරියකට පාඩම් කරේ නෑ කියලා තමන්ගේ හිත හොදටම දැන ගත්තත් පේපර් එක අතට ගත්ත ගමන් දන්න ටික හරි පුලුවන් තරම් හොදට ලියන්නේ උගේ බලාපොරොත්තු කෙසේ වෙතත්, අහිංසක අම්මගෙයි තාත්තගෙයි බලපොරොත්තු කොහොමහරි ඉෂ්ට කරන්න හිතාගෙන

බොක්කුව උඩ ‍ඉන්නකොට, උගේ ඉස්සරහින් යන කපල් දිහා බලාගෙන ඉන්නේ ඉරිසියාවට නෙමෙයි.. "මමත් මෙහෙම කෙල්ලෙක් එක්ක ඇවිදින්න යන්නේ කවද්ද කියලා" හිතන පුංචි අහිංසක බලාපොරොත්තුවක් එක්ක.

I pod එකක් පාවිච්චි කරන එකාට වඩා එකේ වටින කම දන්නේ 1100 එකක් පාවිච්චි කරන කොල්ලා.. එත් "මම I pod එකක් කවදා ගන්න ද කියලා හිතුවත්", මිනිහගේ හිතේ I pod එකක බලාපොරොත්තුව නැති වෙලා යන්නේ නෑ..

අතේ තියන රු.10 වියදම් කරලා හරි තමන්ට තියන ෆුට් බයිසිකලේ පුලුවන් තරම් හොදට හදන්නේ බයිසිකලේට තියන ආදරේට.. ඒත් ඒ පුද්ගලයට කාගේ හරි වාහනයක් එක විනාඩියකට හරි එළවන්න තියන ආසාව / බලාපොරොත්තුව දන්නේ උගේ හිත විතරයි..