අහවල් මල්ලී -
හෙලෝ අයියේ, අරක එයාගේ ගෙදරට අහු වෙලා..
අනේ අයියේ දැන් මම මොකද කරන්නේ...?
ආයි එයා ක්ලාස් එවන එකක් නැද්ද අයියේ...
මම දැන් මොකද කරන්නේ..?
මල්ලිගෙ කෙල්ල -
අනේ අයියේ තාත්තා අපේ affair එක දැනගෙන අයියේ..
අරයට තාත්තා මුකුත් කරන එකක් නෑ නේද..?
අනේ දැන්නම් මට මේ ගෙදරත් එක්ක එපා වෙලා තියෙන්නේ..
පැය දෙක, තුනකට පසු
මල්ලිගේ කෙල්ලගේ ගෙදර තත්වය -
කෙල්ලගේ අම්මා, තාත්තා බලා ගත්තු අත කල්පනා කරයි.. අම්මාගේ ඇස් වලින් කදුලු බිංදු බිමට ඇද හැලෙයි.. කොටින්ම මුලු ගෙදරම මළ ගෙදරක් වගේ.. කිසිම හැල හොල්මනක් නැත..
මල්ලිගෙ කෙල්ලගේ තත්වය -
කාමරේ දොර වසා ගෙන මුලු රෑ පුරාම ඇස් වල කදුලු ඉවර වෙනකන්ම අඩයි..
ඇයි මේ - - -??
තමන්ගේ ආදරණීය දුව කොල්ලෙක් එක්ක අත් වැල් පටලා ගෙන බස් එක එන බව පියාණන්ට දුරකථන ඇමතුමක් පැමිණීම...
අවුරුදු 18ක කොල්ලෙක්, කෙල්ලෙක් ආදර සම්බන්ධයක් පටන් ගන්නවා කියන්නේ වැරුද්දක්ද...?
අර කේළම කියපු එකා නිසා ඇති උන දේවල් වලින් ප්‍රතිඵලක් ඌට තියනවද...?
හැමදාම සතුටින් හිටපු පවුලක් මළ ගෙයක් උනා වගේ තත්වයක් ඇතිකරේ කවුද..?
ඇයි මිනිස්සුන්ට දෙයක් කරන්න, කියන්න කලින් එකෙන් ඇති වන ප්‍රථිපලේ ගැන පොඩ්ඩක් හිතන්න බැරි..?
ඒ මනුස්සයා ජීවිතේට කෙල්ලෙක්ට ආදරේ කරපු මනුස්සයෙක් නෙමෙයි ද...?
කවුරු හේ කරපු දෙයක් නිසා අන්තිමට දුක් විදින්නේ තරුණ හිත් 2ක්.. ඒ හිත් වලට දැනිලා තියන දුක මේ ලෝකේ අනිත් පැත්ත හැරෙවුවත් නැති කරන්න බෑ...
"අනේ දැන්නම් මට මේ ගෙදරත් එක්ක එපා වෙලා තියෙන්නේ.." මේ වචන වල කොච්චර නම් නොකිය වුනු දේවල් ඇත්ද....?