Saturday, December 31, 2011

ඔන්න එහෙනම් 2011ත් ඉවරා.....යි

                         කස්ටියට මං ආයි සුභ අලුත් අවුරුද්දක් කියන්න ඕනේ නැනේ.. දැන් අම්බානක් කස්ටිය එහෙම කියල ඇතිනේ.. ඒ උනාට කමක් නෑ.. මගේ ජීවිතේ වෙනුවෙන් ජංජාලයේ ඉන්න හැම දෙනාටම

ලබන්නා වූ 2012 වසර සුභම සුභ නව වසරක් වේවා ...! :ඩ් :ඩ් :ඩ්


ඉතින් මම හිතනවා හැමෝම මේ වෙලාවේ ගොඩාක් සතුටින් ඇති කියල.. කට්ටියක් මේ වගේ අම්මත් 1ක කීරි උතුරනවා ඇති.. ඒ වගේම තවත් කට්ටියක් වෙනද වගේ පස්ස උඩ දාගෙන හොදට නිදි ඇති.. හිකස්.. ඒවා කොහොම උනත් හැම එකෙක්ගාවම මේ අලුත් අවුරුද්දට ගොඩාක් බලාපොරොත්තු ඇති.. ඕව්.. මගෙත් ඔයාලගේ වගේම ලොකුම ලොකු බලාපොතොත්තු ගොන්නක් තියනව.. ඒ හැම 1ක්ම ඉෂ්ට කර ගන්න පට්ටම ගේමක් දෙනවා.. ඒවගේ ඔයාලගේ බලාපොරොත්තුත් හැම දෙයක්ම ඒ විදියටම ඉෂ්ට වෙන්න කියල මම බොක්කෙන්ම ප්‍රර්ථනා කරනවා..හැබයි නිකන් ගෙම්ම්බෙක් වගේ බලන් හිටියට නම් ඒ කිසි දෙයක්  හරියන් නෑ කියලත් මතක තිය ගන්න හරි..

මගේ  ජීවිතය ගැන කියනවනම් මටගොඩාක් සතුටුයි.. මොකද කිහිප දෙනෙක් ම comment දාල තිබුණ.. කට්ටිය බලන් ඉන්නවා පොල් කට්ටක් පිරෙන්න චූ කරන්න බැරි මම කෙල්ලෙක්ගේ පස්සෙන් යෑම (2වන කොටස) එනකන්.. බය වෙන්න එපා.. මම මේ Blog 1ක පටන් ගත්තේ ආසාවට නෙමෙයි.. මට පුළුවන් හැම වෙලාවටම මේක update කරනවා.. අනිත්ක මේ blog 1ක තමය මගේ හොදම යාළුවා.. 1ක නිසා මගේ යාලුවට කියන්න මට තව ගොඩක් දේවල් තියනවා.. මේ දවස් වල office 1කේ හොදටම වැඩ.. අපේ client ලට  අවුරුද්ද අන්තිමට තමයි ඔක්කොම වැඩ මතක් වෙලා තියෙන්නේ.. ඉතින් උන් අපිව කන්න හදනවා.. ඉතින් දුක තමයි.. :(

මම  මෙහෙම හිටියට පොඩි දුකකුත් තියනවා.. අද 1වැනිදා වෙලත් මම ඉන්නේ ගෙදර නෙමෙයි.. මගේ sweet room 1කේ.. හෙට උදේටත් පොඩ්ඩක් office 1ta ඔලුව දන්නා යන්න වෙනවා.. කීරි උතුරුවන 1ටත් බොසාට අපි නැතුව බෑ.. ගෙදර හිටියනම් අම්මත් 1ක කීරි උතුරවන තැනට වෙලා 4පැත්තෙන්ම කීරි උතුරන හැටි බලන් ඉන්නවනේ.. මම වගේ මේ විදියට කට්ට කන තව කී දෙනෙක් ඇතිද...? බය වෙන්න එපා බං.. කට්ට කන තරමට තමය සැප හම්බ වෙන්නේ (මගේ හිත හැම තිස්සෙම කියන 1ක්).. අම්මගෙන් කෝල් 1ක්...

රම් ප පපම්... රම් ප පපම්... [Man Down] :D

මම : කියන්න අම්මි..
අම්මා : සුභ අලුත් අවුරුද්දක්.. මොකද කරන්නේ..? නිදිද..?
මම : අහ්හ්.. එසේම වේවා.. නෑ නැගිටලා.. නෙට් 1කේ ඉන්නේ..
අම්මා : තනියමද ඉන්නේ...? [අම්මත් ඉතින් මගුලක් කතා කරනවා.... එර්ර්ර්ර්..]
මම : නැතුව ඉතින්.. වෙන කවුරු ඉන්නද...? කීරි ඉතිරුවද...?
අම්ම : මේ තාම උතුරුවනවා පුතේ..

......................................................................................................................................................................
ඔහොම  පිලිවෙලින් අම්මා, තාත්තා & නංගී කතා කරලා තිබ්බා... කෝල් 1ක අතරේ msg's 6ක් ඇවිල්ලා තිබ්බ.. ටී.. ටීක්.. ඔන්න තව 1ක් ආව.. එහෙනම් මං කැපුනා.. Fb 1ත් ටොන් ටොන් ගානවා.. ඒ අස්සේ කෙල්ලත් කෝල් කරනවා.. අයියෝ.... උන්ට reply කරන්නත් ඕනනේ.. මේ අපේ 1ක් එවල තිබ්බ ආතල් msg 1ක්.. 1ත් එක්ක මං ගිය එහෙනම්.. ටටා..

තබන තබන පියවර සරු වේවා..
පතන පතන කොයි පැතුමත් ඉටු වේවා..
ලියන ලියන exam ඇන නොවේවා...
Campus ජීවතය සුර විමනක් වේවා..

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..!


Tuesday, December 27, 2011

පොල් කට්ටක් පිරෙන්න චූ කරන්න බැරි මම කෙල්ලෙක්ගේ පස්සෙන් යෑම (1වන කොටස)




ඔන්න..හා හා පුරා ලියන පලවෙනි post 1ක.. කලින් හැදින්වීමක් ලිවුවට මම කිවුවේ නැනේ..මම මුලින්ම කියවපු බ්ලොග් 1ක තමයි පිස්සා මල්ලිගෙ පලාමල්ල.. පිස්ස මලයගෙ කුලුදුල් ආදරය තමයි. කියවල ඉවර වෙනකොට ඇහැට පුන්චි කදුලකුත් ආවා.. ඊලග කූල් ටෙම්පොගෙ සින්ඩිය..ටෙම්පොට වඩ අදික නිසා එයගෙ ආදර කතාව නම් ඉවර වෙනකන් ලියල තිබ්බෙ නෑ.. සයිබර්යාය හා කතන්දර සින්ඩිත් මම ආසාම & කියවලා ඇති වෙන්න හිනා වුනු ඒවා තමයි.. ඔන්න ඔය ‍‍‍හේතු කාරනා නිසා තමයි මාත් ‍දෙයියනේ කියලා සින්ඩියක් ලියන්න අත ගැහුවේ..ඒ අතරින් නැවත වතාවක් ස්තූති වන්ත වෙනවා කතරන්දර අයයිට මගේ ආරම්භක post එකට comment 1ක් දීලා දිරිමත් කරාට.. ඔන්න ඔහොමලු ඉතින් උනේ...

යන්නේ කොහේද මල්ලේ පොල් කිවුවලු.. හික්ස්... දැන් කථාව...

ම‍ට මතක විදියට මට මුලින්ම මල්සරා විද්දේ මීට අවුරුදු බරරරරරර ගානකට කලින්.. හරියට කිවුවොත් ම්ම්ම්ම්ම්...... 2001 අවුරුද්දේ තමයි.. ඒ කියන්නේ සිස්සත්තේ ලියලා ඇව්ල්ලා 6 වසරේ දී..(මූ මාර පැණ‍යෙක් කියලා ඔයාලා හිතනවා ඇති නේද..හික් හික්..පැණියා තමයි) ඇත්තම කිවුවොත් ඔය කාලෙදී මට පොල්කට්ටක් පිරෙන්නවත් චූ කර ගන්න බෑ..(එහෙම කිවුවේ අපේ නිශාන්ත සර්) මම කලින් කිවුවනේ මගේ නිජ බිම වුනේ මාතර කියලා..ඔය කාලේ අපි හිටියේ මාතර තල්පාවිල කියන හරියේ.. ඉතින් අපේ ගෙවල් හරියේ තිබුනා Maths Center කියලා clz පොජ්ජක්.. ඔකේ 6 වසරේ ඉදන් 11 වසර වෙනකන්,ඒ කියන්නේ සා:පෙළ වෙනකන් අමතර පංති තිබ්බා.. කොහොම හරි 6 වසරට ස්කෝල පටන් ගන්නත් කලින් තමයි මේ අමතර පංති පටන් ගන්නේ.. ඒ මොකද කියල නම් අපිට ඒ කාලේ තෙරුනේ නැති උනාට දැන් හොදට තේරෙනවා.. මේ පංති යෑම මට එපා කරපු දෙයක් උනාට, මේ පංතිය තමයි මම තනියම යන පළවෙනි පංතිය වුනේ..අපේ ගෙදර ලග තිබ්බ නිසා අම්මට අඩ අඩ කියලා කියලා තාත්තා මට රටින් ගෙනත් දීපු 18speed මවුන්ටන් බයික් 1න් යන්න permission ඉල්ල ගත්තා.(මගේ තාත්තා මේ කාලේ අපේ සුභ සිද්ධිය තකා හිටියේ රට) මේක පුට් බයික් 1ක් උනාට ඉතින් Full Option. මීටර් 1ක්, සද්ද 8ක් තියන හෝන් 1ක් ත‍ව රත්තරං පාට අං 2කුත් තිබ්බා (ගොනෙක් නෙමෙයි හොදද..අපි ඒ කෑලි 2ට ඉස්සර කිවුවේ එහෙමයි. ඒකෙන් හැන්ඩල් 1ක අල්ලගෙන හිට ගෙන පාගන කොට මාර අතල් 1ක් තියෙන්නේ..දන්නෝ දනිති)


ඔන්න මම හා හා පුරා කියලා ගියා කියමුකො පංතියට.. මෙන්න බොලේ කොල්ලෝ ටික මාව වට කරගත්තනේ..මම ඩිම් උනා.. පස්සේ තමයි මට මීටර් උනේ උන් වට කර ගත්තේ මාව නෙමෙයි මගේ බයික් 1ක කියලා.ඇත්තටම මගේ තාත්තට පිං සිද්ධ වෙන්න ඒ area 1න් ම එහෙම භාණ්ඩයක් තිබ්බේ මට විතරයි..මටත් ඉතින් මාර විදියට 1 වැටුනා..මුන් ටික කොහොම හරි මගේ බයික් 1ටයි එකේ හෝන් 1ටයි මාරම වදයක් දුන්නේ..කොහොම හරි ටිකක් වෙලා ගියා..මම ඒ කාලේ සිරසේ සෙනසුරාදටයි ඉරිදටයි උදේට යන පුංචි පැංචි මාර ආසාවෙන් බැලුවේ..මොකද එකේ ඉස්සර කාටූන් කෑල්ලකුත් පෙන්නුවා..කස්ටියට මතකද දන්නෑ මුල්න්ම පුංචි පැංච් කොරේ කවුද කියලා.. මතක ද...? (ප්‍ර*දි) ම්ම්ම්ම්... මතකනේ දැන්.. ඔන්න මං clz එකේ හිටගෙන ඉන්න කොට ආවා නේද පුංචි පැංචියෙක්.. එයා හරියට ප්‍ර*දි ගේ කපාපු පලුව..මට නිකන් මැජික් වගේ.. මොකක් හරි හේතුවක් නිසා අපි 2නා මූණට මූණ හම්බුනා (මට හේතුවනම් දැන් මතක නෑ) ඒ වේලාවේ ඉදන් මට නිකන් මොකක්දෝ වෙනවා වගේ තේරුනා.. ඔය අතරේ පංතියේ වාඩි වෙන්න කියලා හිටපු ටික්කෙග්ගෙන් අපිට අණ ලැබුනා.. ඒ පංතිය වාඩිවෙන්න තිබ්බේ අපි උඩ කෙල්ලෝ පල්ලෙහා.. ඔන්න දැන් සර් එයා ගැන විස්තර අපිට කිවුවා..ඇත්තටම සර් ‍අපේ තාත්තිගේ යාලුවෙක් නිසා මම සර්ව අදුරනවා..වැඩේ කියන්නේ එයත් මාව අදුරනවා.. මමයි මගේ ස්කෝලෙ පොරකුයි මැද පේළියක හික් මීයෝ 2නා වගේ වාඩි ‍‍වෙලා හිටියා..වැ‍ඩේ කියන්නේ මට අර පැංචි දිහා බලන්නමයි හිතෙන්නේ.. ඔහොම යද්දි මට ඇහෙනවා සර් පංතියෙ නීති රීති එහෙම අපිට කියනවා..

ඔය නීති අතරේ තිබ්බා ගෑණු ළමයිට අනවශ්‍ය කරදර කරල එහෙම අහු වෙන්න එපා කියලා.. පැංචි දිහා මෙච්චර වේලා බලාගෙන හිටපු මගේ ඇස් 2ක ඊට පස්සේ ඉදන් white board 1ක දිහාට හැරුනා.. එක පාරට සර් අහපි "ඩයස් සිස්සත්වෙට ලකුණු කීයද" ඔන්න කොල්ලා දැන් කරකවලා ඇත ඇරිය වගේ.. පංතියේ කස්ටියත් බලපි කවුද යකෝ මේ ඩයස් කියලා..? හද්දෙයියනේ ළමයි 30ක් විතර ඉන්න පංතියෙ මම කොහොම ද නැගිටින්නේ...? ටිකකින් සර් "ඩයස්..." කොරන්න දෙයක් නෑ කොල්ලා ෆුල් ඩම් 1ක දාලා නැගිට්ටා.. මුළු පංතියම මගේ දිහා බලනවා.. ගත් කටටම 140 යි කිවුවා මම වාඩි.. මම 1ක කිවුව විදියට මුළු පංතියම හිනා වුනා.. ඊට පස්සේ පංතියේ ඔක්කෝගෙම ලකුණු ඇවුවා.. අරයට තිබ්බේ 123 වගේ ගාණක්..මට ඉතින් මාර සතුටුයි.. මොකද ම‍ට එයාට වඩා ලකුණු වැඩි නිසා.. කොහොම හරි ඔහොම ඉදලා පංතිය ඉවර උනා.. කෙල්ලෝ ටික ඉස්සසෙල්ලා යැවුවා..(අපි කරදර කරයි කියලා වෙන්න ඇති) ඊට පස්සේ අපි යැවුවා.. මම මොකක්ද කාපූ මොකාද එකා වගේ බයික් 1ක තල්ලු කරන් පාරට ඇවිත් බැලුවා අරයා ඉන්නවද කියලා.. එයා අම්මත් 1ක යනවා.. මම අර අපේ ස්කෝලේ එකාට යන්නම් කියලා මාත් අවා.. අරයයි අම්මයි මම පහු කරන කොටම පොඩි හෝන් පාරකුත් ගහගෙන අං 2න් අල්ලන් හිටගෙන පාගලා විද්දා.. කොහොම හරි මම එද ගෙදර ගියේ ලබන සතියේ පංති යන්නේ කවද්ද කියලයි සෙනසුරාදට පුංචි පැංචි බලන්නේ කවද්ද කියලයි බලාගෙන..

Monday, December 26, 2011

ම්ම්ම්ම්... ඔන්න මාත් 1ක් හැදුවා..

කොහින්ද පටන් ගන්නේ..හරි මුලින්ම My Self ගැන කිවුවොත්, මම සිතිර (කස්ටිය කියන්නේ සිතී කියලා). ගම බෙන්තර ගගෙන් එහා..ඒ කියනේ මාතර. ගියේ රාහුල college එකට, දැන් පුන්චි Graphics Designer කෙනෙක් විදියට වැඩ කරන පොඩි කොල්ලෙක් (පුංචි කිවුවට පුංචිත් නෑ).. උඩින් කිවුවා වගේ මේක මගේ Blog සින්ඩිය.. අද ඉදන් මේක තමයි මගේ හොදම යාළුවා.. මගේ හිතේ තියන ගොඩා..ක් ප්‍රශ්න මේකට කියයි.. එහෙම කියලා මගේ හිත හදාගනියි.. Blog 1ක බලනවකම් බලන කස්ටිය comment 1ක් දාලා යන්න කියලා ඉල්ලනවා..මොකද මගේ දුක අහන්න කවුරුවත් නැත්තම් අත කැඩෙනකන් type කරන එකේ තේරුමකුත් නෑනේ..කොහොම උනත් බලන කට්ටිය බලන්න, නැති කට්ටිය ඒත් බලන්න..ම්ම්ම්..වෙන කියන්න දෙයක් නැනේ ඉතින්... ඉස්සරහට මම කාතා ගොඩක් කියයි..