Thursday, February 16, 2012

(ප්‍රතම) + ප්‍රේමය 01

2005 අවුරුද්ද.. ලබන අවුරුද්දේ O/L.. මතක විදියට ජනවාරි මාසේ අහරුවාදා දවසක්.. මුධුර සර්ගේ සමාජ අධ්‍යනය පංතිය.. තාමාත් අවුරුද්දේ මුල නිසා සතියෙන් සතිය පංතියට අලුත් ළමයි එනවා.. වෙනදා වගේම අපි පංතියට ඇවිත්  කයිය ගගහ හිටියා.. පොල් කට්ටක් පිරෙන්න චූ කරන්න බැරි මම කෙල්ලෙක්ගේ පස්සෙන් යෑම ‍  වගේ ෆන් 1ට කෙල්ලෝ පස්සේ ගියත් මේ වෙනකන් මට සිරා කෑල්ලක් හිටියේ නෑ.. හැම මගුලටම යාළුවෝ හිටිය නිසා මට 1ක එච්චර ගානක් උනේ නෑ.. 10 වසරට එනකම් කොල්ලා ෆුල් ආතල් එකේ හටියේ..

ඒත් එදා හවස ඒ හැමදේම වෙනස් උනා.. මමයි මගේ යාළුවයි හමුදා බංකරයක් වගේ තියෙන අපේ පංතියේ කාර්ඩ් මාර්ක් කරන අයියා ඉන්න මඩුව වගේ 1කේ ඇතුලට වෙලා හිටියා.. ඔව් ඒ වෙලාවේ එයා ආවා.. එයාගේ අම්මත් 1ක සර්ව හම්බවෙන්න උඩහට ගියා.. මම එයාව හරියටම දැක්කේ නෑ.. නමුත් මට මහා අමුත් හැගීමක් ආවා.. එයාව දැක්කේ මම විතරයි.. එයා පංතියට එනකං මම මඩුවේ ඇතුලට වෙලා හිටියා..

ටික වේලාවකින් එයාව පංතියට දාලා අම්මා ගියා.. ඒ මොහොතෙම  කාර්ඩ් මාර්ක් කරන අයියා කිවුවා,

"අ‍ඩෝ, අර බලපං අලුත් කෑල්ලක් අවිත්"

ඌ ඒක කියද්දිම මම ඌගේ මූණ දිහා කන්න වගේ බැලුවා, ඇත්තම කිවුවොත් මට බැලුනා. ජීවිතේටම අදම දැකපු, එක වචනයක්වත් කථා කරලා නැති එයා නිසා මාව වෙනම ලෝකෙක හිර ඌනා..

"ඩයස් පංතියට යමු.." කියාගෙන සර් ආවා.. මමත් එහෙම්ම පංතියට ගියා..


ඔය තිබ්බේ අපි පංතියේ වාඩිවෙලා තිබුනු විදිය.. මේ 10 වසරේ පංතියක්.. ඒක නිසා ළමයි පොඩ්ඩයි.. ඉතින් පළවෙනි විනාඩි කිහිපය ඔහේ ගෙවිලා ගියා.. සර් බොර්ඩ් එකේ ලියන කොට මම හොරාට එහා දිහා බැලුවා.. ඇදන් ඇවිල්ලා තිබ්බේ සුදු පාට බ්ලවුස් 1ක්.. ඇත්තටම ගොඩාක් ලස්සනයි.. පංතියේ තියෙන්නේ පැය 2ක් උනත් මම 4,5ස් සැරයකට වඩා මම එයා දිහා බැලුවේ නෑ.. මට බය හිතුනා එයා මොනවා හරි දැනගත්තොත් ආයි පංති එන 1ක් නෑ කියලා.. මොකද අද ප‍ලවෙනි දවසනේ..

එදා පන්තියේ ඉගැන්නුවේ මොනවද කියලවත් මම දන් නෑ..කොහොමින් හරි ඒ සුන්දර පැය 2ක ඉවර වෙන්න තව විනාඩි 5ක් වගේ තිබ්බේ.. අපේ සර් පුරුද්දක් විදියට පංතිය අන්තිමට එදා දවසට උගන්නපු දෙවල් වලින් ප්‍රශ්න 2ක් අහනවා. ඒ කට ඉතින් නැගිටල උත්තර දෙන්න ඕන.. සාමාන්‍යයෙන් සර් ප්‍රශ්න අහන්නේ පිටිපස්සෙම ඉන්න සෙට් වලින් තමයි.. සර්ට මගේ වෙනසක් තේරිලාද මන්ද එදා ප්‍රශ්නේ ඇහුවේ මගෙන්.. පංතිය පටන් ගත්තු දවසේ ඉදන් මම පංති ආවත් එදා වෙනකන් මගෙන් එහෙම ප්‍රශ්න අහලා නෑ.. මොකද මම ඉතින් 1ක දාගෙන හිටපු හින්දා.. මගේ පූර්ව කරුමෙකට එදා මගෙන්ම ඇහුවා.. මම නැගිටලා මුලින්ම බැලුවේ එයා දිහා.. ඇත්තටම මම එදා හිටියේ පංතියේ නෙමෙයි.. මම ආයි සර් දිහා බලලා ප්‍රශ්නේ මොකක්ද කියලා ඇහුවා..(මට ප්‍රශ්නෙ නම් දැන් මතක නෑ) සර්නුත් අමුතු හිනා පාරක් දාලා ආයි ප්‍රශ්නේ කිවුවා.. කරුමේ කොච්චර උනත්,තිබ්බ පොඩි පිනකට යාළුවගෙන් සර්පෝර්ට් 1ක් ලැබුනු නිසා උත්තරේ කියලා යන්තම් ශේප් උනා..

උත්තරේ දීලත් මම එයා දිහා බැලුවා..ම්ම්ම්ම්... එයා මාත් 1ක පලවෙනි පාරට හිනා වුනා.. ප්‍රශ්නෙ අහද්දි ඒ වගේ මාත් 1ක හිනා වුනානම් මම ම අනිවා උත්තරේ දෙනවා.. උත්තරේ දුන්නට පස්සේ සර් කියනවා
"කොල්ලා අද හිටියේ පංතියේ නෙමෙයි වගේ.." මගෙත් ඉතින් කට හොද නෑනේ.. මමත් කිවුවා
"ඇයි එහෙනම් ප්‍රශ්ාන් ඇහුවේ කියලා.." පංතියම හිනා.. එහෙම්ම පංතියත් ඉවර උනා.. වෙනදට නම් පංති ඉවර වෙලා අන්තිම වෙනකන් ‍ඉදලා සර් එක්කම පල්ලෙහාට බහින සෙට් 1ත් එක්ක ඉන්න මම, එදා බයික් එකත් අරං ඉක්මනටම පාරට ගියේ එයා යන්නේ කොහොමද කියලා බලන්න.. එයා ගියේ සුදු පාට වෑන් එකක.. ඒ දැක්ක පාර මට හිතුනේ හා හා පුර කියලා අල්ලන අත්ත බර වැඩි වෙයි ද කියලා.. මොකද අපේ අහිංසක තාත්තට තිබ්බේ මෝටාර්සයිකලයක් විතරයි...

ප/ලි : මේ කථාව මෙගා එකක් වෙයි සමහරවිට. මොකද 2005 පටන් ගත්ත මේ කථාව අද වෙනකන් යන කථාවක්.. (කථාවේ පොඩි ඉගියකුත් දුන්නා ඔන්න..)

12 comments:

  1. එහෙනම් ප්‍රථම ප්‍රේමය අවසාන ප්‍රේමය වෙලා වගේ..

    ReplyDelete
    Replies
    1. අවසානයට මොනවා වෙයිද දන්නේ නෑ... අපි බලාගෙන ඉමු නේද..?

      Delete
  2. හෆ්ෆා... මෙගා කතාවක්?? නියමයි..අපි බලමුකෝ...ඊලඟ කොටස එනතුරු නොඉවසිල්ලෙන්..

    ReplyDelete
    Replies
    1. ඔහොම ඉන්නකෝ... වැඩක නැති උන ගමන් දානවා..

      Delete
  3. එහෙනම් පහුගිය දවස් ටිකේ මහ ඉහලින් සමරන්නත් ඇති !!
    මරු මරු !!!
    මෙගාවක් උනත් කමක් නෑ ! කියවමු

    ReplyDelete
  4. ආහ්හ්... ඔහොම ඉන්නකෝ ඉක්මනටම දානවා..

    ReplyDelete
  5. මෙකෙ ප්‍රතම කිව්වෙ එහ්නම් එක්කො මෙක දෑන් නෑතිව ඈති... කෙසෙ වෙතත්, මෙක අපි ඉස්කොලෙ යන කාලෙ උම්බට හරි ගිහිපු එකද (එ කතාවත් වෙලාවක මෙකෙ දාන්න අදහසක් තියෙද?)...

    ReplyDelete
  6. අහ්හ් ඔන්න මුලින්ම ආව වතාව, දැක්ක පොස්ට් එකෙන් මේ පැත්තට ආපහු එන්න හිතුනා...

    ReplyDelete
  7. බොහොම ස්තූතිය වර්ණා.. දිගටම රැදී ඉන්න කියලා ආරාධනා කරනවා..

    ReplyDelete
  8. දෙවනි එකෙන් කියවන්න පටන් ගත්තා දැන්නමි දිගටම කියවනවා කොටස් දෙදාහක් ලිව්වත් හරි

    ReplyDelete

පුලුවන් හැටියට ඔන්න ලිවුවා.. අදත් පොඩි සප් එකක් දීලා යන්න..