Wednesday, March 28, 2012

(ප්‍රතම) + ප්‍රේමය 04


ඉතින් ඔහොම කාලය ගෙවිලා ගියා.. සදුනි වෙනද වගේම පංති ආවා.. මේ වෙන කොට මම සදුනිට සිරාවටම try කරනවා කියලා දැන ගෙන හිටියේ පවන්තයි, උගේ කෑල්ල පවනි විතරයි.. අනිත් උන් දැනගෙන හිටියේ මම නිකන් ආතල් එකට පස්සෙන් යනවා කියලා විතරයි.

මේ වෙද්දි මම කොමර්ස් වලට පංති ගියේ නෑ.. මොකද O/L වලට තව ගොඩක් කල් තියන නිසා මටත් එච්චර ගාණක් උනේ නෑ.. හැබැයි අම්මගෙන් තිබ්බ වදේට මම කොමර්ස් පංතියකටත් ගාටන්න පටන් ගත්තා.. පංති තිබ්බේ සෙනසුරාදා උදේ.. මමත් ඉතින් පංතිටට ගිහින් වාඩි වෙලා හිටියා.. මගේ ෆිට් බුවාලා කවුරැවත් නෑත උන් යන්නේ මේ සර් ගෙම ඉරිදා තියන පංතියට.. ස්කෝලේ බුවාලා දෙතුන් දෙනෙක් හිටිතයත් උන් මගේ බොක්කේ සෙට් 1කේ උන් නෙමෙයි.. මමත් ඉතින් මගේ පළවෙනි දවස නිසා අන්තිම පේළියේ වාඩ් වෙලා හිටියා..

කොල්ලෝ ඉන්න පේළි වල‍ට එහා පැත්තේ තමයි කෙල්ලොන්ගේ පේළි තිබ්බේ.. පංතියට enter වෙන්නත් තියෙන්නේ පංතිය පිටි පස්සෙන්.. සර් පංතිටය ආවත් එනකං දන්නේ නෑ.. කෙල්ලෙක් එනකොට උනත් පිටි පස්ස හැරිලම බලන්න ඕන. එහෙම එහෙම කෙල්ලෙක් බලන්න චාන්ස් එක හම්බෙන්නෙත් අඩුවෙන්.. කොල්ලෝ පංතියට යන්නේ පටන් ගන්න විනාඩි 5ක් වගේ තියලා.. මොකාද එකා වගේ පංතිය වටේ ඔලුව හරව හරව ඉන්නකොට තව එකෙක් ඇවිත් මගේ පේළියේ වාඩි උනා..

“කීයටද මචං පටන් ගන්නේ...?”

මූත් මම වගේ අද මේ පැත්තට ආපු එකෙක්..

“8ට තමයි බං පටන් ගන්නවා කිවුවේ.. කොහොමද දන්නෑ මාත් අද තමයි මචං ආවේ..”

ඌත් එක්ක චැටක් දාගෙන ඉන්න කොට ටිකක් මාත් එක්ක ෆිට් උනා.. ටිකකින් සර් ආවා.. ළමයි ඔක්කොමලා නැගිටලා ආයුබෝවන් කිවුවා.. දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවා වගේ...

“ සදුනි ”



මට ඉබේටම කියවුනා.. කෙල්ලොන්ගේ 3වෙනි පේළියේ කොනේ මෙන්න මෙයා වාඩි වෙලා ඉන්නවා.. මාව කරකවලා අතඇරියා වගේ.. ඒ වගේ ෆට්ටම සතුටුයි.. එයා මාව තාම දැක්කේ නෑ.. මාව දකින්න නම් එයා ඕනි කමින් පිටි පස්ස හැරිලා බලන්න ඕන.. සර් ගාණක් දීලා අපි ලගට ආවා..

සර් : “අද ද ආවේ...?”

මම : “ඔව් සර්”

සර් : “උබේ ස්කෝලේ කොහේද..? මොකෝ මෙච්චර වේලාසනින් පංති අවේ ආ..?”

සර් නෝන්ඩියක් දාගෙනම මගෙන් එහෙම ඇහුව..

මම : “ම්ම්ම්.. රාහුලේ සර්,”

“ ඒකත් එහෙමද.. කමක් නෑ තමුසෙලා දෙන්න අනිත් දවසේ ඉස්සරහයින් ඇවිත් වාඩි වෙනවා.. මට ‍ඔච්චර දුර කෑ ගමන්න බෑ බං..” කියා ගෙන සර් ඉස්සරහට ගියා..
සර් අපිත් එක්ක කථා කරේ හිම්න් නිසා අනිත් ළමයිට ඒක එච්චර නෝට් උනේ නෑ.. මගේ එහා පැත්තේ හිටපු එකා ජනාධිපති එකේ පොරක්.. 

8  තිබ්බ පංතිය 10ට ඉවර උනා.. පොත් 2ක රෝල් කරං පෑන් 2ත් සාක්කුවට දාගෙන මම බයික් 1ක ගාවට ගියා පට්ට බඩගින්නක් තිබ්බ නිසා ඉක්මනට ගෙදර යන්න.. බයික් 1ක හරවලා ගේට්ටුව ගාවට ගනිද්දිම “සදුනි” 

ඔව් සදුනි, මම දිහා බලලා කට කොනින් හිනාවක් දාලා යන්න ගියා. එයා ගේට්ටුවෙන් ගියාත් එක්කම මාත් එයාගෙ පස්සෙන් බයික් 1ත් තල්ලු කරන් ගියා.. සමාජ අධ්‍යයන පංතියට වෑන් එකෙන් එන මෙයා දැන් යන්නේ මාර්ච් එකක.. අයියෝ සල්ලි.....
එයා ගියා.. ම‍ට ඉතින් මොන කාර් ද මගේ ෆුට් බයිසිකලෙන් අලුත සෙට් උන යාලුවත් නග්ගන්, ඌව බස් හෝල්ට් 1ට දාගෙන මමත් ගෙදර ගියා..


ඔය විදියට මාස 2ක් විතර ගියා.. ඒ වෙනකං සදුනිට මම try කරනවා කියලා ආරංච් වෙන්න මම ඉඩ දුන්නේ නෑ.. ඒත් මගේ හිත මට නොදැනිම මම මාර පිස්සෙක් කරා.. පිඩම් කරත් ෆෝන් එක දිහා බලන් හිටියේ කවදා මේකට සදුනිගෙන් කෝල් 1ක් එයිද කියලා..

අන්තිමට මම තීරණයක් ගත්තා.. මම මගේ නෑනට කිවුවා සදුනිගෙන් මම ගැන අහන්න කියලා.. කැමති නම් එහෙ‍මයි නැත්තම් මමත් හිත හදාගෙන පාඩම් කරන්න ගන්නවා කියලා..
අපි මෙතනදී මගේ නෑනට “සචී” කියලා කියමු..

මම සචීට ඕක කිවුවේ එයා අපේ ගෙදර ආපු වෙලාවක.. එදා ඉරිදා දවසක්.. සචී සදුනිගෙන් අහන්නේ සදුදාට තමයි.. ඒත් මට උත්තරයක් දැන ගන්න වෙන්නේ සෙනසුරාදට..

ඔන්නම මහා බාලාපොරොත්තු ගොන්නක් තියා ගෙන විද්‍යාව පංති ගියා.. සචී ඇවිත් හිටියා.. මම ගිහින් ඇහුවා.. මමයි සචීයි අයියයි නංගියි කියලා පංතියේ හැම 1ක් ම දැනගෙන හිටියේ.

මම : සදුනිගෙන් ඇහුව ද..?

සචී : ම්ම්ම්.. ඇහුවා.. එයා එක පාරම බය උනා සුදු අයියේ (මට කියන්නේ එහෙමයි)

මම : ඊට පස්සේ..?? එයා ඇඩුවෙ එහෙම නෑනේ..? මුකුත් උත්තරයක් දුන්නේ නැද්ද..

සචී : “හා” කියලා කිවුවේ නෑ.. බලමු කියලා කිවුවා.. එයාට බයයිලු සුදු අයියේ..

ඔන්න ඔහොමයි උනේ.. බයවෙන්න මම යකෙක් ද නේද.. පස්සේ මේ සීන් එක මම මගේ අති ජාත මිත්‍ර පවන්තයට කිවුවා.. 

“ හු*** බලමු කියන්නේ කොළ කොඩිය.. නවත්තන් නැතුව මෙච්චර කල් හිටපු විදියට හිටපන්.. මම ඉතුරු ටික පවනිට කියලා කරලා දෙන්නම්.”

ඌ කිවුවේ ඔහොම.. මගේ අම්මයි තාත්තයි දන්නව නම් මූ මට මේවට බොක්ක දෙනවා කියලා අපේ ගෙදර පස් පාගන්න දෙන 1ක් නෑ.. හික්ස්..
සචී සදුනිගෙන් ඇහුවට පස්සේ කොහොම හරි එයාලගේ ස්කෝලේ වැඩේ ටිකක් ලීක් වෙලා තිබ්බා.. ඒ වෙනකොට මගේත් තව යාළුවෝ පස් හය දෙනෙක් සීන් 1ක දැනගෙන හිටියා..

*ප/ලි : මේ දවස් වල පට්ට බිසී අෆ්ෆා.. මූණූපොතට එන්නේ හිටපු ගමන්.. එකයි පරක්කු කථාව දාන්න..  ආ.. 22 කස්ටිය ඔක්කොද එනවා නේද..?

Thursday, March 1, 2012

(ප්‍රතම) + ප්‍රේමය 03

(ප්‍රතම) + ප්‍රේමය 01

(ප්‍රතම) + ප්‍රේමය 02

ම‍‍ට රෑ 7ට විතර මුගෙන් කෝල් 1ක් ආ‍වා.. මම ගත් කටටම ඇහුවේ මොකද බං උනේ කියලා.. මූ බොරුවට දෙපාරක් තුන් පාරක් වගේ හලෝ හලෝ කියලා..

"අඩෝ මාර සීන් එක බං.. උඹට ඒකි හර්යන් නෑ බං........."


-------------------------------------------------------------------------------------------------
මූ ඔහොම කියලා ෆෝන් 1ක කට් කරා..මම කලින්නුත් කිවුවනේ මේ ගොතයට ෆෝන් 1ක් තිබ්බේ නෑ කියලා.. මූ මට කතා කරේ ලෑන්ඩ් එකෙන් නිසා මට ආයි ගන්නත් බෑ.. මොකද අන්සර් කරන්නේ ටීචර්..(පවන්තගේ අම්මා අපේ ස්කෝලෙම ටීචර් කෙනෙක්) අනිත් එක outgoing කැපෙනවනේ පලු යන්න..

මොන මගුලක් වෙලාද කියලා දැන ගන්නන වෙන්නේ හෙට උදේට ස්කෝලේ ගියාම තමයි.. මොනවද කෑවම ඉවසපන් පූසෝ කිවුවා වගේ මාත් උදේ වෙනකන් මොකාද වගේ හිටියා.. සුපුරුදු පරිදි සුදු කලිසමයි, අත් දිග ෂර්ට් 1ක නවලා ඇදලා ගාලු පාරෙන් ඇවිත් කාලිදාස පාරේන් සුයාමේ පාජාතේට යන කෙල්ලෝ දිහාත් බල බල ආතල් එකේ යන කොට මම දැක්කා පවනිත් යනවා.. වෙනද නැති අමුතු නොන්ඩි හිනාවකුත් දැම්මා.. අර මූසලයා මොනවා කිවුවද මන්ද..

ගියා ස්කෝලේට.. පවන්ත ප්‍රීරිෆෙට් කෙනෙක් නිසා මූ පංතියට එන්නේ ගථා කියලා පළවෙනි පීරියඩ් එක පටන් ගන්න ඔන්න මෙන්න තියලා.. කොහොම හරි ටිකකින් මූ පංතියට ආවා..සිංහල ටීචර් පන්තියේ හිටපු නිසා මට තව පැයක් යනකන් මුගෙන් මුකුත් අහගගන්න වෙන්නේ නෑ.. හැබැයි මූ මම ලගට වෙලා මහා ගූපාඩි විදියට හිනා වෙවී ඉන්නවා.. ඒක ඉතින් පවන්තයගේ උප්පත්තියේ ඉදන් ආපු කේස් 1ක් නිසා මාත් ගනන් ගන් නැතුව හිටියා.. දැනුත් මූ එහෙම තමයි.. හැබැයි කට ඇරියොත් $%^&* තමයි..

1st බෙල් එක ගැහුවා.. පාඩම ඉවරාායි.. දැන් තියෙන්නේ රෙජිස්ටර් මාර්ක් කරන්න..  දැන් තමයි වේලාව..

"මොකක් ද **** ඊයේ කිවුව එකේ තේරැම...?"

"මාාර කේස් එකනේ බං... ඒකිට කොල්ලෙක් ඉන්නවලුුු.."

"නෑෑ.. සිරාවටද ***..? පවනිට හොදටම ෂුවර්ලුද..?"

මම ඒ ටික කියලා ඉවර වෙනවත් එක්කම මූ කලිසම් සාක්කුවෙන් ලියුමක් වගේ 1ක් එලියට ගත්තා...

"සිතිර.. "  ආ... ප්‍රර්සන්ට් ට්චර්..."

ඇත්තටම ඒක ලියුමක් වගේ කිවුවට ලියුමක්ම තමයි.. ඒ උනාට ලියුමකුත් නෙමෙයි ඒක බයෝ ඩේටා වගේ එකක්..

සම්පූර්ණ නම : $$$$$$ $$$$$$$ $$$$$$$
උපන් දිනය : ‍$$ $$ $$$$
ෆෝන් 1ක් නෑ, ගෙදර නම්බර් එක : *** ******** කථා කරන්න එපා..
තාත්තා අහවලා.. අම්මා අහවලා...
-------------------------------------------------------------------------------------------------

කොහොමද විස්තර.. යකෝ CID එකට වඩා quick.. කෙල්ලෝ නම් කෙල්ලෝම තමයි ඉතින්.. තව මොනවදෝ තිබ්බා..

ආ බ්‍රයිට් කේස් එකක් කියලත් තිබ්බා..  ඩබල් රූල් කොලේ එක පැත්තක් ඉවරයි.. එත් අනිත් පැත්තේ තව මොනාහරි ලියලා තිබ්බා.. ඒත් මු මට ඒක පෙන්නන්නේ නෑ.. ඒ එක්කම 2nd බෙල් 1ත් ගැහුවා.. මාත් ටීචර් පන්තියෙන් යනකන් හිටියා..මං ඒ අතරේ පවන්තගෙන් ඇහුවා අනිත් පැත්තේ තියෙන්නේ පවනි උඹට ලියලා තියන දෙයක් ගැනද...? නැත්තම් මට සදුනි ගැන ලියලා තියන දෙයක් ගැනද කියලා..? මොහෙද මූ මට ඒකට උත්තර දෙන්නෙත් නෑ.. මාත් ඉතින් කමක් නෑ කියලා ඉවසන් හිටියා.. මගේ මූඩ් හොදටම අවුල් අරෑ කිව්ව "මාාර කේස් එකනේ බං... ඒකිට කොල්ලෙක් ඉන්නවලුුු.." මේ කථාවට..

ඒ අතරේ මූ අරක මට හොරාට බල බල මම දිහා බලන් හිනා වෙනවා.. ඒ එක්කම ටීචර් යන්න නැගිට්ටා.. ටීචර් දොරෙන් එලියට ගියා විතරයි..මූත් එක්ක පොර කලා ලියුමේ කෑල්ලකුත් ඉරා ගෙන මම ලියුම ගත්තා...
ඒකේ තිබ්බේ,

"සදුනි නම් තාම කාත් එක්කවත් යාලු වෙලා නෑ.. යාලු වෙයිද කියලා කියන්නත් බෑ.. එයා විතරයි පවුලේ ඉන්නේ.. ඒක නිසා ගෙදරින් ගොඩක් එයා ගැන හොයනවා..."

අම්මෝ.. මට ඒ වේලාවේ ආපු ගැම්ම නම් කියලා වැඩක් නෑ.. ආපු සතුටට අරූගේ පිටට ඩෝං... ගාලා පාරකුත් ගහලා තමයි සතුට පිට කරේ.. හැබැයි ඊට යටින් තව කථාවක් තිබ්බා මෙහෙම...

"අයියෝ පවන්ත, සිතිරට වෙන හොයා ගන්න කවුරුවත් ඉදලම නැද්ද.. සිතිර ගෙන් අහන්නකෝ වෙන කවුරුහරි අපි හොයලා දෙන්නද කියලා..?"

ම්ම්ම්ම්.. ඇත්තටම මට ඒ කථාවට නම් දැන් පොඩ්ඩක්වත් දුක නෑ.. 2006 දී එයාලා හොයලා දුන්න කෙල්ලෙක් එක්ක මම යාලු උනානම් මම මෙලහකට ලොවෙත් නෑ..

කොහොමින් කොහෙමහරි ඒ වෙලාවේ ඉදන් මම සදුනිට තව තවත් ආදරේ කරන්න ගත්තා.. හැබැයි ඒක මගේ පැත්තෙන් විතරක් තිබ්බ ඒක පාර්ශවික ආදරයක් විතරයි...