Wednesday, June 6, 2012

අයියා, චුට්ටක් ඉන්න..චුට්ටක් ඉන්න..

දෙහිවල සිට බත්තරමුල්ලට යන 163 බස් එකක වෙච්ච කථාවක්..

බස් රථයේ කොන්දොස්තරට හිටියේ සාමාන්‍ය තරැණ වයසේ ඉන්න කොල්ලෙක්.. පොර බැලූ බැල්මට සාමාන්‍ය මනුස්සයෙක්.. ඒත් පොරගේ කථා ශයීලිය ටිකක් අමුතුයි.. හරියට දෙමළ පොරක් සිංහල කථා කරනවා වගේ.. බස් එක විලියම් හංදියට එනකොට ටිකට් දෙන්න පටන් ගත්තා..



"අක්කා... සල්ලි ගන්න අක්කා.."
"රුපියලක් දෙන්න අක්කා..... බහිනකොට දෙකක් ඉල්ල ගන්නකෝ.."

ඔන්න ඔහොමයි මිනිහා කථාකරන විදිය.. අදිනවා ඇදිල්ලක් හිනා යනවා නිකන්ම.. ඒ වෙද්දි බස් එකේ හිටියේ මිනිස්සු 10ක් 12ක් වගේ තමයි..  මට වඩා අවුරුදු 3ක් 4ක් වැඩිමල් වගේ වගේ පෙනුනත් පොර මටත් කථා කරේ,

"අයියා.. කොහාටද...?"

බොහොම අමාරුවෙන් හිනාව නවත්තන් සල්ලි දීලා මම පාර පැත්ත බලන් ආවා.. හෙදම ටික පටන් ගත්තේ නුගේගොඩ හංදියෙන් පංති ඉවර වුන කෙල්ලෝ, කොල්ලෝ සෙට් එකක් නැග්ගට පස්සේ.. කොල්ලෝ සෙට් එක නගින කොටම කථා වෙවී නැග්ගේ "අඩෝ අරූ ඉන්න බස් එක" කියලා.. මේ මනුස්සයට මෙහෙම හිනා වෙන එක පව් වුනත්, ඌ කියන වචන ඇහෙන ඕන එකෙක්ට හිනා යනවා..

මගේ ඉස්සර හිටිය නුගේගොඩින් නැග්ග නංගිලා දෙන්නෙක් කටවල් අල්ලන් හිනවෙනවා මම බලාගෙන ඉදලා බැරිම තැන මම හෙඩ් සෙට් එක අරං කනේ ගහගත්තා..

හැබැයි පොර අර පොඩි කෙල්ලො දෙන්නගෙනුත් සල්ලි ගත්තේ

"කියන්ඩ අක්කා... කොහාටද...?"