Showing posts with label අනං මනං. Show all posts
Showing posts with label අනං මනං. Show all posts

Wednesday, August 29, 2012

බලාපොරොත්තුව

සාමාන්‍යය මිනිහෙක් මහජන සම්පතක් ගන්නේ එදා‍ට තියන කෝටි 10 ඇදෙයි කියලා හිතාගෙන නෙමෙයි..

විභාග කාලේ පොතක් වත් අතින් අල්ලන්නේ නැතුව, යාලුවෝ සෙට් එකත් එක්ක අම්බානෙක පිස්සු කෙළලා අගෝස්තු වල විභාගෙට ලියන්නේ A3ක් අරං කැම්පස් යන්න හිතන් නෙමෙයි..

රැවුලයි, කොන්ඩෙයි වාවාගෙන බටා කෑලි දෙකක් දාගෙන බොක්කුවක් උඩ ‍ඉන්න එකාට කවදාවත් කිරි ටොයියා කෑල්ලක් සෙට්  වෙයි කියලා ඌ හිතන්නේ නෑ...

1100 එකක් පාවිච්චි කරපු එකා එකෙන් msg කරන ගමන් I pod එකෙන් සිංදු අහන එකා දිහා බලාගෙන ඉන්නේ ඌට ඉරිසියා කරන්න නෙමෙයි..

ෆුට් සයිකලෙන් යන එකා, පාරේ ඌට වඩා සිය ගුණයක් වේගෙන් ‍යන වාහන දිහා බලන්නේ, උන්ට වෛයිර කරන්නත් නෙමෙයි...

----------------------------------------------------------------------------------------------



රු. 20ක් දීලා මහජන සම්පතක් ගත්තට ඒ මනුස්සයගේ යටි හිතේ පුංචි හරි බලාපොරොත්තුවක් තියනවා
"මට මේකෙන් රු.100ක් හරි ඇදෙයි කියලා "

එකක්වත් හරියකට පාඩම් කරේ නෑ කියලා තමන්ගේ හිත හොදටම දැන ගත්තත් පේපර් එක අතට ගත්ත ගමන් දන්න ටික හරි පුලුවන් තරම් හොදට ලියන්නේ උගේ බලාපොරොත්තු කෙසේ වෙතත්, අහිංසක අම්මගෙයි තාත්තගෙයි බලපොරොත්තු කොහොමහරි ඉෂ්ට කරන්න හිතාගෙන

බොක්කුව උඩ ‍ඉන්නකොට, උගේ ඉස්සරහින් යන කපල් දිහා බලාගෙන ඉන්නේ ඉරිසියාවට නෙමෙයි.. "මමත් මෙහෙම කෙල්ලෙක් එක්ක ඇවිදින්න යන්නේ කවද්ද කියලා" හිතන පුංචි අහිංසක බලාපොරොත්තුවක් එක්ක.

I pod එකක් පාවිච්චි කරන එකාට වඩා එකේ වටින කම දන්නේ 1100 එකක් පාවිච්චි කරන කොල්ලා.. එත් "මම I pod එකක් කවදා ගන්න ද කියලා හිතුවත්", මිනිහගේ හිතේ I pod එකක බලාපොරොත්තුව නැති වෙලා යන්නේ නෑ..

අතේ තියන රු.10 වියදම් කරලා හරි තමන්ට තියන ෆුට් බයිසිකලේ පුලුවන් තරම් හොදට හදන්නේ බයිසිකලේට තියන ආදරේට.. ඒත් ඒ පුද්ගලයට කාගේ හරි වාහනයක් එක විනාඩියකට හරි එළවන්න තියන ආසාව / බලාපොරොත්තුව දන්නේ උගේ හිත විතරයි..

Wednesday, June 6, 2012

අයියා, චුට්ටක් ඉන්න..චුට්ටක් ඉන්න..

දෙහිවල සිට බත්තරමුල්ලට යන 163 බස් එකක වෙච්ච කථාවක්..

බස් රථයේ කොන්දොස්තරට හිටියේ සාමාන්‍ය තරැණ වයසේ ඉන්න කොල්ලෙක්.. පොර බැලූ බැල්මට සාමාන්‍ය මනුස්සයෙක්.. ඒත් පොරගේ කථා ශයීලිය ටිකක් අමුතුයි.. හරියට දෙමළ පොරක් සිංහල කථා කරනවා වගේ.. බස් එක විලියම් හංදියට එනකොට ටිකට් දෙන්න පටන් ගත්තා..



"අක්කා... සල්ලි ගන්න අක්කා.."
"රුපියලක් දෙන්න අක්කා..... බහිනකොට දෙකක් ඉල්ල ගන්නකෝ.."

ඔන්න ඔහොමයි මිනිහා කථාකරන විදිය.. අදිනවා ඇදිල්ලක් හිනා යනවා නිකන්ම.. ඒ වෙද්දි බස් එකේ හිටියේ මිනිස්සු 10ක් 12ක් වගේ තමයි..  මට වඩා අවුරුදු 3ක් 4ක් වැඩිමල් වගේ වගේ පෙනුනත් පොර මටත් කථා කරේ,

"අයියා.. කොහාටද...?"

බොහොම අමාරුවෙන් හිනාව නවත්තන් සල්ලි දීලා මම පාර පැත්ත බලන් ආවා.. හෙදම ටික පටන් ගත්තේ නුගේගොඩ හංදියෙන් පංති ඉවර වුන කෙල්ලෝ, කොල්ලෝ සෙට් එකක් නැග්ගට පස්සේ.. කොල්ලෝ සෙට් එක නගින කොටම කථා වෙවී නැග්ගේ "අඩෝ අරූ ඉන්න බස් එක" කියලා.. මේ මනුස්සයට මෙහෙම හිනා වෙන එක පව් වුනත්, ඌ කියන වචන ඇහෙන ඕන එකෙක්ට හිනා යනවා..

මගේ ඉස්සර හිටිය නුගේගොඩින් නැග්ග නංගිලා දෙන්නෙක් කටවල් අල්ලන් හිනවෙනවා මම බලාගෙන ඉදලා බැරිම තැන මම හෙඩ් සෙට් එක අරං කනේ ගහගත්තා..

හැබැයි පොර අර පොඩි කෙල්ලො දෙන්නගෙනුත් සල්ලි ගත්තේ

"කියන්ඩ අක්කා... කොහාටද...?"

Monday, May 14, 2012

෴ ඔබා මාමා ෴

ඊයේ උදේ මූණූ පොතට ආපු ගමන් දැක්ක දෙයින් මම හිතුවේ ඔබා මමාට අලුත්ම මඩ ව්‍යාපාරයක් යනවා‍ කියලා.. ඒත් ඒ ආතල් සිතුවිල්ල විනාඩි 2ක 3කින් දියවෙලා ගියේ මාරගේ පෝස්ට් එක දැක්ක ගමන්..

ඇත්තට කොහොම විශ්වාස කරන්න ද.. වචන පහ දහයකට ව‍ඩා අපි කථා කරලා නැති උනත් ඔබා මමා නියම මනුස්සයෙක් කියලා මම දැනගෙන හිටියා..

අපේ මේ බ්ලෝග් ජීවීතයේ ඔබා මමා අපිට කාවද අමතක වෙන එකක් නම් නෑ.. ඒත් ලබන 19 වෙනිදට එන ඔබා මමාගේ උපන් දිනේට අපි කාටද සුභ පතන්නේ....?


Tuesday, April 24, 2012

අනේ අනේ.. මෙහෙමත් නැටිල්ලක්...

කට්ටිය කියවන් ඇතිනේ මම ඔෆීසියත් එක්ක මළ පැනලා දාපු පෝස්ට් එක.. පස්සේ ඉතින් හා හා පුරා කියලා අපිට 10 වෙනිද නිවාඩු හම්බුනා.. ආයි පටන් ගන්න‍වා කිවුවේ 23 වෙනි සදුදා.. කොච්චර බැන්නත් අපේ ඔෆීසිය කොච්චර හොදද කියලා තේරැනේ පස්සේ.. මොකද මගේ අනිත් ඔෆීසි වල ඉන්න යාළුවෝ හැමෝටම වගේ පටන් අරං තිබ්බේ 18,19 වගේ.. ඉතින් මමත් ආතල් එකේ 11 වෙනිද ගෙදර ගිහින් මකුලු දැල් කඩලා ගෙවල් හොදලා, වැඩක් නැති හැම කුණු ගොඩක්ම පුච්චලා අවුරුද්දත් කාලා.. නැ නෑ මාව අවුරුද්ද කලා 21 හවස ආවා කොළඹ..

ඔව් ඔව් 21 ආවේ 22 සයිබර් අවුරුදු උත්සවේට යන්න ඕන නිසා.. 21 රෑ 10 වෙනකුනුත් බලන් හිටියා මගේ ඊයට රෙජිස්ටර් නම්බරේ එනකං.. මොන නෑ.. ඕන මගුලක් වෙන්න කියලා නිදාගත්තා..

උදේ 7ට එලාම් 1ක වැදුනත්, තව විනාඩි 5ක් ඉදල නැගිටිනවා කියලා නැගිටින කොට 8යි.. නියම විනාඩි පහ.. කුණු කෙළ පිටින්ම මැෂිම ඕන් කරලා ඊය චෙක් කොරලා බැලුවා.. මොන නෑ.. දැන් ඉතින් යන්නත් මොකක් ද වගේ.. මම හිතුවේ මගේ බ්ලෝග අලුත් නිසා මට එවලා නැතුව ඇති කියලා.. 23 එන්නේ නැතුව ගෙදර ඉදන් 21 ආවේ මේ මගුලටම යන්න ඕන නිසානේ කියලා හිතාගෙන යන්න ලෑස්ති උනා..

ලෑස්ති වෙලා ඉවර වෙනකොටත් 9යි.. එන්න කියලා තිබ්බෙත් 9ට නේ.. කොහොමින් හරි උදේටත් බඩ‍ට ඔම්ලට් බන් එකකුයි අලිගැට පේර ජූස් එකකුයි දාගෙන නැග්ගා බස් එකට.. කොළඹ ඇවිත් අවුරුදු බර ගානක් උනත් කුරේ ග්‍රවුන්ඩ් එක තියන තැන දන්නැති නිසා පෝන් එකේ ගූගල් මැපත් ඕන් කරන් Get Direction නුත් අරං ලේසියෙන් යන්න ඕන පාරත් පහු කරං කොහෙන්දෝ ඩොටේ පාරකින් 10 වෙන කොට ග්‍රවුන්ඩ් එකට ආවා.. නියම GPS තාක්ෂනේ.. කියලා වැඩක් නෑ..

කොහොමද කස්ටිය


හරියට මුලින්ම ස්කෝලේ එක වසර‍ට ගියා වගේ.. ස්ටේජ් එකේ සෙට් එකක් ඉන්නවා..  ගේට්ටුව ගාව ඉදන් කල්පනා කරා මොකද කරන්නේ කියලා.. ගියා ස්ටේජ් එක ගාවට.. යන ගමන් හම්බුන ඩයල් එකකින් ඇහුවා රෙජිස්ටර් වෙන්නේ කොතනද කියලා.. “අන්න අතන මචං” කියලා ග්‍රවුන්ඩ් එකේ කොනක් පෙන්නුවා..

ගියා එතෙන්ට.. දෙයියෝ මූණ බැලුවා වගේ හොදට ෆැමිලියර් ඩයල් එකක් ඉන්නවා.. මාත් එක්ක එකට ජනක සර් ගේ ක්ලාස් ආපු පොරක්.. නියම සනීපයක් දැනෙන්නේ.. ගියා රෙජිස්ටර් වෙන තැනට.. නම්බරේ ආවේ නෑ කිවුවම නම ලියලා රු.100ක් දීපන් කිවුවා කෑම එකට.. දිලා උගේ දිහා බැලුවම තමයි දැක්කේ පපුවේ ගහලා තියනවා “පොඩි මෑන් - ලට්ට ලොට්ට” අම්මට සිරි පොඩි මෑන් කොහොමද කියලා කථා කරන්න හිතුනත් ලැජ්ජ නහරේ තාම කපලා නැති නිසා හිනාවක් දාල යන්නම් මචං කියලා ආවා.. වැඩියත් එතන ගෑණු දැරිවියෙකුත් හිටියා.. පස්සේ තමා දන්නේ ඒ පොඩි මෑන් ගේ භාර්්‍යාව කියලා...

කෝ..කෝ.. මගේ අංකේ


නමෝවිත්තියෙන් පටන් ගමු

ටික වේලාවකින් නමෝ විත්තියෙන් බුදුන් වැදලා, ජාතික ගීය කියලා දිලුම් සහෝදරයවත් ආදරයෙන් මතක් කරලා වැඩේ පටන් ගත්තා.. ඔය අතරේ බ්ලොග් ග‍ඩොල්, රත්ගමයා හම්බෙලා කථා කරා.. උන් එකෙක්යත් මාව දන් නෑ.. ඒ උනාට කමක් නෑ.. මම උන්ව දන්නවනේ.. මීටර් 100ය මුලින්ම පටන් ගත්තා..

නිකං බලං හිටියට කස්ටිය අදුරන් නැති නිසා දෙවෙනි තරගය වුන කනා මුට්ටිය බිදින්න යන්න හිතාගත්තා.. පෝලිමට යන්න කලින් හොරාට ගිහින් ගානට අඩි ගාණ මැනන් ආවත් ඒකත් කෙළ වුනා.. මුට්ටිය බිදින්න පෝලිමේ ඉන්න කොට පිටසක්වලයා, ගැමියා, නාකියා වගේ දුකා අයියාත් එක්කත් කථා කරන්න හම්බුනා.. ඒක ෆට්ට සතුටක්.. ඒත් ඉස්සෙල්ලා වගේම උන් එකෙක්වත් මාව දන් නෑ..

ෂිට්.. ආදී 12ට වඩා තිබ්බනේ.. මගේ කකුලේ අවුලක්ද මන්ද


ම‍ඩ ගහන කස්ටිය නම් උපරීමේටම ඒක කර ගත්තා.. පිස්සා ආවා කියලා ආරංචියක් ආවත් මට නම් හම්බවුනේ නෑ.. රංග අයියා ඇවිල්ලා තිබ්බත් පොරගේ ලුක් එකේ හැටියට කාථා කරන්න ටිකක් බය හිතුනා.. 12විතර මගේ යාලුවා සදුදා කැම්පස් පටන් ගන්නවා කියලා ලෑස්තිවෙන්න ඕන කියලා ‍යන්න ගියා.. ඌ ගියට පස්සේ මම ෆුල් තනි පංගලම් වුනා..

කොහොමහරි කන ටයිම් එකේ මාතර අයියා කෙනෙක් සෙට් උනා.. හිතුමතේ තමයි එයාගේ බ්ලෝග් එක.. නම නම් මතක නෑ.. පොරත් එක්ක අත් ට්‍රැක්ටරේ එංජිම උඩ බත් එක තියන් කන කොට සෝස පාට බ්ල්වුස් එකක් ඇදපු ගෑල් ළමයෙක්  මගේ ඉස්සරහින් ගිහින්, ආයි එහා පැත්තේ තිබ්බ මේසෙ ගාවට එන ගමන් මං ගාවට ඇවිත් “ හායි....!” ගෑවා.. බැලුවා මූණ.. ෆැමිලියර් ඩයල් එකක් නෙමෙයි.. මාත් “හායි” ගාන ගමන් බැලුවා උඩ ඉඩ ඉදන් පල්ලෙහාට.. අෆ්ටෙ සිරි මෙන්න බොලේ තියනවා ලේබලේ “හිතුවක්කාරී - හිතුවක්කාරිගේ හිත”.. මූණූ පොතේ චැට් පාරක් එහෙම දාලා තියන නිසා කථා කරන්න බය වුනේ එහෙම නෑ.. පස්සේ ඉතින් කෑවද, බිවුවද, කොයි වෙලාවෙද ආවේ.. වගේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න ටිකක් අහලා මම අත සෝදන්න ගියා..

ඔහොම මොකාද වගේ ඉන්න කොට තමයි වැප් අයියයි ප්‍රසාන් අයියයි හම්බ වුනේ.. වචන 2ක 3කින් ප්‍රසාන් අයියයි මායි ‍ෆිට් වුනා.. එවෙලෙම අන්ධයාට යෝගට් කැවීම පටන් ගත්තා.. අපි 2ත් ගියා ඕන එකක් වෙන්න කියලා.. අභීත අයියා හොර කරානේ.. නැත්තම් අපි දෙන්නා දිනුම්.. මූණ සෝදන්න ගියාම තමයි දන්නේ මම යෝගට් කෑවට වඩා නාලා කියලා.. ඒ වෙලාවේ සදා අක්කත් හම්බුනා.. ආ... තව ප්‍රදීප්ගේ පිටුව ලියන ප්‍රදීප් අයියත් අදුර ගත්තා.. කස්ටිය කබ අදිනකන් බලන් ඉදල යන්න හදනකොට තමයි වැපා කිවුවේ “ඔහොම පොඩ්ඩක් හිටපන් ගෘප් පොටෝ එකට”

බිබිළි නගින බෙළිකටු..  Dj එක.. දැන් තමයි බෝ පැළ වගේ හිටිය ළමයිගේ වැඩ එළියට ආවේ.. අනේ අම්මෆා.. මෙහෙමත් නැටිල්ලක්.. මම මෙච්චර දවස් දැම්මේ නෑ වීඩියේ එක.. නමුත් කස්ටියගේ බලවත් ඉල්ලීම පරිදි ඔන්න දැම්මා..



අනේ දුශ් අක්කේ මාත් එක්ක තරහ වෙන්න නම් එපා.. අක්කා මාව අදුරන්නෙත් නෑ.. මගේ බ්ලෝග් එකට ඇවිල්ලත් නෑ.. හදිස්සියෙවත් අක්කා මේ විඩියෝ එක දැක්කෝත් මාව අදුරන් නෑ වගේම ඉන්න.. :පී
කොහොමින් කොහොම හරි ලස්සන දවසක අවසානයත් ආවා.. ඇත්තටම ෆට්ට ලස්සනයි.. කියන්න කිසිම අඩුපාඩුවක් නෑ.. රුපියලත් වල බහින මේ වගේ කාලෙක අපෙන් සත පහක්වත් නොගෙන මේ වගේ සිරා වැඩක් සංවිධානය කරාට රාජ් අයියා ඇතුළු සංවිධායක මණ්ඩලේට බොහෝම ස්තූතිය.. ඇත්තටම අපි ගොඩක් විනෝද වුනා.. කස්ටිය අදුර ගත්තා.. රස ලෝකයයි.. ලබන අවුරුද්දේ එකටත් මොන ලෝකෙ හිටියත් එන්න ට්‍රයි කරනවා..

ඔය ඉන්නේ කට්ටිය ලස්සනට

ෆොටෝස් ඉස්සුවේ : Priyantha Weniwelptiyia - Sameera Rukshan Mendis - Äŋüshkä Läkmäl

Sunday, April 8, 2012

මොන මගුලක් ද...?

මොන මගුලක් ද මේක..  අද ඉරිදත් වැඩ.. පෝය දවසෙත් වැඩ.. යකෝ වැඩ කරනවා කියලා මෙහෙමත් වැඩ කරන්න ඕනද..? අවුරැද්දට නිවඩු දීලා පටන් ගන්නේ 23ලු.. ඒක නිසා බොසා කියනවා ඉරිදයි පෝයයි වැඩ කරන්න කියලා.. දේවකාරියට වඩා රාජකාරිය ලොකුයි කිවුවත් මාර වැඩක්නේ මේක.. මේක ඇවිල්ලා මාර අවුරැද්දක්නේ යකෝ.. දැනටම බර ගානකට කෙලලා ඉවරයි.. සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක්..



මට ඇති වැඩකුත් නෑ.. නිකන් studio එකට වෙලා ආතල් එකේ ඉන්න තියෙන්නේ.. ඒ උනාට ගෙදර හිටිය නම් මීට වඩා ආතල් නේ.. මට නිවාඩු තිබ්බත්, මේ දවස් දෙකට නිවාඩු ගත්තොත් වැටුප් රහිත නිවාඩු ලු වැටෙන්නේ.. මාර ආණ්ඩුවක් නේ මේක.. ඉදපන්කෝ මමත් හරි බොසෙක් උන දාට බලාගන්නම්..

පෝය දවසෙනම් වැඩ කරන කස්ටිය වැඩ වලට සයිට් වලට ගිය නිසා බොසාටම එපා වෙලා 12ට විතඑ යමං කිවුවා.. අද එහෙම පාටක්වත් පේන්න නෑ.. අද ඇවිල්ලා මගේ රූම් එකේ මකුලු දැල් එහෙම කඩලා මැෂින් ටිකත් වෙනදට වඩා හොදට පිහිදාලා 3න් පාරක් විතර අතු ගාලා ෆුල් ක්ලීන් එකක් දැම්මා.. ජොබ් එක කොච්චර වදයක් උනත් මම මේ මැෂින් වලට පණ වගේ ආදරෙයි.. මොකද මේ මැෂින් නිසානේ මගේ ජොබ් එක තියෙන්නේ..



දැන් කරන්න දෙයක් නෑ.. බුකියේ පැත්තේ ඔලුව දැම්මා.. චැට් පාරක් වත් දාන්න ඇහැට කණට පේන්න මොකක්වත් නෑ.. මේ වෙලාවට තමයි බොස්ගෙ හත්මුතු පරම්පරාවම මතක් වෙන්නේ.. ඇයි යකෝ කරන්න වැඩකුත් නෑ..

බ්ලෝග් වලවත් කියවන්න කථාවක්වත් නෑ නේ.. තිබ්බ එවා ඔක්කෝම කියවලා ඉවරයි.. OL & AL කරන කාලේ කථා පොතක් තියා පත්තරයක්වත් අතින්වත් ඇල්ලුවේ නැති මම මේ බ්ලොග් නිසා මාර කියවීමක්නේ කියවන්නේ.. ඉස්සර යකෝ විජය පත්තරේ ගෙනාවත් අන්තිම පිටුවේ තියන “පං පෝ රිය” කාර්ටූන් එක විතරයි බලන්නේ.. අම්මා පත්තරේ ගන්නේ මට බැන බැන.. හැමදාම කියන්නේ පත්තර අන්කල් ගෙන් අන්තිම පිටුව විතරක් ඉල්ල ගන්නවා කියලා..

ඔහොම හිටපු මට උන දේ... අයියෝ සල්ලි... මම comment දාලා නැති උනාට මගේ මවුස් එකට අහුවෙන හැම බ්ලොග් එකක්ම කියවලා තියනවා.. දැන් මට කියවන්න දෙයක් නෑ..

ගිය අවුරුද්දෙනම් අර සදරුවා මාසෙට පෝස්ට් 7ක් දැම්මා.. ඒකට දැන් දාන්නේ පෝස්ට් 4යි.. එකත් දාන්නේ ඌට හිතුනු වෙලාවට විතරයි... අනිත් එක්කෙනා හිතුවක්කාරි.. එයත් ලිවුවා “තටු සිදුනු සමනළී”..  තටු සිදුනු සමනළී ඔපරේෂන් එකකින්ද කොහෙද අත් තටු හදා ගෙන පියබපු නිසා දැන් කථා නැත.. ඔක්කොම කවි වගේ එවා..



පෝය දවසේ නම් කියෙවුවා රත්ගමයගේ කෙටි කථාව.. පිස්සු කොල්ලෙක් ඩොකෙක් වෙච්ච එක.. ෆට්ටයි එකනම්.. මට එක එදා තමයි අහුවුනේ.. (බ්ලොග් එක නෙමෙයි ඒ කථාව, බ්ලේග් එක අහුවෙලා ගොඩක් කල්)
අනේ කවුරු හරි තව ලව් ස්ටෝරියක් ලියන්නකෝ... මට වැඩ නැති වෙලාවට කියවන්න.. බූට් කථාවක් උනත් කමක් නෑ..

 --------------------------------------------------------------------------------------------

කස්ටිය දැන් අවුරුදු එහෙම ජයද..? තාම ආවෙත් නෑනේ.. මම මේ මගුලක් කථා කරනවා.. මම නම් දැනටම අවුරුදු කන්න ප්ලෑන් කරන් ඉන්නේ 2500 ක්‍රමේට..



ඒ කිවුවේ මම අවුරුදු කන්නේ කැම්පස් එකේ කැන්ටිමේ...


ප/ලි : මම මුකුත් බිවුවේ නෑ හොදේ..

Saturday, January 21, 2012

වයි this කොළvari කොLaවරී......ඩී

Why This Kolaveri Kolaveri Kolaveri Dee?
Why This Kolaveri Kolaveri Kolaveri Dee?
Rhythm Correct..
Why This Kolaveri Kolaveri Kolaveri Dee?
Maintain This..
Why This Kolaveri? Dee..

ඇත්තටම  අපේ රටේ සිංදුව නැගලා යන්නේ සිංදුව කියන ගායකයගේ හැකියාව නිසාද...? නැත්තම් සිංන්වේ තනු නිර්මාණ කරුගේ හැකියාව නිසා ද....? මේ ගැන කථා කරන ම‍ට සංගීතය ගැන මේලෝ සංසාරෙක දැනීමක් නම් නෑ.. නම්ත් රස වීදීමේ හැකියාව නම් උපරීමේටම තියනවා.. අපේ රටේ යම් කිසි සිංදුවක් Hit උනාම ඒක කරටි කැඩෙන්නම හිට් වෙනවා.. හැබැයි ඒ මාසෙකට විතරයි.. ඊට පස්සේ සිංදුව ලොවෙත් නෑ, ඉරිදා පොලෙත් නෑ.. ඇත්තටම මට නම් තේරෙන් නෑ මේන මේ සිංදුව කියක එකාගේ වැරුද්දක්ද නැත්තම් අහන අපේ වැරුද්දක් ද කියලා..

කස්ටියට මතකද දන්නෑ 2008 අවුරුද්දේ D'tap ලා ගැහුවා "ලන්දු".. ඇත්තටම තරිදූ අයියලාටවත් හිතා ගන්න බැරුව ඇති සිංදුව එච්චරටම හිට් වෙයි කියලා.. මොකද ඉතින් ඒ කාලේ කාට හරි කෝල් 1ක් ගත්තත් යන්නේ " ම‍ගේ ආදර ලන්දු.. ඇයි ඔය නෙතු අග කදුළු..("ඇයි මොකෝ බං") ඒ anwcer කරාම ඌ කියන එක"

ඊට පස්සේ ආවා "යායට පායනා" මේකත් ඉතින් කොල්ලයි බල්ලයි ඔක්කෝගෙම අතරේ එපා වෙනකන්ම හිට් උනා.. කොටින්ම කියනව නම් අවුරුදු 50 පැන්න අපේ බාප්පත් ඕක ringing tone එකට දාගෙන හිටියා.. මට කියලමයි දාගත්තෙත්.. (අර සිකුරු හතේ තියනවා වගේ " 60 පැන්නත් බැදලා නැත්තම් ඌ කොල්ලනේ") අන්තිමට සිංදුව කොහොම උනත් එකේ හිටපු කෙල්ල නම් කොල්ලෝ අතරේ ඔක්කෝටම වඩා හිට් උනා කියලයි අරෑ කිවුවේ.. ( අරෑ කියනේ කවුද කියලා දන්නැති කස්ටිය comment කරන්නකෝ.. එතකොට මම කියන්නම්)

"අයි සෝ ලෝන්ලී.. Broකන් එන්ජල්.." ටත් ඔය සෙතේම තමා උනේ.. මට නම් හිතෙන්නේ ලංකාවේ ගොඩක් උන් (මා ද ඇතුලුව) මේ සිංදුව ඇ‍වුවේ ඒකේ තිබ්බ මෙලඩි 1ට.. මෙලෝ තේරුමක් දන්නැතුව.. වැඩේ කියන්නේ කස්ටිය පස්සේ තමයි දන්නේ මේක මේ කලින් ගහපු සිංදුවේ ඉතුරැ කොටස කියලා.. ඔන්න ඊට පස්සේ තමයි "පුරේ love" ("පුරේ love" නෙමෙයි බොල "pure ලව්") කියල එකක් තියනවා කියලා අපේ කට්ටිය දන්නේ..

මම මේ ලගදී පාරේ යන කොට අලුතින් රෙදි කඩයක් open කරලා Dj 1ක් එහෙම දලා තියනවා.. මට නිකන්  ලස්සන සිංදුවක් 1ක ටකරන් හඩකුත් ඇහෙනවා.. මම තව ටිකක් ලං වෙලා බැලුවා මොකක්ද බොලේ මේ කියලා.. අයියෝ සල්ලි කියන්නේ Broකන් එන්ජල් miක්ස් කොරලා කාවාඩිවකුත් 1ක.. අනේ එක ආරාශ්ට වත් ඇහුනනම් ඌ කීයටවත් ලංකාවට නම් ආයි එන්නේ නෑ ෂෝ කරන්න.. එච්චරටම (සි)රා... අනේ *කේ කිවුවලු....

තවත් ඉතින් හොද හොද ඒවා මතක් වෙනවා..

මේ දවස් වල හිට් වෙමින් පවතින් "තේරේ මේරේ" "කොලවරී" ටත් මේ සෙතේම වේවිද...?

මේ ඔබේ අවධානය පිණිසයි....!

ප/ලි : සම(හ)රක් කට්ටිය  "තේරේ මේරේ" සිංදුව බලලා තමයි Bodyguard බලලා තියෙන්නේ....

ප/ප/ලි : මේ සියල්ල මගේ කුඩා මොලේට හිතිච්ච ඒවා පමණි හොදේ....

                                                                

Monday, December 26, 2011

ම්ම්ම්ම්... ඔන්න මාත් 1ක් හැදුවා..

කොහින්ද පටන් ගන්නේ..හරි මුලින්ම My Self ගැන කිවුවොත්, මම සිතිර (කස්ටිය කියන්නේ සිතී කියලා). ගම බෙන්තර ගගෙන් එහා..ඒ කියනේ මාතර. ගියේ රාහුල college එකට, දැන් පුන්චි Graphics Designer කෙනෙක් විදියට වැඩ කරන පොඩි කොල්ලෙක් (පුංචි කිවුවට පුංචිත් නෑ).. උඩින් කිවුවා වගේ මේක මගේ Blog සින්ඩිය.. අද ඉදන් මේක තමයි මගේ හොදම යාළුවා.. මගේ හිතේ තියන ගොඩා..ක් ප්‍රශ්න මේකට කියයි.. එහෙම කියලා මගේ හිත හදාගනියි.. Blog 1ක බලනවකම් බලන කස්ටිය comment 1ක් දාලා යන්න කියලා ඉල්ලනවා..මොකද මගේ දුක අහන්න කවුරුවත් නැත්තම් අත කැඩෙනකන් type කරන එකේ තේරුමකුත් නෑනේ..කොහොම උනත් බලන කට්ටිය බලන්න, නැති කට්ටිය ඒත් බලන්න..ම්ම්ම්..වෙන කියන්න දෙයක් නැනේ ඉතින්... ඉස්සරහට මම කාතා ගොඩක් කියයි..