Showing posts with label ස්කෝලේ ආතල්. Show all posts
Showing posts with label ස්කෝලේ ආතල්. Show all posts

Tuesday, April 3, 2012

ආ‍ඩෝ, අන්න උබේ කෑල්ල යනවා.


වසර : 9 වසර
වේලාව : විද්‍යාව පීරියඩ් එක
ස්ථානය : සායියාගේ විද්‍යාගාරය

කස්ටිය දන්නවනේ සාමාන්‍යයෙන් ස්කෝල වලව හැම අවුරැද්දේම ඉංග්‍රීසි වලට වගේ විද්‍යා පීට වලින් පට්ට කෑලි වගේ ටීචර්ලා එනවනේ.. අපේ පංතියේ තිබ්බ මොකක්දෝ ෆට්ට පිනකට අපේ පංතියටත් ඔහොම චූටි ටීචර් කෙනෙක් අවා..



ඇස් වහක් නෑ, ටක වහක් නෑ ‍ටීචර්ගේ අමුතුම ලස්සනක් තිබ්බා.. උස අඩි 5ක් වගේ හරහට උස අඩි එකහ මාරක් වගේ.. ඒ වගේම පංතියේ කොල්ලෝ එක්කත් පට්ටම ෆිට්.. කොහොම හරි අපේ පංතියට විතරයි ඒ ටීචර් 9 වසරේ පංති වලින් ඉගැන්නුවේ.. ඉතින් අනිත් පංති 9යේ ඉන්න උන්ට මලේ මළ..

ටීචර් අපිට උගන්නන කොට ජීවිතේට දැකලා නැති ඩයල් විනාඩියෙන් විනාඩියට අපේ පංතිය ඉස්සරහයින් යනවා.. අපේ කොල්ලොත් කවදාවත් නැතුව ඉංග්‍රීසි පොතට පාට පාට කවර එහෙම දාලා ආයි ෆුල් ක්ලියර් එකේ තියන් ඉන්නවා.. පංතියේ එක දගෙන හිටපු කොල්ලෝ අතරේ මාත් හිටියා.. වැඩක් නැති වේලාවට කැන්ටිම පැත්තේ රෝනදයක් ගැහුවත් ‍ටීච හම්බුනෝත් අහනවා,

“කොහේද සිතිර රවුම් ගහන්නේ..? පිංතියේ වැඩ නැද්ද..?”

මාත් තියන තරම් පැණි හිනාවක් දාලා “ නෑ ටීචර්..” කියනවා.. කොටින්ම කියනවනම් අපේ සෙට් එකේ කස්ටිය ටීචර්ව මතක් කරගෙන හිතට අරගෙන ගෙදර ගිහින් අතට අරගෙනත් තිබ්බා...ඒව නම් මොනවද ඉතින්.. දවසක් ඔය විද්‍යාපීඨ ටීචර්ලා උගන්නන විදිය බලන්න ලොක්කෙක් එනවනේ.. ඉතින් අපේ ටීචර්ගෙත් උගන්නන විදිය බලන්න ලොකුඋන්නැහේ ආවා.. එදා අපි ‍ඔක්කෝම ටීචර්ට බොක්කෙන්ම හිටියා.. කොහොම හරි පීර්යඩ් එක ඉවර වෙලා ටීචර් ගිහින් ආයි ටිකකින් පංතියට ඇවිත් ඔක්කෝටම ස්තූති කරා අපි මීයෝ ගිලපු පූසෝ වගේ හිටියට..



කෙල්ලොන්ගේ නම් කියලා කොල්ලෝන්ට විහිලු කරන එක සාමාන්‍ය කේස් එකක් නේ.. ඉතින් ටීචර්ගේ නම කියල අපිත් එක එකාට විහිලු කරා.. ඕක ඉතින් අපේ චූටි ටීචත් දැනගෙන තමයි හිටියේ.. ඒ උනාට ටීච පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නෑ..

ඔය උඩින්ම කිවුව දවසේ තමයි මගේ කරුම දවස ආවේ.. විද්‍යාව පීරියඩ් එය වේලාවට අපි පල්ලෙහා විද්‍යාගාරය යන්න ඕන.. එදා අපි ගියාම විද්‍යාව සර් පිනා හම්බවෙන්න ගිහින් කියලා එන්න ටිකක් පරක්කු වෙයි කියලා පණිවිඩයක් එවලා තිබ්බා.. අපිටත් ඉතින් වෙන මුකුත් ඕනේ නෑනේ.. අපිත් ඉතින් කයිය ගහ‍ගෙන හිටියා, විලි ගැහුවා (ඒ කිවුවේ පෑන් වල ක්ලිප් ගහන එකට හොදේ), විලි ගහන්න ඉතින් ලැබ් එකේ තරම් මේස ලොවෙත් නෑ.. ස්කෝල වල ගියපු කස්ටිය දන්නවා ඇත්නේ..

ඔහොම ආතල් එකේ ඉන්න කොට, අපේ බිල්ඩින් එක ඉස්සරහින් චූටි ටීචර් ගියා.. පංතියේ ඒ වෙනකොට කාල ගොට්ටියයි.. මම ටීච දැක්ක ගමන් මගේ එහා පැත්තේ ඉන්න එකාට කිවුවා..

“ආ‍ඩෝ, අන්න උබේ කෑල්ල යනවා..”

මම කිවුවේ ටීචර්ට අත දිග් කරලා ඌට ටීචර්ව පෙන්නන ගමන්.. ඌත් ‍ටීචර් දිහා බලලා “අනේ පළ හු*** යන්න කිවුවා.” මාත් ඉතින් හා කියලා කිවුවා..

විද්‍යාගාරයට ඉස්සරහා තිබ්බේ පිට්ටනිය.. ටීචර් යන වෙලාවේ අපේ ස්කෝලේ ක්‍රීඩා භාර බුවා පොඩි මල්ලා සෙට් එකකට බණ දේශනා කර කර හිටියේ.. ලැබ් එකේ තිබ්බ සද්දෙට මූ හැමතිස්සේම අපි දිහා හොර බැල්මට් එකක් දාගෙන තමයි හිටියේ..

මෙන්න බොලේ ‍ටීචර් ගිහින් විනාඩියකින් වගේ පොර මට අතින් කථාකරනවා මම ‍ජනේලෙන් දැක්කා.. මම මගේ සෙට් එකටත් “ අඩෝ අන්න අරෑ මට කථා කරනවා” කියා ගෙන ගියා ඌ ගාවට.. යකෝ මේන්න මූ අහනවා..

සර් : “ උඹ දැන් ගියපු ටීචර්ට මොකක්ද කිවුවේ ආ...?’’
මම : “මම..? ම්ම්ම්.. මුකුත් නෑ සර්”
සර් : උඹ මට බොරු කියන්න එපා.. උඹ මට කියනවද..? නැත්තම් මට ඇහුන දේ උබලගේ සර්ට කියන්නද..?

කට නිසාලුනේ මොකාදත් නහින්නේ.. මම 100ට 200ක්ම සුවර් මූට මම කිවුව එකනම් ඇහුන් නෑ කියලා.. මම හිත හිත වට පිට බලන‍ කොට දැක්කා ලැබ් එකේ ඉදන් අපේ සෙට් එක එබී ගෙන මගේ දිහා බලන් ඉන්නවා.. මේ හුත්තා ‍අපේ සර්ට මොන අටමගලයක් කියයිද දන්නැති නිසා මම හිතුවා, මම කියපු දේ කියන්න.. මොකද වරදක් කරා කියලා පිලිගත්තම දඩුවම අඩුයි කියලා අම්මා කියලා දීල තිබ්බ නිසා..

මම : “යාලුවෙක්ගේ කෑල්ල යනවා කියලා කිවුවේ” (කිවුවා විතරයි සර්නුයි, ඌත් එක්ක හිටපු ඇච්චෝ ටිකයි ඔක්කෝම හිනා වූනා.. මාත් හිතුවේ වැඩේ ගොඩ තමයි කියලා)

සර් :  ආ.. දැන් පංතියට යනවා.. මම සර් ආවම කියන්නම්.. උඹලා වගේ ඈයෝ නිසා තමයි ස්කෝලේ නමත් කැති වෙන්නේ ඕයි..

මූ එදා ඒ කරපු බලු වැ‍ඩේ තාම මතකයි.. මම මුගේ මූණ දිහා ටිකක් බලන් ඉදලා ලැබ් එකට ගියා.. ගියපු ගමන් කස්ටිය ඇහුවේ මොකක්ද සීන් එක කියලා.. මමත් කිවුවා.. ස්කෝලේ හිටපු ඒ කාලෙට මට මෙහෙම දෙයක් උනාමයි.. මට වඩා මන් අර ‍ටීචට නම කිවුව එකා බය වේලා.. විනාඩි 10කින් වගේ අපේ සර් ආවා.. සර්ට අරූ මගදි සීන් එක කියනවා මම දැක්කා, පස්සේ ලැබ් එකේ දොර ගාවට ඇවිත් මාව අපේ සර්ට පෙන්නලා ඌ යන්න ගියා..



සර් ලැබ් එකට ඇවිත් වාඩි වෙලා මට කථා කරලා,

“මම පොඩ්ඩ නැතිවෙච්ච ගමන් උඹලා මෙතන මගුල් නටන්න හදනවා නේද..? අරං වරෙන් ගිහින් සිසු අත් පොත..”

අපි‍ට විද්‍යාව ඉගැන්නුවට අපේ සෙක්ශනල් හෙඩ්නුත් පොරම තමා.. මම පංතිය ගිහින් සිසු අත් පොත අරං ආවා..

“හෙට අම්මා හරි තාත්තා හරි එක්කන් පංතියට ව‍රෙන්” කියන ගමන්ම සිසු අත් පොතෙත් සීන් එක ලියලා, ළමයි ඔක්කෝටම පංතියට යන්න කිවුවා.. එදා ඉදන් අපේ පංතියට සතියක් ලැබ් එක තහනම්.. එක නම් ලොකු දෙයක් උනා අපේ සෙට් එකට..

මම අර විහිලු කරපු එකා ඒ වේලාවේ ඉදන් මාත් එක්ක කථා කරේ නෑ.. දැන් තමයි තේරෙන්නේ උන් මාර යාලුවෝ කියලා..

ස්කෝලේ ඇරුණම හැම ප්‍රශ්නෙම ඔලුවෙ තියා ගෙන ගෙදර ගිහින් අම්මා බෙදලා තිබ්බ බත් 1ත් කළා මම නිදා ගත්තා.. මම කොහොම ද කටක් ඇරලා අම්මට මේක කියන්නේ.. ඇත්තටම මම ස්කෝලේ නම තියන් හිටපු කොල්ලෙක්.. මට දුක ඒක ගැන..

ඕන මගුලක් වෙන්න කියලා මම රෑ නිදා ගන්න කොට අම්මට සීන් එක කිවුවා.. ඒත් මම කිවුවේ ටීචර් කෙනෙක්ට විහිලු කළා කියලා අහුවෙලා සර් අන්න කිවුවා කියලා.. එතකොට මගේ තාත්තා හිටියේ රට.. කොහොම හරි අම්මා අන්නම් කිවුව නිසා එච්චර අවුලක් නැතුව මම නිදා ගත්තා..

පහු වෙනිදා මම ස්කෝලේ ගියා.. මම පංතියට යන කොට අර යාලුවායි මායි හිටියේ එක තැන, ඒත් එදා ඌ මගේ ඩෙස් එකටයි පුටුවටයි වතුර දාලා.. (9වසරේ නිසා OL, AL වලදි වගේ පණට පණ දෙන යාලුවෝ හිටියේ නෑ) එදා තමයි මට තේරැනේ මූ මහා සක්කිලියෙක් නේද කියලා.. ආපු නැති ළමයෙක් බලලා මං බෑග් එක තියලා ගියා ස්ටාෆ් රෑම් එකට චූ‍ටි ටීචර්ව හම්බ වෙන්න.. ඒ වෙන කොටත් ටීච සීන් 1ක දන්නවා.. කියලා තියෙන්නේ අර PT කරන සර්මයි.. මම ටීචට සොරි කියලා මම පංතියට එන ගමන් විද්‍යාව සර්ටත් අම්මා එනවා කිවුවා කියගෙනත් මම පංතිය ආවා.. 



අම්මා ආවට පස්සේ කොහොම හරි වැඩේ සෙන්ටිමෙන්ටල් උනා.. අවුරැද්දේ අන්තිමට චූටි ටීචර් ස්ථිර පත්වීමක් හම්බෙලා වෙන ස්කොලෙකට ගියා.. යන්න කලින්නුත් අපිට කියලා තමයි ගියේ.. එදත් මම මේ සීන් එකට සොරි කිවුවා.. අර යාලුවා පස්සේ කාලෙක මාත් එක්ක යාලු උනත් මම ඌ අතේ දුර්න් තියා ගත්තා.. කොහොම හරි 9 වසරේ වාර පරීක්ෂනෙන් විද්‍යාවට පංතියෙන්ම වැඩිම ලකුණුත් අරං විද්‍යාව සර්ටත් පෙන්නලා 10 වසරට ගියා...

මාත් ගියා එහෙනම්..

ප/ලි : මේ සීන් එක මතක් උනේ අර යාලුවා මට පහුගිය දවසක මූණු පොතෙන් සෙට් උනා.. ඌට මේ පාර කැම්පස් ඇවිත්.. ආ තව.. ඌ මට OL, AL කාලේ එහෙම ෆට්ට උදව් ටිකකුත් කරා..