Tuesday, April 24, 2012

අනේ අනේ.. මෙහෙමත් නැටිල්ලක්...

කට්ටිය කියවන් ඇතිනේ මම ඔෆීසියත් එක්ක මළ පැනලා දාපු පෝස්ට් එක.. පස්සේ ඉතින් හා හා පුරා කියලා අපිට 10 වෙනිද නිවාඩු හම්බුනා.. ආයි පටන් ගන්න‍වා කිවුවේ 23 වෙනි සදුදා.. කොච්චර බැන්නත් අපේ ඔෆීසිය කොච්චර හොදද කියලා තේරැනේ පස්සේ.. මොකද මගේ අනිත් ඔෆීසි වල ඉන්න යාළුවෝ හැමෝටම වගේ පටන් අරං තිබ්බේ 18,19 වගේ.. ඉතින් මමත් ආතල් එකේ 11 වෙනිද ගෙදර ගිහින් මකුලු දැල් කඩලා ගෙවල් හොදලා, වැඩක් නැති හැම කුණු ගොඩක්ම පුච්චලා අවුරුද්දත් කාලා.. නැ නෑ මාව අවුරුද්ද කලා 21 හවස ආවා කොළඹ..

ඔව් ඔව් 21 ආවේ 22 සයිබර් අවුරුදු උත්සවේට යන්න ඕන නිසා.. 21 රෑ 10 වෙනකුනුත් බලන් හිටියා මගේ ඊයට රෙජිස්ටර් නම්බරේ එනකං.. මොන නෑ.. ඕන මගුලක් වෙන්න කියලා නිදාගත්තා..

උදේ 7ට එලාම් 1ක වැදුනත්, තව විනාඩි 5ක් ඉදල නැගිටිනවා කියලා නැගිටින කොට 8යි.. නියම විනාඩි පහ.. කුණු කෙළ පිටින්ම මැෂිම ඕන් කරලා ඊය චෙක් කොරලා බැලුවා.. මොන නෑ.. දැන් ඉතින් යන්නත් මොකක් ද වගේ.. මම හිතුවේ මගේ බ්ලෝග අලුත් නිසා මට එවලා නැතුව ඇති කියලා.. 23 එන්නේ නැතුව ගෙදර ඉදන් 21 ආවේ මේ මගුලටම යන්න ඕන නිසානේ කියලා හිතාගෙන යන්න ලෑස්ති උනා..

ලෑස්ති වෙලා ඉවර වෙනකොටත් 9යි.. එන්න කියලා තිබ්බෙත් 9ට නේ.. කොහොමින් හරි උදේටත් බඩ‍ට ඔම්ලට් බන් එකකුයි අලිගැට පේර ජූස් එකකුයි දාගෙන නැග්ගා බස් එකට.. කොළඹ ඇවිත් අවුරුදු බර ගානක් උනත් කුරේ ග්‍රවුන්ඩ් එක තියන තැන දන්නැති නිසා පෝන් එකේ ගූගල් මැපත් ඕන් කරන් Get Direction නුත් අරං ලේසියෙන් යන්න ඕන පාරත් පහු කරං කොහෙන්දෝ ඩොටේ පාරකින් 10 වෙන කොට ග්‍රවුන්ඩ් එකට ආවා.. නියම GPS තාක්ෂනේ.. කියලා වැඩක් නෑ..

කොහොමද කස්ටිය


හරියට මුලින්ම ස්කෝලේ එක වසර‍ට ගියා වගේ.. ස්ටේජ් එකේ සෙට් එකක් ඉන්නවා..  ගේට්ටුව ගාව ඉදන් කල්පනා කරා මොකද කරන්නේ කියලා.. ගියා ස්ටේජ් එක ගාවට.. යන ගමන් හම්බුන ඩයල් එකකින් ඇහුවා රෙජිස්ටර් වෙන්නේ කොතනද කියලා.. “අන්න අතන මචං” කියලා ග්‍රවුන්ඩ් එකේ කොනක් පෙන්නුවා..

ගියා එතෙන්ට.. දෙයියෝ මූණ බැලුවා වගේ හොදට ෆැමිලියර් ඩයල් එකක් ඉන්නවා.. මාත් එක්ක එකට ජනක සර් ගේ ක්ලාස් ආපු පොරක්.. නියම සනීපයක් දැනෙන්නේ.. ගියා රෙජිස්ටර් වෙන තැනට.. නම්බරේ ආවේ නෑ කිවුවම නම ලියලා රු.100ක් දීපන් කිවුවා කෑම එකට.. දිලා උගේ දිහා බැලුවම තමයි දැක්කේ පපුවේ ගහලා තියනවා “පොඩි මෑන් - ලට්ට ලොට්ට” අම්මට සිරි පොඩි මෑන් කොහොමද කියලා කථා කරන්න හිතුනත් ලැජ්ජ නහරේ තාම කපලා නැති නිසා හිනාවක් දාල යන්නම් මචං කියලා ආවා.. වැඩියත් එතන ගෑණු දැරිවියෙකුත් හිටියා.. පස්සේ තමා දන්නේ ඒ පොඩි මෑන් ගේ භාර්්‍යාව කියලා...

කෝ..කෝ.. මගේ අංකේ


නමෝවිත්තියෙන් පටන් ගමු

ටික වේලාවකින් නමෝ විත්තියෙන් බුදුන් වැදලා, ජාතික ගීය කියලා දිලුම් සහෝදරයවත් ආදරයෙන් මතක් කරලා වැඩේ පටන් ගත්තා.. ඔය අතරේ බ්ලොග් ග‍ඩොල්, රත්ගමයා හම්බෙලා කථා කරා.. උන් එකෙක්යත් මාව දන් නෑ.. ඒ උනාට කමක් නෑ.. මම උන්ව දන්නවනේ.. මීටර් 100ය මුලින්ම පටන් ගත්තා..

නිකං බලං හිටියට කස්ටිය අදුරන් නැති නිසා දෙවෙනි තරගය වුන කනා මුට්ටිය බිදින්න යන්න හිතාගත්තා.. පෝලිමට යන්න කලින් හොරාට ගිහින් ගානට අඩි ගාණ මැනන් ආවත් ඒකත් කෙළ වුනා.. මුට්ටිය බිදින්න පෝලිමේ ඉන්න කොට පිටසක්වලයා, ගැමියා, නාකියා වගේ දුකා අයියාත් එක්කත් කථා කරන්න හම්බුනා.. ඒක ෆට්ට සතුටක්.. ඒත් ඉස්සෙල්ලා වගේම උන් එකෙක්වත් මාව දන් නෑ..

ෂිට්.. ආදී 12ට වඩා තිබ්බනේ.. මගේ කකුලේ අවුලක්ද මන්ද


ම‍ඩ ගහන කස්ටිය නම් උපරීමේටම ඒක කර ගත්තා.. පිස්සා ආවා කියලා ආරංචියක් ආවත් මට නම් හම්බවුනේ නෑ.. රංග අයියා ඇවිල්ලා තිබ්බත් පොරගේ ලුක් එකේ හැටියට කාථා කරන්න ටිකක් බය හිතුනා.. 12විතර මගේ යාලුවා සදුදා කැම්පස් පටන් ගන්නවා කියලා ලෑස්තිවෙන්න ඕන කියලා ‍යන්න ගියා.. ඌ ගියට පස්සේ මම ෆුල් තනි පංගලම් වුනා..

කොහොමහරි කන ටයිම් එකේ මාතර අයියා කෙනෙක් සෙට් උනා.. හිතුමතේ තමයි එයාගේ බ්ලෝග් එක.. නම නම් මතක නෑ.. පොරත් එක්ක අත් ට්‍රැක්ටරේ එංජිම උඩ බත් එක තියන් කන කොට සෝස පාට බ්ල්වුස් එකක් ඇදපු ගෑල් ළමයෙක්  මගේ ඉස්සරහින් ගිහින්, ආයි එහා පැත්තේ තිබ්බ මේසෙ ගාවට එන ගමන් මං ගාවට ඇවිත් “ හායි....!” ගෑවා.. බැලුවා මූණ.. ෆැමිලියර් ඩයල් එකක් නෙමෙයි.. මාත් “හායි” ගාන ගමන් බැලුවා උඩ ඉඩ ඉදන් පල්ලෙහාට.. අෆ්ටෙ සිරි මෙන්න බොලේ තියනවා ලේබලේ “හිතුවක්කාරී - හිතුවක්කාරිගේ හිත”.. මූණූ පොතේ චැට් පාරක් එහෙම දාලා තියන නිසා කථා කරන්න බය වුනේ එහෙම නෑ.. පස්සේ ඉතින් කෑවද, බිවුවද, කොයි වෙලාවෙද ආවේ.. වගේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න ටිකක් අහලා මම අත සෝදන්න ගියා..

ඔහොම මොකාද වගේ ඉන්න කොට තමයි වැප් අයියයි ප්‍රසාන් අයියයි හම්බ වුනේ.. වචන 2ක 3කින් ප්‍රසාන් අයියයි මායි ‍ෆිට් වුනා.. එවෙලෙම අන්ධයාට යෝගට් කැවීම පටන් ගත්තා.. අපි 2ත් ගියා ඕන එකක් වෙන්න කියලා.. අභීත අයියා හොර කරානේ.. නැත්තම් අපි දෙන්නා දිනුම්.. මූණ සෝදන්න ගියාම තමයි දන්නේ මම යෝගට් කෑවට වඩා නාලා කියලා.. ඒ වෙලාවේ සදා අක්කත් හම්බුනා.. ආ... තව ප්‍රදීප්ගේ පිටුව ලියන ප්‍රදීප් අයියත් අදුර ගත්තා.. කස්ටිය කබ අදිනකන් බලන් ඉදල යන්න හදනකොට තමයි වැපා කිවුවේ “ඔහොම පොඩ්ඩක් හිටපන් ගෘප් පොටෝ එකට”

බිබිළි නගින බෙළිකටු..  Dj එක.. දැන් තමයි බෝ පැළ වගේ හිටිය ළමයිගේ වැඩ එළියට ආවේ.. අනේ අම්මෆා.. මෙහෙමත් නැටිල්ලක්.. මම මෙච්චර දවස් දැම්මේ නෑ වීඩියේ එක.. නමුත් කස්ටියගේ බලවත් ඉල්ලීම පරිදි ඔන්න දැම්මා..

video


අනේ දුශ් අක්කේ මාත් එක්ක තරහ වෙන්න නම් එපා.. අක්කා මාව අදුරන්නෙත් නෑ.. මගේ බ්ලෝග් එකට ඇවිල්ලත් නෑ.. හදිස්සියෙවත් අක්කා මේ විඩියෝ එක දැක්කෝත් මාව අදුරන් නෑ වගේම ඉන්න.. :පී
කොහොමින් කොහොම හරි ලස්සන දවසක අවසානයත් ආවා.. ඇත්තටම ෆට්ට ලස්සනයි.. කියන්න කිසිම අඩුපාඩුවක් නෑ.. රුපියලත් වල බහින මේ වගේ කාලෙක අපෙන් සත පහක්වත් නොගෙන මේ වගේ සිරා වැඩක් සංවිධානය කරාට රාජ් අයියා ඇතුළු සංවිධායක මණ්ඩලේට බොහෝම ස්තූතිය.. ඇත්තටම අපි ගොඩක් විනෝද වුනා.. කස්ටිය අදුර ගත්තා.. රස ලෝකයයි.. ලබන අවුරුද්දේ එකටත් මොන ලෝකෙ හිටියත් එන්න ට්‍රයි කරනවා..

ඔය ඉන්නේ කට්ටිය ලස්සනට

ෆොටෝස් ඉස්සුවේ : Priyantha Weniwelptiyia - Sameera Rukshan Mendis - Äŋüshkä Läkmäl

Sunday, April 8, 2012

මොන මගුලක් ද...?

මොන මගුලක් ද මේක..  අද ඉරිදත් වැඩ.. පෝය දවසෙත් වැඩ.. යකෝ වැඩ කරනවා කියලා මෙහෙමත් වැඩ කරන්න ඕනද..? අවුරැද්දට නිවඩු දීලා පටන් ගන්නේ 23ලු.. ඒක නිසා බොසා කියනවා ඉරිදයි පෝයයි වැඩ කරන්න කියලා.. දේවකාරියට වඩා රාජකාරිය ලොකුයි කිවුවත් මාර වැඩක්නේ මේක.. මේක ඇවිල්ලා මාර අවුරැද්දක්නේ යකෝ.. දැනටම බර ගානකට කෙලලා ඉවරයි.. සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක්..



මට ඇති වැඩකුත් නෑ.. නිකන් studio එකට වෙලා ආතල් එකේ ඉන්න තියෙන්නේ.. ඒ උනාට ගෙදර හිටිය නම් මීට වඩා ආතල් නේ.. මට නිවාඩු තිබ්බත්, මේ දවස් දෙකට නිවාඩු ගත්තොත් වැටුප් රහිත නිවාඩු ලු වැටෙන්නේ.. මාර ආණ්ඩුවක් නේ මේක.. ඉදපන්කෝ මමත් හරි බොසෙක් උන දාට බලාගන්නම්..

පෝය දවසෙනම් වැඩ කරන කස්ටිය වැඩ වලට සයිට් වලට ගිය නිසා බොසාටම එපා වෙලා 12ට විතඑ යමං කිවුවා.. අද එහෙම පාටක්වත් පේන්න නෑ.. අද ඇවිල්ලා මගේ රූම් එකේ මකුලු දැල් එහෙම කඩලා මැෂින් ටිකත් වෙනදට වඩා හොදට පිහිදාලා 3න් පාරක් විතර අතු ගාලා ෆුල් ක්ලීන් එකක් දැම්මා.. ජොබ් එක කොච්චර වදයක් උනත් මම මේ මැෂින් වලට පණ වගේ ආදරෙයි.. මොකද මේ මැෂින් නිසානේ මගේ ජොබ් එක තියෙන්නේ..



දැන් කරන්න දෙයක් නෑ.. බුකියේ පැත්තේ ඔලුව දැම්මා.. චැට් පාරක් වත් දාන්න ඇහැට කණට පේන්න මොකක්වත් නෑ.. මේ වෙලාවට තමයි බොස්ගෙ හත්මුතු පරම්පරාවම මතක් වෙන්නේ.. ඇයි යකෝ කරන්න වැඩකුත් නෑ..

බ්ලෝග් වලවත් කියවන්න කථාවක්වත් නෑ නේ.. තිබ්බ එවා ඔක්කෝම කියවලා ඉවරයි.. OL & AL කරන කාලේ කථා පොතක් තියා පත්තරයක්වත් අතින්වත් ඇල්ලුවේ නැති මම මේ බ්ලොග් නිසා මාර කියවීමක්නේ කියවන්නේ.. ඉස්සර යකෝ විජය පත්තරේ ගෙනාවත් අන්තිම පිටුවේ තියන “පං පෝ රිය” කාර්ටූන් එක විතරයි බලන්නේ.. අම්මා පත්තරේ ගන්නේ මට බැන බැන.. හැමදාම කියන්නේ පත්තර අන්කල් ගෙන් අන්තිම පිටුව විතරක් ඉල්ල ගන්නවා කියලා..

ඔහොම හිටපු මට උන දේ... අයියෝ සල්ලි... මම comment දාලා නැති උනාට මගේ මවුස් එකට අහුවෙන හැම බ්ලොග් එකක්ම කියවලා තියනවා.. දැන් මට කියවන්න දෙයක් නෑ..

ගිය අවුරුද්දෙනම් අර සදරුවා මාසෙට පෝස්ට් 7ක් දැම්මා.. ඒකට දැන් දාන්නේ පෝස්ට් 4යි.. එකත් දාන්නේ ඌට හිතුනු වෙලාවට විතරයි... අනිත් එක්කෙනා හිතුවක්කාරි.. එයත් ලිවුවා “තටු සිදුනු සමනළී”..  තටු සිදුනු සමනළී ඔපරේෂන් එකකින්ද කොහෙද අත් තටු හදා ගෙන පියබපු නිසා දැන් කථා නැත.. ඔක්කොම කවි වගේ එවා..



පෝය දවසේ නම් කියෙවුවා රත්ගමයගේ කෙටි කථාව.. පිස්සු කොල්ලෙක් ඩොකෙක් වෙච්ච එක.. ෆට්ටයි එකනම්.. මට එක එදා තමයි අහුවුනේ.. (බ්ලොග් එක නෙමෙයි ඒ කථාව, බ්ලේග් එක අහුවෙලා ගොඩක් කල්)
අනේ කවුරු හරි තව ලව් ස්ටෝරියක් ලියන්නකෝ... මට වැඩ නැති වෙලාවට කියවන්න.. බූට් කථාවක් උනත් කමක් නෑ..

 --------------------------------------------------------------------------------------------

කස්ටිය දැන් අවුරුදු එහෙම ජයද..? තාම ආවෙත් නෑනේ.. මම මේ මගුලක් කථා කරනවා.. මම නම් දැනටම අවුරුදු කන්න ප්ලෑන් කරන් ඉන්නේ 2500 ක්‍රමේට..



ඒ කිවුවේ මම අවුරුදු කන්නේ කැම්පස් එකේ කැන්ටිමේ...


ප/ලි : මම මුකුත් බිවුවේ නෑ හොදේ..

Tuesday, April 3, 2012

ආ‍ඩෝ, අන්න උබේ කෑල්ල යනවා.


වසර : 9 වසර
වේලාව : විද්‍යාව පීරියඩ් එක
ස්ථානය : සායියාගේ විද්‍යාගාරය

කස්ටිය දන්නවනේ සාමාන්‍යයෙන් ස්කෝල වලව හැම අවුරැද්දේම ඉංග්‍රීසි වලට වගේ විද්‍යා පීට වලින් පට්ට කෑලි වගේ ටීචර්ලා එනවනේ.. අපේ පංතියේ තිබ්බ මොකක්දෝ ෆට්ට පිනකට අපේ පංතියටත් ඔහොම චූටි ටීචර් කෙනෙක් අවා..



ඇස් වහක් නෑ, ටක වහක් නෑ ‍ටීචර්ගේ අමුතුම ලස්සනක් තිබ්බා.. උස අඩි 5ක් වගේ හරහට උස අඩි එකහ මාරක් වගේ.. ඒ වගේම පංතියේ කොල්ලෝ එක්කත් පට්ටම ෆිට්.. කොහොම හරි අපේ පංතියට විතරයි ඒ ටීචර් 9 වසරේ පංති වලින් ඉගැන්නුවේ.. ඉතින් අනිත් පංති 9යේ ඉන්න උන්ට මලේ මළ..

ටීචර් අපිට උගන්නන කොට ජීවිතේට දැකලා නැති ඩයල් විනාඩියෙන් විනාඩියට අපේ පංතිය ඉස්සරහයින් යනවා.. අපේ කොල්ලොත් කවදාවත් නැතුව ඉංග්‍රීසි පොතට පාට පාට කවර එහෙම දාලා ආයි ෆුල් ක්ලියර් එකේ තියන් ඉන්නවා.. පංතියේ එක දගෙන හිටපු කොල්ලෝ අතරේ මාත් හිටියා.. වැඩක් නැති වේලාවට කැන්ටිම පැත්තේ රෝනදයක් ගැහුවත් ‍ටීච හම්බුනෝත් අහනවා,

“කොහේද සිතිර රවුම් ගහන්නේ..? පිංතියේ වැඩ නැද්ද..?”

මාත් තියන තරම් පැණි හිනාවක් දාලා “ නෑ ටීචර්..” කියනවා.. කොටින්ම කියනවනම් අපේ සෙට් එකේ කස්ටිය ටීචර්ව මතක් කරගෙන හිතට අරගෙන ගෙදර ගිහින් අතට අරගෙනත් තිබ්බා...ඒව නම් මොනවද ඉතින්.. දවසක් ඔය විද්‍යාපීඨ ටීචර්ලා උගන්නන විදිය බලන්න ලොක්කෙක් එනවනේ.. ඉතින් අපේ ටීචර්ගෙත් උගන්නන විදිය බලන්න ලොකුඋන්නැහේ ආවා.. එදා අපි ‍ඔක්කෝම ටීචර්ට බොක්කෙන්ම හිටියා.. කොහොම හරි පීර්යඩ් එක ඉවර වෙලා ටීචර් ගිහින් ආයි ටිකකින් පංතියට ඇවිත් ඔක්කෝටම ස්තූති කරා අපි මීයෝ ගිලපු පූසෝ වගේ හිටියට..



කෙල්ලොන්ගේ නම් කියලා කොල්ලෝන්ට විහිලු කරන එක සාමාන්‍ය කේස් එකක් නේ.. ඉතින් ටීචර්ගේ නම කියල අපිත් එක එකාට විහිලු කරා.. ඕක ඉතින් අපේ චූටි ටීචත් දැනගෙන තමයි හිටියේ.. ඒ උනාට ටීච පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නෑ..

ඔය උඩින්ම කිවුව දවසේ තමයි මගේ කරුම දවස ආවේ.. විද්‍යාව පීරියඩ් එය වේලාවට අපි පල්ලෙහා විද්‍යාගාරය යන්න ඕන.. එදා අපි ගියාම විද්‍යාව සර් පිනා හම්බවෙන්න ගිහින් කියලා එන්න ටිකක් පරක්කු වෙයි කියලා පණිවිඩයක් එවලා තිබ්බා.. අපිටත් ඉතින් වෙන මුකුත් ඕනේ නෑනේ.. අපිත් ඉතින් කයිය ගහ‍ගෙන හිටියා, විලි ගැහුවා (ඒ කිවුවේ පෑන් වල ක්ලිප් ගහන එකට හොදේ), විලි ගහන්න ඉතින් ලැබ් එකේ තරම් මේස ලොවෙත් නෑ.. ස්කෝල වල ගියපු කස්ටිය දන්නවා ඇත්නේ..

ඔහොම ආතල් එකේ ඉන්න කොට, අපේ බිල්ඩින් එක ඉස්සරහින් චූටි ටීචර් ගියා.. පංතියේ ඒ වෙනකොට කාල ගොට්ටියයි.. මම ටීච දැක්ක ගමන් මගේ එහා පැත්තේ ඉන්න එකාට කිවුවා..

“ආ‍ඩෝ, අන්න උබේ කෑල්ල යනවා..”

මම කිවුවේ ටීචර්ට අත දිග් කරලා ඌට ටීචර්ව පෙන්නන ගමන්.. ඌත් ‍ටීචර් දිහා බලලා “අනේ පළ හු*** යන්න කිවුවා.” මාත් ඉතින් හා කියලා කිවුවා..

විද්‍යාගාරයට ඉස්සරහා තිබ්බේ පිට්ටනිය.. ටීචර් යන වෙලාවේ අපේ ස්කෝලේ ක්‍රීඩා භාර බුවා පොඩි මල්ලා සෙට් එකකට බණ දේශනා කර කර හිටියේ.. ලැබ් එකේ තිබ්බ සද්දෙට මූ හැමතිස්සේම අපි දිහා හොර බැල්මට් එකක් දාගෙන තමයි හිටියේ..

මෙන්න බොලේ ‍ටීචර් ගිහින් විනාඩියකින් වගේ පොර මට අතින් කථාකරනවා මම ‍ජනේලෙන් දැක්කා.. මම මගේ සෙට් එකටත් “ අඩෝ අන්න අරෑ මට කථා කරනවා” කියා ගෙන ගියා ඌ ගාවට.. යකෝ මේන්න මූ අහනවා..

සර් : “ උඹ දැන් ගියපු ටීචර්ට මොකක්ද කිවුවේ ආ...?’’
මම : “මම..? ම්ම්ම්.. මුකුත් නෑ සර්”
සර් : උඹ මට බොරු කියන්න එපා.. උඹ මට කියනවද..? නැත්තම් මට ඇහුන දේ උබලගේ සර්ට කියන්නද..?

කට නිසාලුනේ මොකාදත් නහින්නේ.. මම 100ට 200ක්ම සුවර් මූට මම කිවුව එකනම් ඇහුන් නෑ කියලා.. මම හිත හිත වට පිට බලන‍ කොට දැක්කා ලැබ් එකේ ඉදන් අපේ සෙට් එක එබී ගෙන මගේ දිහා බලන් ඉන්නවා.. මේ හුත්තා ‍අපේ සර්ට මොන අටමගලයක් කියයිද දන්නැති නිසා මම හිතුවා, මම කියපු දේ කියන්න.. මොකද වරදක් කරා කියලා පිලිගත්තම දඩුවම අඩුයි කියලා අම්මා කියලා දීල තිබ්බ නිසා..

මම : “යාලුවෙක්ගේ කෑල්ල යනවා කියලා කිවුවේ” (කිවුවා විතරයි සර්නුයි, ඌත් එක්ක හිටපු ඇච්චෝ ටිකයි ඔක්කෝම හිනා වූනා.. මාත් හිතුවේ වැඩේ ගොඩ තමයි කියලා)

සර් :  ආ.. දැන් පංතියට යනවා.. මම සර් ආවම කියන්නම්.. උඹලා වගේ ඈයෝ නිසා තමයි ස්කෝලේ නමත් කැති වෙන්නේ ඕයි..

මූ එදා ඒ කරපු බලු වැ‍ඩේ තාම මතකයි.. මම මුගේ මූණ දිහා ටිකක් බලන් ඉදලා ලැබ් එකට ගියා.. ගියපු ගමන් කස්ටිය ඇහුවේ මොකක්ද සීන් එක කියලා.. මමත් කිවුවා.. ස්කෝලේ හිටපු ඒ කාලෙට මට මෙහෙම දෙයක් උනාමයි.. මට වඩා මන් අර ‍ටීචට නම කිවුව එකා බය වේලා.. විනාඩි 10කින් වගේ අපේ සර් ආවා.. සර්ට අරූ මගදි සීන් එක කියනවා මම දැක්කා, පස්සේ ලැබ් එකේ දොර ගාවට ඇවිත් මාව අපේ සර්ට පෙන්නලා ඌ යන්න ගියා..



සර් ලැබ් එකට ඇවිත් වාඩි වෙලා මට කථා කරලා,

“මම පොඩ්ඩ නැතිවෙච්ච ගමන් උඹලා මෙතන මගුල් නටන්න හදනවා නේද..? අරං වරෙන් ගිහින් සිසු අත් පොත..”

අපි‍ට විද්‍යාව ඉගැන්නුවට අපේ සෙක්ශනල් හෙඩ්නුත් පොරම තමා.. මම පංතිය ගිහින් සිසු අත් පොත අරං ආවා..

“හෙට අම්මා හරි තාත්තා හරි එක්කන් පංතියට ව‍රෙන්” කියන ගමන්ම සිසු අත් පොතෙත් සීන් එක ලියලා, ළමයි ඔක්කෝටම පංතියට යන්න කිවුවා.. එදා ඉදන් අපේ පංතියට සතියක් ලැබ් එක තහනම්.. එක නම් ලොකු දෙයක් උනා අපේ සෙට් එකට..

මම අර විහිලු කරපු එකා ඒ වේලාවේ ඉදන් මාත් එක්ක කථා කරේ නෑ.. දැන් තමයි තේරෙන්නේ උන් මාර යාලුවෝ කියලා..

ස්කෝලේ ඇරුණම හැම ප්‍රශ්නෙම ඔලුවෙ තියා ගෙන ගෙදර ගිහින් අම්මා බෙදලා තිබ්බ බත් 1ත් කළා මම නිදා ගත්තා.. මම කොහොම ද කටක් ඇරලා අම්මට මේක කියන්නේ.. ඇත්තටම මම ස්කෝලේ නම තියන් හිටපු කොල්ලෙක්.. මට දුක ඒක ගැන..

ඕන මගුලක් වෙන්න කියලා මම රෑ නිදා ගන්න කොට අම්මට සීන් එක කිවුවා.. ඒත් මම කිවුවේ ටීචර් කෙනෙක්ට විහිලු කළා කියලා අහුවෙලා සර් අන්න කිවුවා කියලා.. එතකොට මගේ තාත්තා හිටියේ රට.. කොහොම හරි අම්මා අන්නම් කිවුව නිසා එච්චර අවුලක් නැතුව මම නිදා ගත්තා..

පහු වෙනිදා මම ස්කෝලේ ගියා.. මම පංතියට යන කොට අර යාලුවායි මායි හිටියේ එක තැන, ඒත් එදා ඌ මගේ ඩෙස් එකටයි පුටුවටයි වතුර දාලා.. (9වසරේ නිසා OL, AL වලදි වගේ පණට පණ දෙන යාලුවෝ හිටියේ නෑ) එදා තමයි මට තේරැනේ මූ මහා සක්කිලියෙක් නේද කියලා.. ආපු නැති ළමයෙක් බලලා මං බෑග් එක තියලා ගියා ස්ටාෆ් රෑම් එකට චූ‍ටි ටීචර්ව හම්බ වෙන්න.. ඒ වෙන කොටත් ටීච සීන් 1ක දන්නවා.. කියලා තියෙන්නේ අර PT කරන සර්මයි.. මම ටීචට සොරි කියලා මම පංතියට එන ගමන් විද්‍යාව සර්ටත් අම්මා එනවා කිවුවා කියගෙනත් මම පංතිය ආවා.. 



අම්මා ආවට පස්සේ කොහොම හරි වැඩේ සෙන්ටිමෙන්ටල් උනා.. අවුරැද්දේ අන්තිමට චූටි ටීචර් ස්ථිර පත්වීමක් හම්බෙලා වෙන ස්කොලෙකට ගියා.. යන්න කලින්නුත් අපිට කියලා තමයි ගියේ.. එදත් මම මේ සීන් එකට සොරි කිවුවා.. අර යාලුවා පස්සේ කාලෙක මාත් එක්ක යාලු උනත් මම ඌ අතේ දුර්න් තියා ගත්තා.. කොහොම හරි 9 වසරේ වාර පරීක්ෂනෙන් විද්‍යාවට පංතියෙන්ම වැඩිම ලකුණුත් අරං විද්‍යාව සර්ටත් පෙන්නලා 10 වසරට ගියා...

මාත් ගියා එහෙනම්..

ප/ලි : මේ සීන් එක මතක් උනේ අර යාලුවා මට පහුගිය දවසක මූණු පොතෙන් සෙට් උනා.. ඌට මේ පාර කැම්පස් ඇවිත්.. ආ තව.. ඌ මට OL, AL කාලේ එහෙම ෆට්ට උදව් ටිකකුත් කරා..