Thursday, January 19, 2012

පොල් කට්ටක් පිරෙන්න චූ කරන්න බැරි මම කෙල්ලෙක්ගේ පස්සෙන් යෑම (අවසාන කොටස)

සමාවෙන්න ඕන post 1ක දාන්න ටිකක් පරක්කු උනාට.. ගිය සතියේ ගෙවල් පැත්තේ ගිහින් ආවා.. මොකද අම්මලාට මාව අමතක වෙන්න ඔන්න මෙන්න කියලා තිබුනේ.. ඉතින් ගිහින් 1ක දාල ආවා.. ඔන්න ඔය හේතු නිසා ටිකක් පරක්කු උනා..

ටිකක් විතර සතුටුයි.. පිරිවර 11කට නැගලා.. 346ක් බලන්න ඇවිල්ලා.. ඇත්තටම සතුටුයි.. දිගටම මාත් 1ක ඉන්න කියනවා.. ඔන්න හිතුවක්කාරිගේ පිහිටෙන් word verification එ‍හෙම අයින් කොරා.. දැන් කස්ටියට comment කරන්න ලේසි වෙයි..
කලින් එවා බැලුවේ නැත්තම් බලලා එන්නකෝ..

පොල් කට්ටක් පිරෙන්න චූ කරන්න බැරි මම කෙල්ලෙක්ගේ පස්සෙන් යෑම

 ඔන්න එදා මැක්කයි, අර කෙල්ලයි, අම්මයි පාරේ ගියානේ.. ඔන්න ඉතින් ඊලගට පංති තියෙනකන් මම සෑහෙන මහන්සි වුනා ඒ ගැන search කරන්න.. කොහොම හරි ගේමක් දීලා මම විස්තරේ හොයා ගත්තා.. එතකොට තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ.. මැක්කයි අර කෙල්ලයි අයියයි නංගියිලු..ඒ කිවුවේ 1ම පවුලේ නෙමෙයි..මට මතට විදියට මැක්කගේ නෑනා.. ඒ විතරක් නෙමෙයි මට ඔනම දේත් මම හොයා ගත්තා.. ඒ එයාගේ නම.. අපි මෙතන දි ශෂී කියලා කියමුකෝ.. ඉතින් ඔහෝම සති 3ක් 4ක් ගෙවිලා ගියා.. විශේෂ මුකුත් උනේ නැතත්, මම පුලුවන් උපරිමෙන් මැක්කත් 1fit උනා.. කොහොමින් කොහොම හරි මම ඉදලා හිටලා මැක්කලයි ගෙදර එහෙමත් ගියා.. ශෂී ලයි ගෙවල් තිබ්බේ මැක්කලයි ගෙවල් වලට ගෙවල් 2ක් වගේ පහළින්..

වැ‍ඩේ කියන්නේ ශෂී අපේ දහම් පාසලටත් ආවා.. එයාව වැටිලා තිබ්බේත් අපේම පංතියට.. වෙනදට දහම් පාසල් යන එක මරණවා වගේ උනා‍ට ඊට පස්සේ මම වෙනදටත් වඩා උදෙන් දහම් පාසල් ගියා.. කිසිම love 1ක් හිතේ නැතත් එයා මාත් 1ක් යාළුකමට හොදට කථා කරා.. මොකද අපි 2ම ඒ කාලේ 6වසරේ වගේ නිසා ආදරේ කියන්නේ මොකක්ද කියලා දන්නේවත් නෑ.. ඇත්තම කිවුවොත් 1ක නිකන් ආතල් 1ට වෙච්ච දෙයක්.. ඊට එහා ‍මුකුත් නෑ.. එක දවසක් මට මතකයි දහම් පාසලේ දී ඉන්න ගමන් මම එයාට ඇහැක් ගැහුවා..(තිබ්බ ආමාරුවට තමයි) මෙන්න බොලේ 1ක පාරට අහපි,,

"මොකද ඇස් ගහන්නේ ආ...?"
"ඉන්න මම අම්මට කියන්නම්"

ඔන්න ඉතින් මාත් ටිකක් ඩිම් උනා.. කො‍හොමහරි ඒ සතියේ මම පංති ගියේ නැටට් *කේ ගහගෙන.. මොකද ගෑණු විශ්වාස කරන්න එපා කියලා අර "දගය" කාටූන් එකේ දගයා, පොඩ්ඩටත් කියලා තියනවනේ..දෙයියන්ගේ පිහිටින් එදා නම් මුකුත් අවුලක් උනේ නෑ.. කොහොමින් කෙහොම හරි ඒ අවුරැද්දේ මැද වගේ වෙන කොට අපේ විද්‍යා පංතියෙන් විනෝද චාරිකාවක් යන්න හැදුවා.. 1ක මේ චාරිකාවක් කිවුවට මේ පැය 45 ගමනක්..

ඔක්කොම වැඩ ok වෙලා ට්‍රිප් 1ක යන්න කස්ටිය ලෑස්ති උනා.. ගියේ ‍ඩොල්ෆින් 2ක්.. 1ක පිරිමි ළමයි.. අනිත් 1කේ ගැල්ලමයි.. මමයි උදාරයි, මැක්කයි වෑන් 1කේ පිටුපස ආසනය අපේ නමට ලියා ගත්තා.. මතක විදියට මුලින්ම ගියේ වලස්මුල්ල පැත්තේ ‍ජල ව්‍යාපෘතියක් බලන්න, ඊට පස්සේ ගියා හරිස්චන්ද්‍ර කර්මාන්ත ශාලාව බලන්න.. ආ.. මට කියන්න බැරි උනානේ.. ට්‍රිප් 1ක යන්න මම තමයි කැමරාවක් අරං ආවේ.. කැමරාවක් කිවුවට එක අර පරණතාලේ රීල් දාන 1ක්..


ඔන්න ඉතින් හරිස්චන්ද්‍ර 1ට ගියම මම මාර ට්‍රයි 1ක් දුන්නා ශෂීගේ photo 1ක් ගන්න..කොහොමින් හරි හෙන ගේමක් දීලා උදාරගේ photo 1ක් ගන්න විදියට මම ශෂීගේ photo 1ක් ගත්තා.. ඊට පස්සේ අපි ගියේ ‍පොල්‍ හේනේ බීච් 1ට.. අපියි ගැල්ලමයිනුයි අර කොහින්ද ආපු උන් වගේ රැල්ල එහෙම පාගලා දවල්ට බත් එහෙම කාලා අල්ලන සෙල්ලම කරන්න පටන් ගත්තා.. එතකොට අපි ඉතින් පොඩි ළමයිනේ.. ඔය අතරේ ශෂීට බාබර් කියලා නමක් හැදුනා.. එහෙම කියන්න එයාගෙයි ඒ නමයි අතරේ කිසිම ගැලපීමක් තිබ්බේ නෑ..කටට ආවට අපිත් කිවුවා.. කොහොම උනත් එයාට එහෙම කියද්දී ශෂී අපි පස්සෙන් දුවන් ආවා.. ඉතින් අපිටත් වැඩේ ආතල් නිසා අපිත් දිගටම කිවුවා.. හවස 3වගේ වෙකන් පොල් හේනේ ඉදලා Group photo එකකුත් අරං අපි ගෙදර යන්න ආවා.. ශෂී පංතිය ගාවට යන්නේ නැතුව මගින් බැස්සා.. එයාව බස්සන්න වෑන් 1ක නැවැත්තුව වෙලාවේ අපේ වෑන් 1ක ඒ වෑන් 1ක පාස් කරන කොට අපි Set 1ක අයිත් බාබර්ර්ර්ර්.... කියාගෙනම ආවා.. ගෑණිට උපරිම මල පැනලා තිබ්බේ..


ඔන්න ඊලග සතියේ සුපුරැදු පරිදි අපේ පංති තිබ්බා.. විශේෂ සිදුවීම් මුකුත් නැතුව පැය 2ක ඔහේ ඉවර වේලා ගියා.. එදා මගේ වේලාව කියන්නේ උදාරයත් පංති ආවේ නෑ.. මාත් ඉතින් තනියම නිසා මගේ බයික් 1ත් අරගෙන මම ගෙදර යන්න ආවා.. පංතියට හැරෙන පාර ගාවදි ශෂීලයි අම්මා මට අතදාලා මාව නවත්ත ගත්තා.. පස්සේ මාත් 1ක හිනා වෙලා මට කිවුවා ශෂී එනකන් පොඩ්ඩක් ඉන්න කියලා.. මේ මොකක්ද වෙන්නේ කියලා මට හිතාගන්න බැරි උනා.. මට 1ක පාර මීටර් උනේ එදා ඇහැක් ගහපු සීන් 1කද දන්නෑ කියලා.. ඕන මගුලක් වෙන්න කියලා මාත් හිටියා.. ටිකකින් ශෂී ආවා.. මට උන්හිටි තැන් අහිමි උනා...


"මොකක්ද ඔය ළමයා මේ ළමයට ‍බාබර් කියලා කියන්නේ..?"
"මෙයාගේ තාත්තා බාබර් කෙනෙක් නෙමෙයි"

තව මොනවදෝ කිවුවා.. මට මතක නෑ.. පංතියේ අනිත් ළමයි මම දිහා කන්න වගේ බලාගෙන යනවා.. මාගේ කාඩ් ඔක්කොම කුඩු උනා.. මම ඇන්ටිට පැහැදිලි කරන්න ඕන උනත් මට වචන 2ක 3කට වඩා කථාකර ගන්න පුලුවන් උනේ නෑ.. ඔය අතරේ මගෙන් ඇන්ටි ඇහුවා තව කවුද මෙයා විහිළු කරේ කියලා.. මම මුකුත් කිවුවේ නෑ..

ශෂී තව එකෙක් පෙන්නුවා එයාගේ අම්මට.. ඇන්ටි ශෂීවත් ඇදගෙන ගියා ඌ ලගට.. මට වගේම ඌටත් බනිනවා ඇහුනා.. ටිකක් වෙලා එක දිහා බලන් හිටපු මම මුළු සර්වාන්ගෙ තිබ්බ ඔක්කොම සක්තිය කකුල් 2ට දාලා බයික් 1ක පෑගුවා උදාරලයි ගෙදරට.. ඔය අතරේ මට ඇහුනා ඇන්ටි කෑගහනවා..

"ඒයි... ඔහොම හිටපන්... මමතාම කියලා ඉවර නෑ.."

මම නෙමෙයි පස්සවත් හැරිලා බැලුවේ.. කෙළින්ම නැවැත්තුවේ උදාරලයි ගෙදර.. ඌට විස්තරේ කිවුවා.. පැයක් විතර උන්ලයි ගෙදර ඉදලා මමත් ගෙදර යන්න ආවා.. එනගමන් පංතියේ පාර ගාවට මීටර් 100ක් විතර බයික් 1ක නවත්තලා බැලුව තාම ශෂී ඇන්ටියි ඉන්නවද කියලා.. මොකද කොච්චර පොර ටෝක් දුන්නත් එ වේලාවේ මම ෆුල් හොල්මන් වෙලා හිටියේ.. එදායින් පස්සේ මම හිතාගත්තා විහිලු දන්නැති අයට කවදාවත් විහිලු කරන්නෑ කියලා.. අනිත් එක මම මේහෙම බැනුම් ඇහුවේ පළවෙනි පාරට..

කොාහොම හරි ඊලට සතියේ පංති යන කොට අපේ සර්ට ඔක්කොම ආරංචි වෙලා.. පංතියෙන් එක්කන් ගිය අන්තිම ට්‍රිප් 1ක තමයි කිවුවා..විහිලු දන්නැති අයට කවදාවත් විහිලු කරන්න එපා කිවුවා, මින් පස්සේ  ඔහොම දෙයක් ආරංචි වෙන්න ඉඩ තියන්න එපා කියලත් කිවුවා.. ඒ ඔක්කොම කිවුවේ පොදුවේ.. අපේ සෙට් 1ක කියලා මුකුත් කිවුවේ නෑ.. ඊට පස්සේ තමයි අපිට ආරංචි උනේ ශෂී කියන්නේ එච්චර හොද චරිතයක් නෙමෙයි කියලා.. ඒ ඔක්කෝම කිවුවේ එයාගේම අයියා වන මගේ මිත්‍ර මැක්කා.. එදායින් පස්සේ අපි ශෂීව සත 5කට ගනන් ගත්තේ නෑ.. මේ සිද්ධිය උනේ මතක විදියට 2002 වගේ අවුරුද්දේ.. මේ ලගදී දවසක අපේ ‍එකෙක්ට ශෂීව හම්‍බවෙලා තිබ්බා.. තනියම නෙමෙයි පොඩි බබෙකුත් 1ක.. බබා කාගෙද කියලා ඌ අහලා තිබ්බෙත් නෑ.. අපි දන්නෙත් නෑ ඔන්න...


ඔන්න එහෙනම් පොල් කට්ටක් පිරෙන්න චූ කරන්න බැරි මම කෙල්ලෙක්ගේ පස්සෙන් යෑම ඉවරාරාරා...යි...

නම් සියල්ල බොරු ඒවාය...

9 comments:

  1. "ඒයි... ඔහොම හිටපන්... මමතාම කියලා ඉවර නෑ.."

    ඒකට මට පැලෙන්න හිනා ගියා බං.. දගයා කියපු එක ඇත්ත වගේ..

    තව කතා එනතුරැ හිදිමි. අද මම එකද කොහෙද..

    ReplyDelete
    Replies
    1. අහ්.. අහ්.. ඉක්මනටම තව කථා එනවා අයියේ..

      Delete
    2. සිරා අපි එනවා !

      Delete
  2. හෆ්ෆා... මාර කතාවක්නෙ.. මෙහෙමයි හැබැයි සිතියෝ.... මමනම් අකමැතියි ඔය චරිත හොඳ නෑ කිය කිය ප්‍රසිද්ධ කරනවට. එහෙම ගෑණූ ළ්මයෙක් නරකයි කියන්න හුඟාක් කොලොන්ට ඉතින් පදනමක් නෑනෙ. ඔයාගෙ කතාවෙ ශෂී ගැන නම් මංදා.

    කොහොම වුනත් හැමදේම වෙන්නෙ හොඳටලුනෙ..:D සිතීට දැන් හොඳ වෙලා ඇතිනෙ..;)

    ප.ලි- හ හා කමෙන්ට් කරන්න ලේසියි තමා, ඔන්න මට ස්තූති කලාට තැන්කූ හොදේ...;)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ස්තුතියි හිතූ.. අනේ මගේ හිතේ නම් එයාට මඩ ගහන්න කිසිම උවමනාවක් නෑ.. නමුත් එයා හොදට හිටියනම්, දැන් හොද තැනක ඉන්න තිබ්බා..

      හිතූ තව උදව්වක් කරන්න බැරිද..? මූණුපොතේන් comments කරන code 1ත් දාන හැටි කියන්නකෝ.. මම හෙන ගේමක් දුන්නා.. ඒත් හරියන් නෑ..

      Delete
    2. අහ්හ් ඉන්නකෝ මම ලින්ක් එකක් දෙන්නම් බ්ලොග් එහෙක.. ඒකෙන් යන්න..

      http://developers.facebook.com/docs/reference/plugins/comments/

      ගිහින් බලන්නකෝ ට්‍රයි කරලා

      Delete
  3. කතාව පට්ටය:D
    ඒත් උඹේ වේගය මදිය තව අලුත් පොස්ටු ටිකක් ඉක්මනට දාපිය.
    පලවෙනි කොමෙන්ටුව උනාට උඹේ බෝලොක්කේ සුද්ද කලේ මීට පෙරය.

    ReplyDelete
  4. ස්තූතිය..
    අනිවා Shaaanu.. මම 1ක පිළිගන්නවා.. වැඩ වැඩියි.. පුලුවන් ඉක්මනට කථා දානවා..

    ReplyDelete
  5. Casino Night Near DC - MapyRO
    Find all Casino Night near DC in Las Vegas, NV. 청주 출장안마 We've been a part of the 파주 출장샵 local 고양 출장마사지 gaming scene for over 15 경기도 출장안마 years. You'll 충청북도 출장안마 find casino at the Wynn.

    ReplyDelete

පුලුවන් හැටියට ඔන්න ලිවුවා.. අදත් පොඩි සප් එකක් දීලා යන්න..