Saturday, January 21, 2012

වයි this කොළvari කොLaවරී......ඩී

Why This Kolaveri Kolaveri Kolaveri Dee?
Why This Kolaveri Kolaveri Kolaveri Dee?
Rhythm Correct..
Why This Kolaveri Kolaveri Kolaveri Dee?
Maintain This..
Why This Kolaveri? Dee..

ඇත්තටම  අපේ රටේ සිංදුව නැගලා යන්නේ සිංදුව කියන ගායකයගේ හැකියාව නිසාද...? නැත්තම් සිංන්වේ තනු නිර්මාණ කරුගේ හැකියාව නිසා ද....? මේ ගැන කථා කරන ම‍ට සංගීතය ගැන මේලෝ සංසාරෙක දැනීමක් නම් නෑ.. නම්ත් රස වීදීමේ හැකියාව නම් උපරීමේටම තියනවා.. අපේ රටේ යම් කිසි සිංදුවක් Hit උනාම ඒක කරටි කැඩෙන්නම හිට් වෙනවා.. හැබැයි ඒ මාසෙකට විතරයි.. ඊට පස්සේ සිංදුව ලොවෙත් නෑ, ඉරිදා පොලෙත් නෑ.. ඇත්තටම මට නම් තේරෙන් නෑ මේන මේ සිංදුව කියක එකාගේ වැරුද්දක්ද නැත්තම් අහන අපේ වැරුද්දක් ද කියලා..

කස්ටියට මතකද දන්නෑ 2008 අවුරුද්දේ D'tap ලා ගැහුවා "ලන්දු".. ඇත්තටම තරිදූ අයියලාටවත් හිතා ගන්න බැරුව ඇති සිංදුව එච්චරටම හිට් වෙයි කියලා.. මොකද ඉතින් ඒ කාලේ කාට හරි කෝල් 1ක් ගත්තත් යන්නේ " ම‍ගේ ආදර ලන්දු.. ඇයි ඔය නෙතු අග කදුළු..("ඇයි මොකෝ බං") ඒ anwcer කරාම ඌ කියන එක"

ඊට පස්සේ ආවා "යායට පායනා" මේකත් ඉතින් කොල්ලයි බල්ලයි ඔක්කෝගෙම අතරේ එපා වෙනකන්ම හිට් උනා.. කොටින්ම කියනව නම් අවුරුදු 50 පැන්න අපේ බාප්පත් ඕක ringing tone එකට දාගෙන හිටියා.. මට කියලමයි දාගත්තෙත්.. (අර සිකුරු හතේ තියනවා වගේ " 60 පැන්නත් බැදලා නැත්තම් ඌ කොල්ලනේ") අන්තිමට සිංදුව කොහොම උනත් එකේ හිටපු කෙල්ල නම් කොල්ලෝ අතරේ ඔක්කෝටම වඩා හිට් උනා කියලයි අරෑ කිවුවේ.. ( අරෑ කියනේ කවුද කියලා දන්නැති කස්ටිය comment කරන්නකෝ.. එතකොට මම කියන්නම්)

"අයි සෝ ලෝන්ලී.. Broකන් එන්ජල්.." ටත් ඔය සෙතේම තමා උනේ.. මට නම් හිතෙන්නේ ලංකාවේ ගොඩක් උන් (මා ද ඇතුලුව) මේ සිංදුව ඇ‍වුවේ ඒකේ තිබ්බ මෙලඩි 1ට.. මෙලෝ තේරුමක් දන්නැතුව.. වැඩේ කියන්නේ කස්ටිය පස්සේ තමයි දන්නේ මේක මේ කලින් ගහපු සිංදුවේ ඉතුරැ කොටස කියලා.. ඔන්න ඊට පස්සේ තමයි "පුරේ love" ("පුරේ love" නෙමෙයි බොල "pure ලව්") කියල එකක් තියනවා කියලා අපේ කට්ටිය දන්නේ..

මම මේ ලගදී පාරේ යන කොට අලුතින් රෙදි කඩයක් open කරලා Dj 1ක් එහෙම දලා තියනවා.. මට නිකන්  ලස්සන සිංදුවක් 1ක ටකරන් හඩකුත් ඇහෙනවා.. මම තව ටිකක් ලං වෙලා බැලුවා මොකක්ද බොලේ මේ කියලා.. අයියෝ සල්ලි කියන්නේ Broකන් එන්ජල් miක්ස් කොරලා කාවාඩිවකුත් 1ක.. අනේ එක ආරාශ්ට වත් ඇහුනනම් ඌ කීයටවත් ලංකාවට නම් ආයි එන්නේ නෑ ෂෝ කරන්න.. එච්චරටම (සි)රා... අනේ *කේ කිවුවලු....

තවත් ඉතින් හොද හොද ඒවා මතක් වෙනවා..

මේ දවස් වල හිට් වෙමින් පවතින් "තේරේ මේරේ" "කොලවරී" ටත් මේ සෙතේම වේවිද...?

මේ ඔබේ අවධානය පිණිසයි....!

ප/ලි : සම(හ)රක් කට්ටිය  "තේරේ මේරේ" සිංදුව බලලා තමයි Bodyguard බලලා තියෙන්නේ....

ප/ප/ලි : මේ සියල්ල මගේ කුඩා මොලේට හිතිච්ච ඒවා පමණි හොදේ....

                                                                

12 comments:

  1. අඩෝ උඹත් ලියන්න පටාං ගත්ත එහෙනම් ඈ???
    එල එල..දිගටම ලියමු මචාං
    :D :D

    සින්දු ගැන කියපු කතාව සහතික ඇත්ත බන්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං.. දිගිටම හිටපන්නෝ..

      Delete
  2. ඔය කෝලාවරී සින්දුව හැම තැනම හිට් වෙලා තියෙන්නේ බං ... මම කොහෙන්ද මන්ද ඇහුව යුරෝප් වල විතරක් නෙමෙයි ජැපෑන් වල නයිට් ක්ලබ් වලත් ඕක නැගල යනවලු.

    ඒක නෙමෙයි බං අර අරූ කවුද බං ....:D

    ReplyDelete
    Replies
    1. එහෙමද බං.. සිංදුව ඉවරයි එහෙනම්... අහ් උඹ බබා.. ඌ කවුද කියලා දන්නේම නෑ..

      Delete
  3. ඇත්ත. එකගයි කතාවට. කාලෙන් කාලෙට මොකක් හරි සින්දුවක් නිතරම ඇහෙනවා එපා වෙනකම්ම.. ඔය කිව්ව සින්දු සෙට් එකම එහෙම එපා වෙනකම් ඇහිච්ච සින්දු මටනම්..

    ReplyDelete
  4. why this Kolavery di – මෙහෙම හොදයි ද?
    http://piyumwila.wordpress.com/2012/01/22/why-this-kolavery-di-%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8-%E0%B7%84%E0%B7%9C%E0%B6%AF%E0%B6%BA%E0%B7%92-%E0%B6%AF/

    ReplyDelete
  5. මේ කොලවෙරි ගීය ඔය තරම් ජනප්‍රිය වුණාට මටනම් එහෙම එකක් දැනෙන්නෙ නෑ. හිතෙන්නෙම අමුවට කියනවා වගේ. අනික ඕනැම සිංදුවක් ඕනැවට වැඩිය හිට් උනාම එපා වෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.. මටත් එහෙම ගතියක් නම් දැනෙනවා..

      Delete
  6. සහතික ඇත්තය.. !

    **ප/ලි : සම(හ)රක් කට්ටිය "තේරේ මේරේ" සිංදුව බලලා තමයි Bodyguard බලලා තියෙන්නේ....***

    ReplyDelete
    Replies
    1. ඒකනේ කින්නේ.. ස්තූතියි සෑම් අයියේ..

      Delete

පුලුවන් හැටියට ඔන්න ලිවුවා.. අදත් පොඩි සප් එකක් දීලා යන්න..