Saturday, January 28, 2012

මට ඉන්නේ පට්ට කෑල්ලක් ද...? නැත්තම් normal කෙල්ලෙක් ද...?

‍මේ ප්‍රශ්නේ නිසා මගේ මොළේ අඥ්ඥ කොරොස් වෙලා තියෙන්නේ.. ඇත්තම කිවුවොත් ඉතින් මම මේක මේ විහින් දාගත්ත ප්‍රශ්නයක්.. මට මේ ගැන ලියන්න හිතුනේ මූණූ පොතේ බිත්තියේ තිබිලා පහු ගිය දවසක හම්බුන ඔන්න ඔය පල්ලේහා තියන පත්තර කෑල්ල නිසා..



මම මේ ආයි ඔය ලිපියේ ලියලා තියන ඒවා කියන්න යනවා නෙමෙයි.. මොනවා උනත් "සමන් එදිරිමුණි" ලියපු දේ නම් සහතික ඇත්ත..

ඇත්තටම මට ඉන්නේ පට්ට කෑල්ලක් ද...? නැත්තම් normal කෙල්ලෙක් ද...?



සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක්.. මට මේ කියන දෙන්නම ඉන්වා කිවුවොත් ඔය ගොල්ලෝ පුදුම වෙයි නේද..? හික් හික්.. ගනන් ගන්න එපා අනේ අපි තාම කොල්ලොනේ.. දැන් මේවා කරන් නැතුව කවදා කරන්න ද..? බ්ලා බ්ලා...මම ඉතින් 6 වසරෙදිත් කෙල්ලෝ පස්සේ ගියපු එකෙක් නේ..

වැ‍ඩේ කියන්නේ එක නෙමෙයි.. දැන් මට ඉන්න මේ කෙල්ලෝ දෙන්නගෙන් කවුද ‍පට්ට කෑල්ල.. කවුද කෙල්ල කියන එක.. මට දැන් කරන්න වෙලා තියෙන්නේ අර අපි 5 වසරෙ දී වගුවක් ගහලා වාසි අවාසි ලිවුවා වගේ කෙල්ලෝ දෙන්නත් දෙපැත්තේ තියලා උන් දෙන්නගෙන් මාව තේරැම් ගන්න පුලුවන් කාටද..? මට ආදරේ කරන්නේ කවුද...? මං ආසම දේවල් කරන්නේ කවුද කියලා CR පිටුවක් අරං අධ්‍යනය කරන එක තමයි..

අනේ කොල්ලනේ.. මම උබලට කියන්නේ ජෝක් එකට දෙකක් තුනක් කරත් කවදවත් මේ මං ගොනා වගේ සීරියස් නම් 2, තුනකට ලවි කරන්න නම් එපා.. එක්කෙනෙක් Dialog නිසාත්, අනිකා Mobitel නිසාත් ෆෝන් 2ට පිං සිද්ධ වෙන්න ශේප් එකේ දෙකම මේ වෙනකන් රන් වෙනවා.. මුන් දෙන්නම දන්නවා මට තව එක්කෙනෙක් ඉන්වා කියලා.. මාව බෙදාගන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ.. මේ දෙන්නා කොහේ හරි හම්බවුනොත් කොහොම වලියක් යයි ද කියල නම් මම දන් නෑ.. පැත්තකට වෙලා මට බලන් ඉන්න තමයි තියෙන්නේ.. ඇත්තටම මේ දෙන්නටම මං බොක්කෙන් ලව් කරනවා.. ඒ නිධාව කථාවත් මම ඉක්මනටම ලියන්නම්..

මගේ කලදසාවත් සමග මට දැන් මේ දෙකෙන් එකක් තොරා බේරා, ඇය ගැන මගේ මාපියන් දෙපළද දැනුවත් කිරීමට මට සිතට පහල වී ඇත.. මට ‍වඩා බාල මල්ලිලා නංගිලා සහ මගේ යා‍ලුවෝ උගේ කෙල්ලත් එක්ක බීච් එකේ අත් අල්ලන් යනකෝට, බස් එකේ එකට වාඩි වෙලා යනකෝට, උන්ගේ ගෙවල් වල කට්ටියත් එක්ක රට වටේම ට්‍රිප් යන කොට මට ඉරිසියාවේ බැරිය.. අනේ දෙයියනේ මුන් දෙන්නගෙන් කවුද ‍මං තෝරගන්නේ..? වෙලාවකට මුන් දෙන්නම රෑ කෑමට ගන්නේ මාවය.. මාගේ ඔලුව ය.. රෑ 11හ 12හ වෙනකන් නින්දක් නැත.. ෆෝන් එකටද නිදහසක් නැත.. බැටරිය දවස් 2න් බැස යයි.. දවසට රී ලෝඩ් වලට බර ගානක් පූජා ‍කරයි.. ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්.... මේ ඔක්කෝම මතක් වෙන කොට තමයි හිතෙන්නේ මුන් දෙන්නම නැතුව,

තව අළුත් එකක් සෙට් කරගත්ත නම් ඉවරයි කියලා....

ප/ලි : "මුන්" කියා ආමන්ත්‍රනය කරේ ආදරේටය :D

14 comments:

  1. කෙල්ලෝ දෙන්නෙක් දාගෙන ඉන්න උඹට සුභ ආනාගතයක්

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ කොල්ලා මට කලින් රගේ දන්නාවා ව‍ගේ.. ස්තූතිය ආවට මේ පැත්තට..

      Delete
  2. ශෆ්ෆෝයි!!! දෙන්නෙක්ට එකසැරේ ආදරේ කරන්න??? :/ ශික්...නෝටි හෆ්ෆා...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්..ඇත්තට මට මේකෙන් ගැලවෙන්න විදියක් කිවුවොත් ලොකු දෙයක් අනේ...

      Delete
  3. //මම ඉතින් 6 වසරෙදිත් කෙල්ලෝ පස්සේ ගියපු එකෙක් නේ..//

    මූව කෝටු මස් කොරන්න එපෑ

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්... ගනන් ගන්න එපා ඔබා මාමේ.. ඔබා මාමාත් කොල්ලා කාලේ ඔහොම වෙන්න ඇතිනේ දැන් ඔහොම කිවුවට..

      Delete
  4. අපොයි දෙකක් කරනව කියන්නේ නිවනක් නැහැ බොල. හැබැයි දෙන්නම දන්නව නම් ෂේප්..

    ReplyDelete
    Replies
    1. සෑම් අයියටත් අත්දැකීම් තියනවා වගේ..හොදා හොදා.. මොන ශේප් ද.. දෙන්නම මාව කනවා..

      Delete
  5. උම්බට වෑඩි නම් එකක් දීපන් කො මට...

    ReplyDelete
    Replies
    1. මේකනේ මචං.. උන් දෙන්නම උබට වඩා උසයිනේ.. උබේ ගානට හරියන්න මම 6යේ 7තේ නංගි‍ කෙනෙක්ව දාගත්ත දවසට උබට කියන්නම්.. බ්ලා බ්ලා...

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. බත් ඇති තෑනටලු කොස් තියෙන්නේ.මේ එකක්වත් අපිට නැහැනේ.

    ReplyDelete
    Replies
    1. උබටත් එහෙම හිටියනම් තේරෙයි තියන සැප..

      Delete
  8. එල කොල්ලෙක්නෙ... :D

    ReplyDelete

පුලුවන් හැටියට ඔන්න ලිවුවා.. අදත් පොඩි සප් එකක් දීලා යන්න..