Wednesday, March 28, 2012

(ප්‍රතම) + ප්‍රේමය 04


ඉතින් ඔහොම කාලය ගෙවිලා ගියා.. සදුනි වෙනද වගේම පංති ආවා.. මේ වෙන කොට මම සදුනිට සිරාවටම try කරනවා කියලා දැන ගෙන හිටියේ පවන්තයි, උගේ කෑල්ල පවනි විතරයි.. අනිත් උන් දැනගෙන හිටියේ මම නිකන් ආතල් එකට පස්සෙන් යනවා කියලා විතරයි.

මේ වෙද්දි මම කොමර්ස් වලට පංති ගියේ නෑ.. මොකද O/L වලට තව ගොඩක් කල් තියන නිසා මටත් එච්චර ගාණක් උනේ නෑ.. හැබැයි අම්මගෙන් තිබ්බ වදේට මම කොමර්ස් පංතියකටත් ගාටන්න පටන් ගත්තා.. පංති තිබ්බේ සෙනසුරාදා උදේ.. මමත් ඉතින් පංතිටට ගිහින් වාඩි වෙලා හිටියා.. මගේ ෆිට් බුවාලා කවුරැවත් නෑත උන් යන්නේ මේ සර් ගෙම ඉරිදා තියන පංතියට.. ස්කෝලේ බුවාලා දෙතුන් දෙනෙක් හිටිතයත් උන් මගේ බොක්කේ සෙට් 1කේ උන් නෙමෙයි.. මමත් ඉතින් මගේ පළවෙනි දවස නිසා අන්තිම පේළියේ වාඩ් වෙලා හිටියා..

කොල්ලෝ ඉන්න පේළි වල‍ට එහා පැත්තේ තමයි කෙල්ලොන්ගේ පේළි තිබ්බේ.. පංතියට enter වෙන්නත් තියෙන්නේ පංතිය පිටි පස්සෙන්.. සර් පංතිටය ආවත් එනකං දන්නේ නෑ.. කෙල්ලෙක් එනකොට උනත් පිටි පස්ස හැරිලම බලන්න ඕන. එහෙම එහෙම කෙල්ලෙක් බලන්න චාන්ස් එක හම්බෙන්නෙත් අඩුවෙන්.. කොල්ලෝ පංතියට යන්නේ පටන් ගන්න විනාඩි 5ක් වගේ තියලා.. මොකාද එකා වගේ පංතිය වටේ ඔලුව හරව හරව ඉන්නකොට තව එකෙක් ඇවිත් මගේ පේළියේ වාඩි උනා..

“කීයටද මචං පටන් ගන්නේ...?”

මූත් මම වගේ අද මේ පැත්තට ආපු එකෙක්..

“8ට තමයි බං පටන් ගන්නවා කිවුවේ.. කොහොමද දන්නෑ මාත් අද තමයි මචං ආවේ..”

ඌත් එක්ක චැටක් දාගෙන ඉන්න කොට ටිකක් මාත් එක්ක ෆිට් උනා.. ටිකකින් සර් ආවා.. ළමයි ඔක්කොමලා නැගිටලා ආයුබෝවන් කිවුවා.. දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවා වගේ...

“ සදුනි ”



මට ඉබේටම කියවුනා.. කෙල්ලොන්ගේ 3වෙනි පේළියේ කොනේ මෙන්න මෙයා වාඩි වෙලා ඉන්නවා.. මාව කරකවලා අතඇරියා වගේ.. ඒ වගේ ෆට්ටම සතුටුයි.. එයා මාව තාම දැක්කේ නෑ.. මාව දකින්න නම් එයා ඕනි කමින් පිටි පස්ස හැරිලා බලන්න ඕන.. සර් ගාණක් දීලා අපි ලගට ආවා..

සර් : “අද ද ආවේ...?”

මම : “ඔව් සර්”

සර් : “උබේ ස්කෝලේ කොහේද..? මොකෝ මෙච්චර වේලාසනින් පංති අවේ ආ..?”

සර් නෝන්ඩියක් දාගෙනම මගෙන් එහෙම ඇහුව..

මම : “ම්ම්ම්.. රාහුලේ සර්,”

“ ඒකත් එහෙමද.. කමක් නෑ තමුසෙලා දෙන්න අනිත් දවසේ ඉස්සරහයින් ඇවිත් වාඩි වෙනවා.. මට ‍ඔච්චර දුර කෑ ගමන්න බෑ බං..” කියා ගෙන සර් ඉස්සරහට ගියා..
සර් අපිත් එක්ක කථා කරේ හිම්න් නිසා අනිත් ළමයිට ඒක එච්චර නෝට් උනේ නෑ.. මගේ එහා පැත්තේ හිටපු එකා ජනාධිපති එකේ පොරක්.. 

8  තිබ්බ පංතිය 10ට ඉවර උනා.. පොත් 2ක රෝල් කරං පෑන් 2ත් සාක්කුවට දාගෙන මම බයික් 1ක ගාවට ගියා පට්ට බඩගින්නක් තිබ්බ නිසා ඉක්මනට ගෙදර යන්න.. බයික් 1ක හරවලා ගේට්ටුව ගාවට ගනිද්දිම “සදුනි” 

ඔව් සදුනි, මම දිහා බලලා කට කොනින් හිනාවක් දාලා යන්න ගියා. එයා ගේට්ටුවෙන් ගියාත් එක්කම මාත් එයාගෙ පස්සෙන් බයික් 1ත් තල්ලු කරන් ගියා.. සමාජ අධ්‍යයන පංතියට වෑන් එකෙන් එන මෙයා දැන් යන්නේ මාර්ච් එකක.. අයියෝ සල්ලි.....
එයා ගියා.. ම‍ට ඉතින් මොන කාර් ද මගේ ෆුට් බයිසිකලෙන් අලුත සෙට් උන යාලුවත් නග්ගන්, ඌව බස් හෝල්ට් 1ට දාගෙන මමත් ගෙදර ගියා..


ඔය විදියට මාස 2ක් විතර ගියා.. ඒ වෙනකං සදුනිට මම try කරනවා කියලා ආරංච් වෙන්න මම ඉඩ දුන්නේ නෑ.. ඒත් මගේ හිත මට නොදැනිම මම මාර පිස්සෙක් කරා.. පිඩම් කරත් ෆෝන් එක දිහා බලන් හිටියේ කවදා මේකට සදුනිගෙන් කෝල් 1ක් එයිද කියලා..

අන්තිමට මම තීරණයක් ගත්තා.. මම මගේ නෑනට කිවුවා සදුනිගෙන් මම ගැන අහන්න කියලා.. කැමති නම් එහෙ‍මයි නැත්තම් මමත් හිත හදාගෙන පාඩම් කරන්න ගන්නවා කියලා..
අපි මෙතනදී මගේ නෑනට “සචී” කියලා කියමු..

මම සචීට ඕක කිවුවේ එයා අපේ ගෙදර ආපු වෙලාවක.. එදා ඉරිදා දවසක්.. සචී සදුනිගෙන් අහන්නේ සදුදාට තමයි.. ඒත් මට උත්තරයක් දැන ගන්න වෙන්නේ සෙනසුරාදට..

ඔන්නම මහා බාලාපොරොත්තු ගොන්නක් තියා ගෙන විද්‍යාව පංති ගියා.. සචී ඇවිත් හිටියා.. මම ගිහින් ඇහුවා.. මමයි සචීයි අයියයි නංගියි කියලා පංතියේ හැම 1ක් ම දැනගෙන හිටියේ.

මම : සදුනිගෙන් ඇහුව ද..?

සචී : ම්ම්ම්.. ඇහුවා.. එයා එක පාරම බය උනා සුදු අයියේ (මට කියන්නේ එහෙමයි)

මම : ඊට පස්සේ..?? එයා ඇඩුවෙ එහෙම නෑනේ..? මුකුත් උත්තරයක් දුන්නේ නැද්ද..

සචී : “හා” කියලා කිවුවේ නෑ.. බලමු කියලා කිවුවා.. එයාට බයයිලු සුදු අයියේ..

ඔන්න ඔහොමයි උනේ.. බයවෙන්න මම යකෙක් ද නේද.. පස්සේ මේ සීන් එක මම මගේ අති ජාත මිත්‍ර පවන්තයට කිවුවා.. 

“ හු*** බලමු කියන්නේ කොළ කොඩිය.. නවත්තන් නැතුව මෙච්චර කල් හිටපු විදියට හිටපන්.. මම ඉතුරු ටික පවනිට කියලා කරලා දෙන්නම්.”

ඌ කිවුවේ ඔහොම.. මගේ අම්මයි තාත්තයි දන්නව නම් මූ මට මේවට බොක්ක දෙනවා කියලා අපේ ගෙදර පස් පාගන්න දෙන 1ක් නෑ.. හික්ස්..
සචී සදුනිගෙන් ඇහුවට පස්සේ කොහොම හරි එයාලගේ ස්කෝලේ වැඩේ ටිකක් ලීක් වෙලා තිබ්බා.. ඒ වෙනකොට මගේත් තව යාළුවෝ පස් හය දෙනෙක් සීන් 1ක දැනගෙන හිටියා..

*ප/ලි : මේ දවස් වල පට්ට බිසී අෆ්ෆා.. මූණූපොතට එන්නේ හිටපු ගමන්.. එකයි පරක්කු කථාව දාන්න..  ආ.. 22 කස්ටිය ඔක්කොද එනවා නේද..?

12 comments:

  1. කලින් එක මතක නැහ‍ැ වගේ.. :(

    ReplyDelete
    Replies
    1. අ‍ඩේ එහෙම කියන්ඩ එපා බං.. අම්බානෙක වැඩ බං..

      Delete
  2. හපෝ මුං පොඩි කාලේ ඉඳලම කරන වැඩ.....

    ReplyDelete
    Replies
    1. හික් හික්.. එහෙම තමයි පොඩි ළමයි..

      Delete
  3. හැදෙන ගහ අර මොකද්ද පැත්තකින් දැනෙනවා ලු නේ .... :P

    ReplyDelete
  4. අහම්බයෙන් වගේ අද තමයි මේ පැත්තට ආවේ ..... කතාව දිගටම යනවනේ .....?
    උඹේ නම නම් අහල පුරුදුයි ... ඒත් බ්ලොගේ මීටර් උනේ අද

    ReplyDelete
    Replies
    1. එහෙනම් ආයුබෝවන්ඩ කියනවා.. අඩේ එහෙනම් මම උබේ ණය කාරයෙක් ද දන් නෑ...

      Delete
    2. එහෙම නම් කීයක්‌ හරි දීපන් බන් .... ගාන නම් මතකත් නෑ

      (හි හි .... :ප)

      Delete
    3. හික් හික්.. උඹ 22 එනවද...? එදාට සෙට් වෙමු..

      Delete
  5. කොහෝමහරි කමන්නෑ බ්ලොගේ නම් ඇස්වාක් කටවාක් නෑ පට්ට වෙන්න හදලා තියනවා ..

    කතාවත් ගලාගෙන යනවා .. බලමු

    ReplyDelete
  6. ඇඩේ අප්පා සදරු අයියා ඇවිල්ලා.. ඔන්න මල් තියල පිලිගනවා.. බොහොම ස්තුතිය් අයියේ..

    ReplyDelete

පුලුවන් හැටියට ඔන්න ලිවුවා.. අදත් පොඩි සප් එකක් දීලා යන්න..