මොන මගුලක් ද මේක.. අද ඉරිදත් වැඩ.. පෝය දවසෙත් වැඩ.. යකෝ වැඩ කරනවා කියලා මෙහෙමත් වැඩ කරන්න ඕනද..? අවුරැද්දට නිවඩු දීලා පටන් ගන්නේ 23ලු.. ඒක නිසා බොසා කියනවා ඉරිදයි පෝයයි වැඩ කරන්න කියලා.. දේවකාරියට වඩා රාජකාරිය ලොකුයි කිවුවත් මාර වැඩක්නේ මේක.. මේක ඇවිල්ලා මාර අවුරැද්දක්නේ යකෝ.. දැනටම බර ගානකට කෙලලා ඉවරයි.. සෑහෙන බොන්න ඕන ප්රශ්නයක්..
මට ඇති වැඩකුත් නෑ.. නිකන් studio එකට වෙලා ආතල් එකේ ඉන්න තියෙන්නේ.. ඒ උනාට ගෙදර හිටිය නම් මීට වඩා ආතල් නේ.. මට නිවාඩු තිබ්බත්, මේ දවස් දෙකට නිවාඩු ගත්තොත් වැටුප් රහිත නිවාඩු ලු වැටෙන්නේ.. මාර ආණ්ඩුවක් නේ මේක.. ඉදපන්කෝ මමත් හරි බොසෙක් උන දාට බලාගන්නම්..
පෝය දවසෙනම් වැඩ කරන කස්ටිය වැඩ වලට සයිට් වලට ගිය නිසා බොසාටම එපා වෙලා 12ට විතඑ යමං කිවුවා.. අද එහෙම පාටක්වත් පේන්න නෑ.. අද ඇවිල්ලා මගේ රූම් එකේ මකුලු දැල් එහෙම කඩලා මැෂින් ටිකත් වෙනදට වඩා හොදට පිහිදාලා 3න් පාරක් විතර අතු ගාලා ෆුල් ක්ලීන් එකක් දැම්මා.. ජොබ් එක කොච්චර වදයක් උනත් මම මේ මැෂින් වලට පණ වගේ ආදරෙයි.. මොකද මේ මැෂින් නිසානේ මගේ ජොබ් එක තියෙන්නේ..
දැන් කරන්න දෙයක් නෑ.. බුකියේ පැත්තේ ඔලුව දැම්මා.. චැට් පාරක් වත් දාන්න ඇහැට කණට පේන්න මොකක්වත් නෑ.. මේ වෙලාවට තමයි බොස්ගෙ හත්මුතු පරම්පරාවම මතක් වෙන්නේ.. ඇයි යකෝ කරන්න වැඩකුත් නෑ..
බ්ලෝග් වලවත් කියවන්න කථාවක්වත් නෑ නේ.. තිබ්බ එවා ඔක්කෝම කියවලා ඉවරයි.. OL & AL කරන කාලේ කථා පොතක් තියා පත්තරයක්වත් අතින්වත් ඇල්ලුවේ නැති මම මේ බ්ලොග් නිසා මාර කියවීමක්නේ කියවන්නේ.. ඉස්සර යකෝ විජය පත්තරේ ගෙනාවත් අන්තිම පිටුවේ තියන “පං පෝ රිය” කාර්ටූන් එක විතරයි බලන්නේ.. අම්මා පත්තරේ ගන්නේ මට බැන බැන.. හැමදාම කියන්නේ පත්තර අන්කල් ගෙන් අන්තිම පිටුව විතරක් ඉල්ල ගන්නවා කියලා..
ඔහොම හිටපු මට උන දේ... අයියෝ සල්ලි... මම comment දාලා නැති උනාට මගේ මවුස් එකට අහුවෙන හැම බ්ලොග් එකක්ම කියවලා තියනවා.. දැන් මට කියවන්න දෙයක් නෑ..
ගිය අවුරුද්දෙනම් අර සදරුවා මාසෙට පෝස්ට් 7ක් දැම්මා.. ඒකට දැන් දාන්නේ පෝස්ට් 4යි.. එකත් දාන්නේ ඌට හිතුනු වෙලාවට විතරයි... අනිත් එක්කෙනා හිතුවක්කාරි.. එයත් ලිවුවා “තටු සිදුනු සමනළී”.. තටු සිදුනු සමනළී ඔපරේෂන් එකකින්ද කොහෙද අත් තටු හදා ගෙන පියබපු නිසා දැන් කථා නැත.. ඔක්කොම කවි වගේ එවා..
පෝය දවසේ නම් කියෙවුවා රත්ගමයගේ කෙටි කථාව.. පිස්සු කොල්ලෙක් ඩොකෙක් වෙච්ච එක.. ෆට්ටයි එකනම්.. මට එක එදා තමයි අහුවුනේ.. (බ්ලොග් එක නෙමෙයි ඒ කථාව, බ්ලේග් එක අහුවෙලා ගොඩක් කල්)
අනේ කවුරු හරි තව ලව් ස්ටෝරියක් ලියන්නකෝ... මට වැඩ නැති වෙලාවට කියවන්න.. බූට් කථාවක් උනත් කමක් නෑ..
--------------------------------------------------------------------------------------------
කස්ටිය දැන් අවුරුදු එහෙම ජයද..? තාම ආවෙත් නෑනේ.. මම මේ මගුලක් කථා කරනවා.. මම නම් දැනටම අවුරුදු කන්න ප්ලෑන් කරන් ඉන්නේ 2500 ක්රමේට..
ඒ කිවුවේ මම අවුරුදු කන්නේ කැම්පස් එකේ කැන්ටිමේ...
ප/ලි : මම මුකුත් බිවුවේ නෑ හොදේ..
ඔබත් මෙක නිකමට ලිව්ව වගෙ, මමත් මෙක නිකම්ට කියෙව්ව. ගොඩක් රස වින්ද. හෑබයි ඉතින් බොසා කියන විදියට තමයි අපිට තව කලයක් යන කල් නටන්න වෙන්නෙ. ඔහ්ම කිව්වට, ඉස්සරහ්දි සිතිර බොසෙක් වුන දාට, වෙසක් පොය දවසෙත් කොල්ලොන්ගෙන් වෑඩ ගනි ද දන්නෙ නෑ! අඩෙ තව එකක්, අර් ඩොකාගෙ කතවෙ ලින්ක් එකක් දුන්න නම්...
ReplyDeleteඅම්මට සිරි මෙන්න මූ ඔෆීෂියල් වෙලා.. මට ඔබ කියනවා.. එළ එළ..
ReplyDeleteමෙන්න පාර : http://sun-ge-lookaya.blogspot.com/2011/06/blog-post_44.html#comment-form
කැන්ටිමෙන් කෑම තමයි මේ පාර කන්න වෙන්නේ ........ ඒත් අවුරුද්දට ඒකත් වහයිද ????
ReplyDeleteඅඩේ ඔවි මයි.. මටත් ඒක හිතුනා.. එහෙම උනොත් ඉතින් අවුරුදු කුමාරයා වෙන්න තමයි වෙන්නේ..
Deleteඔහොම තමයි මචං. අපි ජීවත් වෙන්න ජොබ් එක කරන්න ඕන. ඒ වෙලාවට සමහර කැප කිරීම් කරන්න වෙනවා. මම ගෙදර යන්නේ 12 වෙනිදා හවස 4 ට. ආයෙත් 18 වෙනිදා වැඩ. අළුත් අවුරුද්ද දවසේ මගේ අඩුව පුරවන්න කොළඹ කිට්ටුව ඉන්න කෙනෙක්ට වැඩ කරන්න වෙනවා. ඒක තමයි ස්වභාවය.
ReplyDeleteවේලාවකට හිතෙනවා නේද බං මොන කරුමයක්ද කියලා.. මම නම් ඒ වෙලාවට හිත හදාගන්නේ ප්රටිවට් බස් කාරයෝ 3වීල් අයියලා දිහා බලලා.. උන් ඉතින් 365ම වැඩ නේ.. ඒ අතින් අපි හොදයි..
Deleteමොන වැඩේ තිබ්බත් 22 එන්න හොදේ..
අඩේ දැනුයි මතක් වුනේ 2500න් අවුරුද්ද කන්න වෙන්නේ කියලා :d
ReplyDeleteඅදමයි මේ පැත්තේ ආවේ ජය වේවා කොල්ලෝ.අනිත් උන්ට ලියන්න කියන්නේ උබම මොනවහරි ලියපන්කො.
අඩේ දැන් හරි මතක් වෙච්ච එක ලොකු දෙයක්.. තව පොඩි දවසක් තියනවනේ.. මම මගේ කථා දන්නවනේ බං.. උබලා ලියපං මම කියවනවා..
Deleteස්තූතිය මචං ආවට..
වැඩ නැත්තං සෑමගේ බ්ලොග කොනක ඉදං බලපං :))
ReplyDeleteඅඩේ උබලට එහෙම හරි නිදහසක් තියෙන එකට තුටු වෙයන්. අපිට ගෙදර ආවහම තමා බ්ලෙග්.. :(
මම බළලා තියෙන්නේ සෑමෝ.. comment දලා නැති උනාට මම පරණ ඒවත් ඔක්කොම බලලා තියෙන්නනේ.. පරණ ඒවට comment දැම්මට උබ බලන් නෑනේ..
Deleteඉස් ටුඩියෝ කිව්වේ මොන ඉස් ටුඩියෝද මලේ . . මටත් ස්ටුඩියෝ එකකින් කොර ගන්න වැඩක් තියෙනවා .. .
ReplyDeleteඅහ් අවුරුද්ද එහෙනම් ජයටම කන්න වගේ ලේස්තිය 2500කින් . . . හික්z
අහ්හ්.. දුකා අය්යත් ඇවිල්ලා... සාදරයෙන් පිලිගන්නවා අයියේ.. මම Digital Printing කරන්නේ.. අයියට මොකක්ද කර ගන්න ඕන..?
Delete