කට්ටිය කියවන් ඇතිනේ මම ඔෆීසියත් එක්ක මළ පැනලා දාපු පෝස්ට් එක.. පස්සේ ඉතින් හා හා පුරා කියලා අපිට 10 වෙනිද නිවාඩු හම්බුනා.. ආයි පටන් ගන්නවා කිවුවේ 23 වෙනි සදුදා.. කොච්චර බැන්නත් අපේ ඔෆීසිය කොච්චර හොදද කියලා තේරැනේ පස්සේ.. මොකද මගේ අනිත් ඔෆීසි වල ඉන්න යාළුවෝ හැමෝටම වගේ පටන් අරං තිබ්බේ 18,19 වගේ.. ඉතින් මමත් ආතල් එකේ 11 වෙනිද ගෙදර ගිහින් මකුලු දැල් කඩලා ගෙවල් හොදලා, වැඩක් නැති හැම කුණු ගොඩක්ම පුච්චලා අවුරුද්දත් කාලා.. නැ නෑ මාව අවුරුද්ද කලා 21 හවස ආවා කොළඹ..
ඔව් ඔව් 21 ආවේ 22 සයිබර් අවුරුදු උත්සවේට යන්න ඕන නිසා.. 21 රෑ 10 වෙනකුනුත් බලන් හිටියා මගේ ඊයට රෙජිස්ටර් නම්බරේ එනකං.. මොන නෑ.. ඕන මගුලක් වෙන්න කියලා නිදාගත්තා..
උදේ 7ට එලාම් 1ක වැදුනත්, තව විනාඩි 5ක් ඉදල නැගිටිනවා කියලා නැගිටින කොට 8යි.. නියම විනාඩි පහ.. කුණු කෙළ පිටින්ම මැෂිම ඕන් කරලා ඊය චෙක් කොරලා බැලුවා.. මොන නෑ.. දැන් ඉතින් යන්නත් මොකක් ද වගේ.. මම හිතුවේ මගේ බ්ලෝග අලුත් නිසා මට එවලා නැතුව ඇති කියලා.. 23 එන්නේ නැතුව ගෙදර ඉදන් 21 ආවේ මේ මගුලටම යන්න ඕන නිසානේ කියලා හිතාගෙන යන්න ලෑස්ති උනා..
ලෑස්ති වෙලා ඉවර වෙනකොටත් 9යි.. එන්න කියලා තිබ්බෙත් 9ට නේ.. කොහොමින් හරි උදේටත් බඩට ඔම්ලට් බන් එකකුයි අලිගැට පේර ජූස් එකකුයි දාගෙන නැග්ගා බස් එකට.. කොළඹ ඇවිත් අවුරුදු බර ගානක් උනත් කුරේ ග්‍රවුන්ඩ් එක තියන තැන දන්නැති නිසා පෝන් එකේ ගූගල් මැපත් ඕන් කරන් Get Direction නුත් අරං ලේසියෙන් යන්න ඕන පාරත් පහු කරං කොහෙන්දෝ ඩොටේ පාරකින් 10 වෙන කොට ග්‍රවුන්ඩ් එකට ආවා.. නියම GPS තාක්ෂනේ.. කියලා වැඩක් නෑ..
![]() |
කොහොමද කස්ටිය |
හරියට මුලින්ම ස්කෝලේ එක වසරට ගියා වගේ.. ස්ටේජ් එකේ සෙට් එකක් ඉන්නවා.. ගේට්ටුව ගාව ඉදන් කල්පනා කරා මොකද කරන්නේ කියලා.. ගියා ස්ටේජ් එක ගාවට.. යන ගමන් හම්බුන ඩයල් එකකින් ඇහුවා රෙජිස්ටර් වෙන්නේ කොතනද කියලා.. “අන්න අතන මචං” කියලා ග්‍රවුන්ඩ් එකේ කොනක් පෙන්නුවා..
ගියා එතෙන්ට.. දෙයියෝ මූණ බැලුවා වගේ හොදට ෆැමිලියර් ඩයල් එකක් ඉන්නවා.. මාත් එක්ක එකට ජනක සර් ගේ ක්ලාස් ආපු පොරක්.. නියම සනීපයක් දැනෙන්නේ.. ගියා රෙජිස්ටර් වෙන තැනට.. නම්බරේ ආවේ නෑ කිවුවම නම ලියලා රු.100ක් දීපන් කිවුවා කෑම එකට.. දිලා උගේ දිහා බැලුවම තමයි දැක්කේ පපුවේ ගහලා තියනවා “පොඩි මෑන් - ලට්ට ලොට්ට” අම්මට සිරි පොඩි මෑන් කොහොමද කියලා කථා කරන්න හිතුනත් ලැජ්ජ නහරේ තාම කපලා නැති නිසා හිනාවක් දාල යන්නම් මචං කියලා ආවා.. වැඩියත් එතන ගෑණු දැරිවියෙකුත් හිටියා.. පස්සේ තමා දන්නේ ඒ පොඩි මෑන් ගේ භාර්්‍යාව කියලා...
![]() |
කෝ..කෝ.. මගේ අංකේ |
![]() |
නමෝවිත්තියෙන් පටන් ගමු |
ටික වේලාවකින් නමෝ විත්තියෙන් බුදුන් වැදලා, ජාතික ගීය කියලා දිලුම් සහෝදරයවත් ආදරයෙන් මතක් කරලා වැඩේ පටන් ගත්තා.. ඔය අතරේ බ්ලොග් ගඩොල්, රත්ගමයා හම්බෙලා කථා කරා.. උන් එකෙක්යත් මාව දන් නෑ.. ඒ උනාට කමක් නෑ.. මම උන්ව දන්නවනේ.. මීටර් 100ය මුලින්ම පටන් ගත්තා..
නිකං බලං හිටියට කස්ටිය අදුරන් නැති නිසා දෙවෙනි තරගය වුන කනා මුට්ටිය බිදින්න යන්න හිතාගත්තා.. පෝලිමට යන්න කලින් හොරාට ගිහින් ගානට අඩි ගාණ මැනන් ආවත් ඒකත් කෙළ වුනා.. මුට්ටිය බිදින්න පෝලිමේ ඉන්න කොට පිටසක්වලයා, ගැමියා, නාකියා වගේ දුකා අයියාත් එක්කත් කථා කරන්න හම්බුනා.. ඒක ෆට්ට සතුටක්.. ඒත් ඉස්සෙල්ලා වගේම උන් එකෙක්වත් මාව දන් නෑ..
![]() |
ෂිට්.. ආදී 12ට වඩා තිබ්බනේ.. මගේ කකුලේ අවුලක්ද මන්ද |
මඩ ගහන කස්ටිය නම් උපරීමේටම ඒක කර ගත්තා.. පිස්සා ආවා කියලා ආරංචියක් ආවත් මට නම් හම්බවුනේ නෑ.. රංග අයියා ඇවිල්ලා තිබ්බත් පොරගේ ලුක් එකේ හැටියට කාථා කරන්න ටිකක් බය හිතුනා.. 12විතර මගේ යාලුවා සදුදා කැම්පස් පටන් ගන්නවා කියලා ලෑස්තිවෙන්න ඕන කියලා යන්න ගියා.. ඌ ගියට පස්සේ මම ෆුල් තනි පංගලම් වුනා..
කොහොමහරි කන ටයිම් එකේ මාතර අයියා කෙනෙක් සෙට් උනා.. හිතුමතේ තමයි එයාගේ බ්ලෝග් එක.. නම නම් මතක නෑ.. පොරත් එක්ක අත් ට්‍රැක්ටරේ එංජිම උඩ බත් එක තියන් කන කොට සෝස පාට බ්ල්වුස් එකක් ඇදපු ගෑල් ළමයෙක් මගේ ඉස්සරහින් ගිහින්, ආයි එහා පැත්තේ තිබ්බ මේසෙ ගාවට එන ගමන් මං ගාවට ඇවිත් “ හායි....!” ගෑවා.. බැලුවා මූණ.. ෆැමිලියර් ඩයල් එකක් නෙමෙයි.. මාත් “හායි” ගාන ගමන් බැලුවා උඩ ඉඩ ඉදන් පල්ලෙහාට.. අෆ්ටෙ සිරි මෙන්න බොලේ තියනවා ලේබලේ “හිතුවක්කාරී - හිතුවක්කාරිගේ හිත”.. මූණූ පොතේ චැට් පාරක් එහෙම දාලා තියන නිසා කථා කරන්න බය වුනේ එහෙම නෑ.. පස්සේ ඉතින් කෑවද, බිවුවද, කොයි වෙලාවෙද ආවේ.. වගේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න ටිකක් අහලා මම අත සෝදන්න ගියා..
ඔහොම මොකාද වගේ ඉන්න කොට තමයි වැප් අයියයි ප්‍රසාන් අයියයි හම්බ වුනේ.. වචන 2ක 3කින් ප්‍රසාන් අයියයි මායි ෆිට් වුනා.. එවෙලෙම අන්ධයාට යෝගට් කැවීම පටන් ගත්තා.. අපි 2ත් ගියා ඕන එකක් වෙන්න කියලා.. අභීත අයියා හොර කරානේ.. නැත්තම් අපි දෙන්නා දිනුම්.. මූණ සෝදන්න ගියාම තමයි දන්නේ මම යෝගට් කෑවට වඩා නාලා කියලා.. ඒ වෙලාවේ සදා අක්කත් හම්බුනා.. ආ... තව ප්‍රදීප්ගේ පිටුව ලියන ප්‍රදීප් අයියත් අදුර ගත්තා.. කස්ටිය කබ අදිනකන් බලන් ඉදල යන්න හදනකොට තමයි වැපා කිවුවේ “ඔහොම පොඩ්ඩක් හිටපන් ගෘප් පොටෝ එකට”
බිබිළි නගින බෙළිකටු.. Dj එක.. දැන් තමයි බෝ පැළ වගේ හිටිය ළමයිගේ වැඩ එළියට ආවේ.. අනේ අම්මෆා.. මෙහෙමත් නැටිල්ලක්.. මම මෙච්චර දවස් දැම්මේ නෑ වීඩියේ එක.. නමුත් කස්ටියගේ බලවත් ඉල්ලීම පරිදි ඔන්න දැම්මා..
අනේ දුශ් අක්කේ මාත් එක්ක තරහ වෙන්න නම් එපා.. අක්කා මාව අදුරන්නෙත් නෑ.. මගේ බ්ලෝග් එකට ඇවිල්ලත් නෑ.. හදිස්සියෙවත් අක්කා මේ විඩියෝ එක දැක්කෝත් මාව අදුරන් නෑ වගේම ඉන්න.. :පී
කොහොමින් කොහොම හරි ලස්සන දවසක අවසානයත් ආවා.. ඇත්තටම ෆට්ට ලස්සනයි.. කියන්න කිසිම අඩුපාඩුවක් නෑ.. රුපියලත් වල බහින මේ වගේ කාලෙක අපෙන් සත පහක්වත් නොගෙන මේ වගේ සිරා වැඩක් සංවිධානය කරාට රාජ් අයියා ඇතුළු සංවිධායක මණ්ඩලේට බොහෝම ස්තූතිය.. ඇත්තටම අපි ගොඩක් විනෝද වුනා.. කස්ටිය අදුර ගත්තා.. රස ලෝකයයි.. ලබන අවුරුද්දේ එකටත් මොන ලෝකෙ හිටියත් එන්න ට්‍රයි කරනවා..
![]() |
ඔය ඉන්නේ කට්ටිය ලස්සනට |
හික් හික් හික් මං ලඟත් තියේ ලඟදිම දෙන්නම්කෝ විඩියෝවකින් :DD
ReplyDeleteදාන්න..දාන්න.. අයියේ තියන ඉන්නේ නැතුව..
Deleteවාසල එක්ක තිබුනු ඩාන්ස් එක තිබුනේ නැත්ද වැපෝ :D
Deleteවාසල අයියා ආවේ නැහැනේ සහෝදරයා මල්ලි
Deleteහික්ස්.. ඔය තියෙන්නේ නියමෙට.. දැනුයි මඩ පටන් අරන් තියෙන්නේ මට පේන විදියට
ReplyDeleteතමා පටාන් ගත්ත විතරයි..
Deleteබොහොම ස්තුතියි මල්ලි. අපේ සයිබර් අවකාශයේ අළුත් පරණ කියලා බේදයක් නෑ. අපි කවුරුත් එකයි. දිගටම ලියන්න. දිගටම අපිත් එක්ක ඉන්න. සුබපැතුම්...
ReplyDeleteඅනිවා අයියේ.. පුලුවන් තරම් කාලයක් ඉන්නවා.. එපා වුනාම කියන්න හොදේ..
Deleteඅපිට ලේසියෙන් එපා කරවන්න බෑ මලයා...
Deleteඅපොයි හත් දෙයියනේ.......... කෝ මේ රුචකයා.... වැපා ... උඹ මම පජාත වෙන වීඩියෝ එකක් දැම්මොත් මම අර උඹේ එක හොයාගෙන ආයේ දානවා....
ReplyDeleteඅඩේ.. අද අභීත අයියත් ඇවිල්ලා..අනේ වැපා අයියේ කොහොම හරි හොයල ඔය වීඩියෝ එක දන්නා.. අභීත අයියා නිසා මට යෝගට් ගේම දිනන්නත් බැරි උනා..
Deleteඅඩේ හොදම හරියෙදි අපි ඇවිල්ලා.. අපරාදේ.. ඇඩෙනවෝ.... :((
ReplyDeleteඅන්න දැක්කද... ඕකට තමය කියන්නේ පින නැ කියල.. අන්තිම ටිකේ ගොඩක් අය ගිහින් තිබ්බ සැමෝ..
Deleteඅඩේ මල්ලියා උඹට නේද මම අභියාගේ පෝස්ටුවේදි වරෙන් මම ඉන්නවා නේ කියලා කිව්වේ???????
ReplyDeleteෂික් මට උඹව උඹ කතා කරන කොට හරියටම අදුන ගන්න බැරිවුනා නේ....(හේතුව දන්නවා ඇතිනේ) එත් මම උදේම කට්ටියගෙන් ඇහුවා අර අභියගේ පෝස්ටුවට "මෙහෙම" කිව්ව මලයා ඇවිත් ඉන්නවද කියලා... බලපන් ඒකෙත් හැටි...
උඹ මට ඒ සිද්දිය ටිකක් මතක් කරන්න එපැයි කොල්ලෝ..:(
වෙන දවසක හමුවෙමු ආයේ... එදාට උඹේ ලැජ්ජා නහරේ මම කපනවා...
අය්යෝ සල්ලි තමා නාකි අයියේ.. මමත් එක දැනේ බොලේ දැක්කේ.. නැත්තම් මම අනිවා කතා කරනවා... අවුලක් නැ.. අපි වචන 10ක් 12ක් හරි කතා කරනේ.. එක ගැන හිතල සතුටු වෙමු..
Deleteඅනිවා අනිවා ආයි වෙලාවක සෙට් වෙමු..
හිකිස් නියම ඩාන්ස් එක රුචා ගේ
ReplyDeleteයරි සෝක්.. හසී අක්කත් ඇවිත්.. ටැංකිවු.. ටැංකිවු.. නියමයි කියන්නේ මල් 7යි..
Delete:)
ReplyDeleteමාත් මෙතනට එනකොට අදුනගෙන හිටියේ එකම එක මගේ යාළුවෙක් විතරයි. එයත් ඉතිං වැඩවලට රටවටේ දුවනවා. මං ඉතිං එයාගෙ පස්සෙන් යන්නයැ....
හිටියා පැත්තකට වෙලා.....
ඒත් මාත් එදා අදුන ගත්තා ගොඩක් අයව. ගොඩක්ම සතුටුයි ඒකට.
මෙන්න තවත් මගේ බෝට්ටුවේ හිටපු එකෙක්.. අය්යෝ බං.. දන්නවනම් අපි දෙන්නට සෙට් වෙන්න තිබ්බ..
Deleteටැංකිවු වේවෝ මේ පැත්තට ආවට..
This comment has been removed by the author.
ReplyDeleteඑක තමා කියන්නේ... ඉතින් මොකෑ අවේ නැත්තේ ආ..?
Deleteමෙහෙමත් නටනවද? ශික් එන්න තිබුනනං කියල වැඩක නැහැ.
ReplyDeleteඑක තමා කියන්නේ... ඉතින් මොකෑ අවේ නැත්තේ ආ..?
Deleteසිරාවටම..හොදම ටිකේදිනෙ අපි ඇවිත් තියෙන්නේ...:(
ReplyDeleteමෙන්න තවත් පින නැති එකෙක්.. මමත් ගිහින් බං වැපැ නොහිටින්න..
Deleteඔන්න මමත් අයියගේ බ්ලොග් එකට ආවා ප්‍රථම වතාවට... වීඩියෝ එකනම් පට්ට ඈ.... නටනකොට මෙච්චර ලඟ ඉඳලත් මගේ ඇහැට නොදැක්ක නැටුම් පවා මේකේ තියෙනවනේ මාරයි.. නටන්න තියා අතක් පයක් හොල්ලගන්න බැරිව හිටියේ කඹ ඇදලා නැත්තම් මෙහෙම චාන්ස් එකක් ලැබුනාම නටන්න බැරි වුනත් පෙරලි පෙරලි හරි ඉන්නවාමයි ඊළග සැරේ අනිවා නටන්න ඕනේ... ඔයාව අඳුන ගන්න ලැබීම සතුටක්
ReplyDeleteඅඩේ.. මල් තියලා පිළිගන්නවා ඕං... උබලා ඉතින් ගැණු පරානයක් දිහා බලන් ඉන්න ඇති.. එතකොට මේව පේන් නෑ නොවැ..
Deleteකොහොමහරි මේකට ඇවිත්ම මටත් හිතුනා බ්ලොග් එකක් ලියන්න...
ReplyDeleteඇත්තෙන්ම මම ආසයි සයිබරයෙන් එලියට ඇවිත් වැඩක් කරන අයට... ජයවේවා !
(ස්තූතියි නම සඳහන් කලාට)
අනිවා ලියන්න ලියන්න අයියේ.. මටත් ලියන්න හිතුනේ කට්ටිය ලියපුවා කියවන කොට තමයි..
Deleteපොටෝස් වල අයිතිකාරයා ඔයානේ අයියේ.. ඕකට ස්තුති කරන්න ඕනෙයි...?
අපිත් ඉන්නේ :D
ReplyDeleteඔය ඉන්නේ යස අගේට..
Deleteමලයෝ ඔබ මගෙන් මැරුම් කනවා මං දන්නේ එච්චරෝ
ReplyDeleteහුටා.. අනේ මෙන්න කට්ටය මාව බේර ගනියෝ.. උඹලට මම කිවුවා නේද මේක දාන්න කියන කොටම..
Deleteදැන් අක්කා කොහොමද මාව මාරන්නේ.. අනේ එක පාර මා මරන්න.. :පී
ඒක පාරම මරන්නේ කෝච්චියට තල්ලු කරලා
Deleteඑහෙනම් අවුලක් නෑ.. මොකද මම කෝච්චි වල යන් නෑ..
Deleteඅඩෝ දුෂ්... සද්ද එපා හරිය...
Deleteහික්ස්ස්... කතා නොකර යන එක හරි නෑනෙ.. ඒ නිසා හායි කිව්ව ඉතිං..;) හි හි..
ReplyDeleteමාර නැටිල්ලක්නෙ .. අපි කලින් ගියානෙ..:/
හම්මා මාර ඩාන්ස් එකක්නේ බොලේ කට්ටියගේ. දැනුනෙ දැක්කේ කස්ටියගේ නැටිල්ල.. අඵරාදේ එදා අන්තිම වෙනකන් හිටියේ නැහැනේ :(
ReplyDeleteකොහෙද ඉතින් පින නෑ.. පින නෑ..
Deleteකෙලින්ම කියනවා නමි stripper කෙනෙක් වගේමයි දුශ් අක්කා නටන්නේ :P :P
ReplyDeleteආ...! ඔය තියෙන්නේ.. අපි දූශ් අක්කගෙන්ම අහමු..
Deleteඅපොයි දෙයියනේ... වීඩියෝ එකෙන් ගම කාලා ය!!!
ReplyDelete:ඩී
කවුද බොලේ මේ..? ගම කාලාද.. අනේ මන්ද.. ඔයා තමයි එහෙම කිවුවේ..
Deleteරැවටෙන්න එපා.. ඕක කොල්ලෙක්.. ඔයා මෙයා කියන්න... ගාල්ලෙ ගෙට් එකේදි අයියල බලාගෙන ඉදියා මූ එනකං.. :D
Deleteඅපරාදේ.. ඔය ඩාන්ස් එකට වෙලාවේ අපි ගිහින් නේ.. සිරා දවසක්.. ආයෙත් ඉතින් තව අවුරුද්දක් ම බලන් හිටපන් කෝ!!
ReplyDeleteතවත් පින නැති එකෙක්..
Deleteහයියූ.....ඔන්න මමනම් අඩයි අයියො මේපැත්තට ආවේ.....:)
ReplyDeleteමෙව්ව ඩකිනකොටනම් ඇඩෙනව අප්ප.....:‘(
අඩේ එළ එළ... මල් තියලා පිලිගන්නවා ඔන්න.. ඇඩෙන්නේ තනි ඇහැට ද නැත්තම් දෙකටම ද..? :D
ReplyDeleteඑල එල ඈ
ReplyDeleteNaughty ද මන්ද..
Deleteමල් සරා කිවුවනං මතකයිනෙ බං බ්ලොග් එක පැත්තෙ ආවෙ අද උනාට උබ කමෙට් කරනව මගෙ එකට මතකයි...... මොකඩ උඹට මාත් එක්ක කතා කරන්න ඔච්චර ලැජ්ජාවක් උබත් එක්ක කතා කරන්නත් බැරි උනා.. පස්සෙ වෙලාවක සෙට් වෙමුකො...
ReplyDeleteරුචාගෙ ඩාන්ස් එකට ගහන්නනං ඉතිං ඩාන්ස් එකක් නෑ ලොවෙත්... :D
ආයි එහෙම ඉන්නේ නැ මචං.. මම උබත් එක්ක පොඩ්ඩක් කතා කරා.. උබට මතක නැ.. ආයි සෙට් වෙමුකෝ..
Deleteඑන්න බැරිවීම ගැන දුකයි ....... ආපු කට්ටිය නම් සැහෙන්න දැක්කා බුකියෙන්.
ReplyDeleteමේ බ්ලොග් එක පැත්ත පොඩ්ඩක් වෙනස් වෙලාද කියලත් හිතුනා අද දකීද්දී ......
දැන් ඉතින් දුක වෙලා වැඩක නැ බං.. වෙනස් වෙලාද බං..?
Deleteඇයි බං කතා නොකරේ?
ReplyDeleteසියිස් එක 6x4 නිසා පොඩ්ඩක් මේවුවා වුනා..
Deleteමාත් අද මේ පැත්තට ආවේ... හිතූ ගේ බ්ලොග් එකේ පෝස්ට් එකෙන් හොයාගෙන... එන්න පින නොතිබූ තවත් අවාසනාවන්තියක්....
ReplyDeleteඅහ්.. බොහොම ස්තූතියි මේ පැත්තට ආවට.. ලබන පාරවත් එමු නේද..
Delete