Monday, May 14, 2012

෴ ඔබා මාමා ෴

ඊයේ උදේ මූණූ පොතට ආපු ගමන් දැක්ක දෙයින් මම හිතුවේ ඔබා මමාට අලුත්ම මඩ ව්‍යාපාරයක් යනවා‍ කියලා.. ඒත් ඒ ආතල් සිතුවිල්ල විනාඩි 2ක 3කින් දියවෙලා ගියේ මාරගේ පෝස්ට් එක දැක්ක ගමන්..

ඇත්තට කොහොම විශ්වාස කරන්න ද.. වචන පහ දහයකට ව‍ඩා අපි කථා කරලා නැති උනත් ඔබා මමා නියම මනුස්සයෙක් කියලා මම දැනගෙන හිටියා..

අපේ මේ බ්ලෝග් ජීවීතයේ ඔබා මමා අපිට කාවද අමතක වෙන එකක් නම් නෑ.. ඒත් ලබන 19 වෙනිදට එන ඔබා මමාගේ උපන් දිනේට අපි කාටද සුභ පතන්නේ....?


10 comments:

  1. මොනා කරන්නද, මිනිස් ජීවිතවල අස්ථර බව එතුමා අපිට තේරුම් කලා..:(

    ඔබා මාමේ, ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  2. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
  3. ඔබා මාමේ ඔබට මොක් සුව

    ReplyDelete
  4. හුඟක් අයගෙ ඔබා මාමා, ටික දෙනෙකුට ඔබා අයියා, කිහිප දෙනෙකුට නිකම්ම ඔබා වුන ඔබ සිංහල බ්ලොග් අවකාශයේ තරුණ, වැඩිහිටි සියළු දෙනාගෙම ආදරණීයයෙක්, සමීපතමයෙක් වුණේ ඉතාමත් කෙටි කාලයකින්. එතරම් කෙටි කාලයකින් හැමෝගෙම ආදරය, ගෞරවය දිනාගත් කිසිවෙක් මේ සයිබර් අවකාශයතුළ කිසිදාක පහළ නොවූවා සේම කිසි දිනෙක පහළ නොවේවි. එයයි ඔබ තුළ තිබූ සුවිශේෂත්වය. ඔබවැනි සහෘදයෙක්, ලෙන්ගතු වැඩිහිටියෙක් මේ තරම් හදිසියෙන් එක් වරම නික්ම යාම අපි කොහොම ද දරාගන්නෙ, විශ්වාස කරන්නෙ. වෙනදාට නිදහසක් ලද සැනින් බ්ලොග් අවකාශයට එන්නෙ කොයිතරම් නම් සතුටකින් ද? ඒත් අද දරා ගන්න බැරි පාළුවකින් සිත වෙළිල ගිහින්. මේ හැමදෙයක්ම නැවත Undo කරන්න පුළුවන්නම්, ඒත් සැබෑ ජීවිතේට මොන Undo ද? ඔබ අපට නොකියම අපෙන් සමුඅරන්. ඒත් ඔබට සමුදීමට නොහැකිව අද අපි හැමෝම ලත වෙනව. නොකියාම නික්ම ගිය සහෘදයාණනි! ඔබට සුබ ගමන්.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  5. හැමෝටම දුකක් ආව තැනක් බොහොම සෝජනක අවස්ථාවක්

    ReplyDelete
  6. නිවන් දක්නා ජාති දක්වා ඔබට මෙවන් අකල් මරණයක් සිදුනොවේවා.....! ඔබා මාමෙ ....ඔබට නිවන් සුව...!

    ReplyDelete
  7. වෙන පෝස්ටුවක් දාන්න හිත හදාගන්න බැරි නිසාම මමත් ඔබා මාමා ගැන දැම්මා. එතුමට තිබ්බේ අමුතුවෙන් කියන්න ඕනෙ නැති මනුස්සකමක්. ඇත්තම කිව්වොත් අපිට වඩා හිත තරුණයි.

    මාත් අපේ අම්මට කිව්වා. ඔබා මාමා එක්ක ගත්ත පොටෝව පෙන්නුවා. අපෙ අම්මගෙ ඇස්වලට කදුලු ආවේ ඔබා මාමාගෙ කතාවක් වත් බලල නැතිව.

    විස්වාස කරනවද මට ඇඩුනෙ නැහැ කියලා

    ඔබා මාමාට නිවන් සුව.

    (මේ කමෙන්ටුව හැම පෝස්ට් එකකම පේස්ට් කරන්නම්...)

    ReplyDelete
  8. අනේ ඔබා මාමේ, තාමත් මේක නම් අදහන්න බෑ. අනේ කවුරුහරි කියන්නකෝ මේක ඇත්ත නෙවෙයි කියලා!

    ReplyDelete
  9. ඔබා මාමාගේ අඩුව සැමදා එලෙසම තියේවි ........ එතුමන්ට නිවන් සුව අත්වේවා...

    ReplyDelete
  10. ඔබා මාමේ, ඔබට නිවන් සුව!!!

    ReplyDelete

පුලුවන් හැටියට ඔන්න ලිවුවා.. අදත් පොඩි සප් එකක් දීලා යන්න..