Wednesday, June 6, 2012

අයියා, චුට්ටක් ඉන්න..චුට්ටක් ඉන්න..

දෙහිවල සිට බත්තරමුල්ලට යන 163 බස් එකක වෙච්ච කථාවක්..

බස් රථයේ කොන්දොස්තරට හිටියේ සාමාන්‍ය තරැණ වයසේ ඉන්න කොල්ලෙක්.. පොර බැලූ බැල්මට සාමාන්‍ය මනුස්සයෙක්.. ඒත් පොරගේ කථා ශයීලිය ටිකක් අමුතුයි.. හරියට දෙමළ පොරක් සිංහල කථා කරනවා වගේ.. බස් එක විලියම් හංදියට එනකොට ටිකට් දෙන්න පටන් ගත්තා..



"අක්කා... සල්ලි ගන්න අක්කා.."
"රුපියලක් දෙන්න අක්කා..... බහිනකොට දෙකක් ඉල්ල ගන්නකෝ.."

ඔන්න ඔහොමයි මිනිහා කථාකරන විදිය.. අදිනවා ඇදිල්ලක් හිනා යනවා නිකන්ම.. ඒ වෙද්දි බස් එකේ හිටියේ මිනිස්සු 10ක් 12ක් වගේ තමයි..  මට වඩා අවුරුදු 3ක් 4ක් වැඩිමල් වගේ වගේ පෙනුනත් පොර මටත් කථා කරේ,

"අයියා.. කොහාටද...?"

බොහොම අමාරුවෙන් හිනාව නවත්තන් සල්ලි දීලා මම පාර පැත්ත බලන් ආවා.. හෙදම ටික පටන් ගත්තේ නුගේගොඩ හංදියෙන් පංති ඉවර වුන කෙල්ලෝ, කොල්ලෝ සෙට් එකක් නැග්ගට පස්සේ.. කොල්ලෝ සෙට් එක නගින කොටම කථා වෙවී නැග්ගේ "අඩෝ අරූ ඉන්න බස් එක" කියලා.. මේ මනුස්සයට මෙහෙම හිනා වෙන එක පව් වුනත්, ඌ කියන වචන ඇහෙන ඕන එකෙක්ට හිනා යනවා..

මගේ ඉස්සර හිටිය නුගේගොඩින් නැග්ග නංගිලා දෙන්නෙක් කටවල් අල්ලන් හිනවෙනවා මම බලාගෙන ඉදලා බැරිම තැන මම හෙඩ් සෙට් එක අරං කනේ ගහගත්තා..

හැබැයි පොර අර පොඩි කෙල්ලො දෙන්නගෙනුත් සල්ලි ගත්තේ

"කියන්ඩ අක්කා... කොහාටද...?"

38 comments:

  1. මූ අක්කලට අයියලට කියන්නේ ආච්චී සීයා........ කියලද දන්නේ නෑ නේද??

    ReplyDelete
  2. එහෙනං මම නැග්ගොත් අනිවා සීයෙ කියනවා.. :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔවි ඉතින්.. නෑත්තම් කියන්න දෙයක් නෑනේ... හොක් හොක්...

      වැඩි වැඩියෙන් රාජ සම්පත්ම ලැබේවා!!!

      Delete
  3. හෙහේ..පව් දෙමල එක්කෙනෙක් වෙන්න ඇති..

    ReplyDelete
  4. හැමෝටම යටහත් පහත් විදියට කතා කරන අහිංසකයෙක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම හිතලා තමයි හිත හදාගත්තේ..

      Delete
  5. :D දෙමල එකෙක් වෙන්න ඇති

    ReplyDelete
  6. මෙතන සිද්ධිය මට පේන විදිහට නම් මාකටින් වගේ. අපිට වුණත් වැඩිමල් වගේ පේන එකෙක් අයියා කියද්දී හරි සතුටුයිනේ.... :D

    ReplyDelete
    Replies
    1. මාකටින්? බස් එකක?

      ඇයි බොල බස් එකට නැග්ගට පස්සෙ කෝමත් සල්ලි දෙන්න එපැයි. අහවල් එකටද මාකටින් එතැනට ?

      Delete
    2. දැන් ඉතින් මොකක් උනත් මාර්කටින්නේ..

      Delete
  7. කොන්දොස්තරලා ඔහොම්මමයි

    ReplyDelete
  8. කෙසෙල්හේනාව - කොළඹ බස් එකෙත් ඉන්නවා කොන්දා අංකල් කෙනෙක්. මිනිහා නම් ජොලි පොරක්. මිනිහගෙ දුවෙක්ගෙ වයසෙ කෙල්ලෙක්ට උනත් අක්කෙ කියලා කතා කරනවා. එහෙම කළාම කෙල්ලො රවලා බලනවනෙ! :D

    ReplyDelete
    Replies
    1. මන් කියපු මෑන් ඌගේ නෑදෑයෙක් ද දන්නෑ..

      ස්තූතියි..

      Delete
  9. පව් අහිංසක දරුවෙක් :)

    ReplyDelete
    Replies
    1. මොකො සෑමෝ.. අරං හදාගන්නවත් හිතුන ද..?

      Delete
  10. දෙමළ අයත් ඔහොමයි..නමුත් සමහරු තව කෙනෙක් කේන්ති ගස්සන්නත් ඔහොම කරනවා..

    ReplyDelete
  11. ඒකා හිතලා කරන දෙයක් නෙවෙයි වගේ ...... පොඩි මෝඩකමකුත් එක්ක ආපු එකක්ද කොහෙද?

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ එහෙම දෙයක් කියලා..

      Delete
  12. හයියෝ ඔහොම අය නම් ඉන්නේ ඕනතරං..... නාකි පප්පල ඉන්නේ බබාලා වෙන්න යන

    ReplyDelete
    Replies
    1. අහ්හ්... මේ ඉන්නේ තව එක්කෙනෙක්..

      Delete
  13. මගෙනුත් දවසක් එකෙක් සල්ලි ඉල්ලුවා අයියා කියලා.. මම හොඳට බැලුවා මට වඩා බාල එකෙක් කොන්දෙක් වෙලා ද කියලා.. මට පෙනුණු විදියට නම් අපේ තාත්තට විතර වයස එකෙක්..

    ReplyDelete
    Replies
    1. මර්කටින් බං.. මර්කටින්...

      ස්තුතිය අවට රැන්ගෝ..

      Delete
  14. අපෝ ඔව් බස් වල ඔය වගේ කොන්දෝ පිරිලා

    ReplyDelete
    Replies
    1. සෙට් එකක්ම යනවනම් ෆුල් අතල් එකක් ගන්න පුළුවන්..

      Delete
  15. සුදුම සුදු කෙට්ටු එකෙක් නේද?

    මටත් දවස් දෙකතුනක්ම සෙට් වෙලා තියෙනවා. ‍මෑන් ලෝඩ් කරන්නේ මරු ඇදිල්ලක් ඇදලා තමයි. කළුබෝවිලා.... කොහුවලා......... නුගේගොඩා....... බත්තරමුල්ලා...... කියලා තමයි කෑගහන්නේ. පාරෙ යන අයටත් අත දිගෑරලා කතා කරලා බස් එකට ගොඩකරගන්‍ න තමයි ට්‍රයි කරන්නේ. මුල් දවසේ නම් මාත් ‍හොල්මන් උනා. ඒත් දෙවෙනි දවසේ මෑන්ව දැක්කම නම් මාර ආනන්දයක් දැනුනා.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු.. මෑන් තමයි.. කොහොමද දෙන ආතල් එක..?

      ස්තුතියි මේ පැත්තට ආවට..

      Delete
  16. සමාජයෙ එක එක විදියෙ මිනිස්සු ඉන්නව නේ. එහෙම නොවුන නම් අපිට මේ ජීවිතේ ඒකාකාරී ගතිය වැඩි වෙනව. මම හිතන්නෙත් ඒ මනුස්සය හිතා මතා කරන දෙයක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. සිරාවට DDT.. මමත් මේක ලිවුවේ ඒ මිනිහව හැල්ලුවට ලක් කරන්න නෙමෙයි.. කොච්චර උනත් පවු ඉතින්..

      Delete
  17. මිනිහ කට්ටයි, මාකටින් වලට හොද පොරක් :P

    ReplyDelete
    Replies
    1. අහ්හ්... රස කතා... සාදරයෙන් පිලි ගන්නවා.. ඔක්කොම මාර්කටින් තමයි බං දැන්...

      උබේ බ්ලොග් එකත් අහු උනේ උබ අපු නිසානේ.. කියවමු කියවමු..

      Delete
  18. සෑහෙන්න කාලයක් මේක මගඇරිලනේ අයියේ පමා වුනාට සොරි හොඳේ.....

    මට මතක් වුනේ ගාල්ල පැත්තෙ භාෂාව... එහෙ අය ගොඩක් අදිනවනේ.හැබැයි ඉතින් ජපන් මිනිස්සු අදින ඇදිල්ල තමා ඇදිල්ල...

    ReplyDelete
  19. මෙහෙම උන් කොහෙත් ඉන්නවා... උවමනාවෙන්ම හැමෝටම අයියා/ අක්කා කියන, අපේ එකෙකුත් ඉන්නවා ඔය වගේ.. ඌට අපි කියන්නෙ නංගි කියලා....

    ReplyDelete
  20. තමුන්ගේ වයස ගැන වැටහීමක් නැති අය. මේ හට පන්න පොරවල් කියන්නේ අපිට මල්ලි කියල.

    ReplyDelete

පුලුවන් හැටියට ඔන්න ලිවුවා.. අදත් පොඩි සප් එකක් දීලා යන්න..