Wednesday, August 29, 2012

බලාපොරොත්තුව

සාමාන්‍යය මිනිහෙක් මහජන සම්පතක් ගන්නේ එදා‍ට තියන කෝටි 10 ඇදෙයි කියලා හිතාගෙන නෙමෙයි..

විභාග කාලේ පොතක් වත් අතින් අල්ලන්නේ නැතුව, යාලුවෝ සෙට් එකත් එක්ක අම්බානෙක පිස්සු කෙළලා අගෝස්තු වල විභාගෙට ලියන්නේ A3ක් අරං කැම්පස් යන්න හිතන් නෙමෙයි..

රැවුලයි, කොන්ඩෙයි වාවාගෙන බටා කෑලි දෙකක් දාගෙන බොක්කුවක් උඩ ‍ඉන්න එකාට කවදාවත් කිරි ටොයියා කෑල්ලක් සෙට්  වෙයි කියලා ඌ හිතන්නේ නෑ...

1100 එකක් පාවිච්චි කරපු එකා එකෙන් msg කරන ගමන් I pod එකෙන් සිංදු අහන එකා දිහා බලාගෙන ඉන්නේ ඌට ඉරිසියා කරන්න නෙමෙයි..

ෆුට් සයිකලෙන් යන එකා, පාරේ ඌට වඩා සිය ගුණයක් වේගෙන් ‍යන වාහන දිහා බලන්නේ, උන්ට වෛයිර කරන්නත් නෙමෙයි...

----------------------------------------------------------------------------------------------



රු. 20ක් දීලා මහජන සම්පතක් ගත්තට ඒ මනුස්සයගේ යටි හිතේ පුංචි හරි බලාපොරොත්තුවක් තියනවා
"මට මේකෙන් රු.100ක් හරි ඇදෙයි කියලා "

එකක්වත් හරියකට පාඩම් කරේ නෑ කියලා තමන්ගේ හිත හොදටම දැන ගත්තත් පේපර් එක අතට ගත්ත ගමන් දන්න ටික හරි පුලුවන් තරම් හොදට ලියන්නේ උගේ බලාපොරොත්තු කෙසේ වෙතත්, අහිංසක අම්මගෙයි තාත්තගෙයි බලපොරොත්තු කොහොමහරි ඉෂ්ට කරන්න හිතාගෙන

බොක්කුව උඩ ‍ඉන්නකොට, උගේ ඉස්සරහින් යන කපල් දිහා බලාගෙන ඉන්නේ ඉරිසියාවට නෙමෙයි.. "මමත් මෙහෙම කෙල්ලෙක් එක්ක ඇවිදින්න යන්නේ කවද්ද කියලා" හිතන පුංචි අහිංසක බලාපොරොත්තුවක් එක්ක.

I pod එකක් පාවිච්චි කරන එකාට වඩා එකේ වටින කම දන්නේ 1100 එකක් පාවිච්චි කරන කොල්ලා.. එත් "මම I pod එකක් කවදා ගන්න ද කියලා හිතුවත්", මිනිහගේ හිතේ I pod එකක බලාපොරොත්තුව නැති වෙලා යන්නේ නෑ..

අතේ තියන රු.10 වියදම් කරලා හරි තමන්ට තියන ෆුට් බයිසිකලේ පුලුවන් තරම් හොදට හදන්නේ බයිසිකලේට තියන ආදරේට.. ඒත් ඒ පුද්ගලයට කාගේ හරි වාහනයක් එක විනාඩියකට හරි එළවන්න තියන ආසාව / බලාපොරොත්තුව දන්නේ උගේ හිත විතරයි..

23 comments:

  1. ගොඩක් පස්සේ යන්නෙ නැති ආශාවන්/ බලාපොරොත්තු ඉෂ්ට වෙනකොට ඕනාම එවා අහලකවත් නතිව, පේන්නේවත් නැතිව යනවා. මට නම් ගොඩක් වෙලා තියනවා.

    ReplyDelete
    Replies
    1. වන වදුලට විතරක් නෙමෙයි ගොඩාක් මිනිස්සුන්ට වෙන්නේ ඕක තමයි.. ඔක්කොම උනාට පස්සේ තමයි පසු තැවෙන්නේ..

      Delete
  2. කතාවනම් ඇත්තම තමයි....

    ReplyDelete
  3. බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නේ. බලාපොරොත්තු නැත්නම් ජීවත් වෙලා මොකටද...?

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. බලාපොරොත්තු මිනිස්සු ජීවත් කරනවා විතරක් නෙමෙයි, මිනිස්සු වෙනස් කරනවා..

      Delete
  4. බලාපොරොත්තු තමයි මිනිස්සුන්ව ජීවත් කරවන්නේ !

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් මධුරංග.. ඕනම මනුස්සයෙක් ළග මොනා හරි බලාපොරොත්තුවක් තියනවා..

      Delete
  5. නොලැබෙන දේවල් ගැන බලාපොරොත්තු තියාගන්නවට වඩා ඒ දේවල් ලබා ගන්න අධිෂ්ඨාන කරගන්න එක වඩා සාර්ථකයි නේද?

    ReplyDelete
    Replies
    1. අනිවා ඩෙෆා.. අපේ ජීවිතේට ලං කරගන්න පුලුවන් දේවල් ගැන විතරක් බලාපොරොත්තු තියා ගත්තම දුක් වෙන්න තියන අවස්ථා ‍ගොඩක් අඩුයි..

      Delete
  6. හරිම රසයි

    ReplyDelete
    Replies
    1. ඈ...? මම කෑමක් හදන හැටි නෙමෙයි අටම් අයියේ කියලා තියෙන්නේ..

      Delete
  7. බලාපොරොත්තු...හ්ම්...., ඔයා එක හරි ලස්සනට ගලපලා ලියල...ඒවා නිසානේ අපි ජීවත් වෙන්නේ නේ...?

    ReplyDelete
    Replies
    1. ඈ... ලස්සනට ගලපලා තියද...? සා මරැනේ..

      ස්තූතියි අලුත් බ්ලොග් සහෝදරිය..

      Delete
  8. හොඳ ලස්සන කමෙන්ට් එකක් ලියල ආපහු මැකුවා මොකද ඔයා උඩින් දාල තියන රිප්ලයි දැකල.මටත් එහෙම එකක් දායි කියල. :)

    අපූරුයි!
    ජය!

    ReplyDelete
    Replies
    1. අනේ අෆොයි... මම මොකක්ද අප්පා කියලා තියෙන්නේ...

      ජේ හෝ හිරු හිමාවී

      Delete
  9. ඔය කියපු ඒවා නම් ඇත්ත

    ReplyDelete
  10. මද පමණට

    ReplyDelete
  11. බලාපොරොත්තු නැතිව කෙනෙක්ට ජීවත් වෙන්න අමාරුයි. කවුරු හරි කියනවනම් පුළුවන් එහෙම කෙනෙක් ඉන්නවා කියල. එක තමයි ලෙකේ තියෙන ලොකුම බොරුව( මෙන්ටල් ලෙඩෙක් හෝ පිස්සෙක් හැර)

    ReplyDelete
  12. අපුරඋ ලිපියක්... ජය .......... . කතාවත් ඇත්ත.....

    ReplyDelete

පුලුවන් හැටියට ඔන්න ලිවුවා.. අදත් පොඩි සප් එකක් දීලා යන්න..