Tuesday, September 18, 2012

දැන් මොකද කරන්නේ..‍?

අහවල් මල්ලී -

හෙලෝ අයියේ, අරක එයාගේ ගෙදරට අහු වෙලා..
අනේ අයියේ දැන් මම මොකද කරන්නේ...?
ආයි එයා ක්ලාස් එවන එකක් නැද්ද අයියේ...
මම දැන් මොකද කරන්නේ..‍?

මල්ලිගෙ කෙල්ල -

අනේ අයියේ තාත්තා අපේ affair එක දැනගෙන අයියේ..
අරයට තාත්තා මුකුත් කරන එකක් නෑ නේද..?
අනේ දැන්නම් මට මේ ගෙදරත් එක්ක එපා වෙලා තියෙන්නේ..


පැය දෙක, තුනකට පසු

මල්ලිගේ කෙල්ලගේ ගෙදර තත්වය -

කෙල්ලගේ අම්මා, තාත්තා බලා ගත්තු අත කල්පනා කරයි.. අම්මාගේ ඇස් වලින් කදුලු බිංදු බිමට ඇද හැලෙයි.. කොටින්ම මුලු ගෙදරම මළ ගෙදරක් වගේ.. කිසිම හැල හොල්මනක් නැත..

මල්ලිගෙ කෙල්ලගේ තත්වය -

කාමරේ දොර වසා ගෙන මුලු රෑ පුරාම ඇස් වල කදුලු ඉවර වෙනකන්ම අඩයි..


ඇයි මේ - - -??

තමන්ගේ ආදරණීය දුව කොල්ලෙක් එක්ක අත් වැල් පටලා ගෙන බස් එක එන බව පියාණන්ට දුරකථන ඇමතුමක් පැමිණීම...
 

අවුරුදු 18ක කොල්ලෙක්, කෙල්ලෙක් ආදර සම්බන්ධයක් පටන් ගන්නවා කියන්නේ වැරුද්දක්ද...?
අර කේළම කියපු එකා නිසා ඇති උන දේවල් වලින් ප්‍රතිඵලක් ඌට තියනවද...?
හැමදාම සතුටින් හිටපු පවුලක් මළ ගෙයක් උනා වගේ තත්වයක් ඇතිකරේ කවුද..?
ඇයි මිනිස්සුන්ට දෙයක් කරන්න, කියන්න කලින් එකෙන් ඇති වන ප්‍රථිපලේ ගැන පොඩ්ඩක් හිතන්න බැරි..?
ඒ මනුස්සයා ජීවිතේට කෙල්ලෙක්ට ආදරේ කරපු මනුස්සයෙක් නෙමෙයි ද...?

කවුරු හේ කරපු දෙයක් නිසා අන්තිමට දුක් විදින්නේ තරුණ හිත් 2ක්.. ඒ හිත් වලට දැනිලා තියන දුක මේ ලො‍්කේ අනිත් පැත්ත හැරෙවුවත් ‍නැති කරන්න බෑ...

"අනේ දැන්නම් මට මේ ගෙදරත් එක්ක එපා වෙලා තියෙන්නේ.." මේ වචන වල කොච්චර නම් නොකිය වුනු දේවල් ඇත්ද....?



59 comments:

  1. ගොඩක් වෙලා කල්පනා කලා හිතට ආපු ටික කියනවද නැද්ද කියලා...
    ෆොටෝ එකේ හැටියට මේ නම් පොඩි එකෙක් කියලා හිතලා තමයි මේ ටික කියන්නේ.. ඔන්න මම වැරදියි නම් කියන්න හොදේ....

    ඔය වයසේ හැටියට ඔය කියන සියලුම දේ ඇත්ත...
    මල වදයක්නේ.. කෙල්ලෙක් එක්ක කතා කලොත් මොකෙක් හරි ගෙදරට කියනවා... මුන්ට මෙහෙම කාලයක් තිබුන් නැද්ද මන්දා.... එහෙම හිතෙනවා...

    ඇත්තටම සම “හරක්“ ඔය වැඩේ කරන්නේ ඊරිසියාවට.... නමුත් සමහරු අම්මලාට කියන එක යුතුකමක් කියලා හිතලා කියනවා...

    හැබැයි ඔතන වැරැද්ද කරන්නෙ කේලම කියන කෙනා නෙවෙයි මට තේරෙන විදියට... අම්මලා තාත්තලා...

    කෙනෙක් යමක් කිව්වම ආවේස වෙන්නේ නැතුව ඒක ඇත්තක්ද බොරුවක්ද කියා හොයලා බලන්න අම්මලා තාත්තලාට මොලේ තියෙන්න ඕනේ මුලින්ම....

    කොල්ලෙක් නම් මීනීමැරැමක් කලා වගේ හරි, කෙල්ලෙක් නම් ළමයෙක් හදා ගෙන ආවා වගේ හරි දඟලන්නේ නැතුව පොඩ්ඩක් ළමයි එක්ක කතාබහ කරලා හිටියා නම් ඔය මළගෙවල් වෙන්නෑ.... එහෙම එකක් තියෙනවා නම් ඉස්සර වෙලා තමන් කළකිරෙන්නේ නැතුව, ළමයින්වත් කළකිරවන් නැතුව හිමීට කතාබහ කරන්න ඕනේ.. ඒ කිව්වේ “ඕක නවත්තපන්.. නැත්තම් තෝව කපලා ගඟේ දානවා“ හරි නැත්තම් “උඹට ඕක නවත්තන්න බැරි නම් දකින්න වෙන්නේ මගේ මළකද තමයි“ කියලා හරි ළමයින්ගේ තමන්ට තියෙන ආදරේ උන්ගෙම බෙල්ලට තියලා තද කරන්නේ නැතුව, ආදරෙන් කියලා කරන දෙයක් කරන එක.. එහෙම කලොත් ළමයි කියන දේ අහන එකත් වැඩියි.... අම්මලට තියෙන ආදරෙත් වැඩි වෙනවා එතකොට...

    මේ වයසේ ළමයෙක් ගෙදර ගැන, ජීවිතේ ගැන කළකිරෙනවා කියන්නේ සුළුවට හිතන්න පුළුවන් දෙයක් නෙවෙයි.... ඒකයි අපේ රටේ ගොඩක් කොල්ලෝ කෙල්ලෝ ලවු එකක් අප්සට් උන ගමන් මැරෙන්න හදන්නේ, ඉගනීම විනාස කරගන්නේ, ජීවිතේ ගැන අගක් මුලක් නොතේරෙන කාලේ පැනලා යන්නේ.... ඕවට ගොඩක් වෙලාවට හේතුව අම්මලා තාත්තලාමයි.....

    ReplyDelete
    Replies
    1. හිරු අක්කේ.. මේක මට උන දෙයක් නෙමෙයි.. මගේම නංගියෙක්ට උන දෙයක්.. මටත් මේ සීන් එකම උනා මීට අවුරුදු ගානකට කලින්.. අක්කගෙ කථාවනම් සහතික ඇත්ත අක්කියෝ.. මමටත් කියන්න තියෙන්නේ ඕකම තමයි.. ඒත් ප්‍රශ්නේ මේ ප්‍රශ්නෙට මම කොහොමද හවුල් වෙන්නේ කියලා...

      Delete
    2. දෙන්නටම කියන්න ෂේප් එකේ ස්කෝලේ වැඩ, අනිත් වැඩ කරගෙන ඉන්න කියලා... ඕවා ටික කාලෙකින් අම්මලට අමතක වෙනවා...

      අඩන එක හොදයි.. හැබැයි හොරෙන්.. අම්මලට පේන්න ඇඩුවට වැඩක් වෙන් නෑ... මේ වගේ දෙමවුපියෝ නම් කදුළු ගැන ගනන් ගන්න එකක් නෑ.. ගෑණු ළමයට කියන්න එයාගේ වැඩ ටික හොදට කරගෙන යන්න කියලා... කොල්ලටත් කියන්න එයාගේ වැඩ ටික කරගන්න කියලා... තාම අම්මලා කියන විදියට ඉන්න එපැයි... තව කල් යනකොට අම්මලාගේ අදහස් වෙනස් වෙයි...

      හොදම දේ ෂේප් එකේ ඉන්න එක.... ( මං කලෙත් ඒ ටික තමයි.. හි හි... )

      Delete
  2. ආදරය කරන එක හොදයි ඒත් ආදරය පටන් ගන්නෙම සමහර අය අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන...

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද අමිල... මේකට මට දෙන්න උත්තරයක් නෑ... එහෙම නැති අයත් ඉන්නවා.. (මේ මං වගේ :p)

      Delete
  3. හැමදෙයක් ගැනම අපේ අපේ පැත්තේන් වගේම අනික් අයගේ පැත්තෙනුත් හිතලා බලන්න ඕනි. අවාසනාවට ගොඩක් වෙලාවට නොවෙන්නෙත් ඒකම තමයි.

    එතකොට කිසිම ප්‍රශ්නයක් නෑ.

    ළමයින්ගේ වැරදි ළමයින්ට තේරුම් කරලා දීලා, කේලම් කියන කෙනාගේ යටි අරමුණ මොකක්ද කියලා කල්පනා කරලා බලන්න ඕනි කලබල නොවී.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අමා.. ලොකුම දේ කලබල නොවී හැම දෙයක්ම හොදින් හොයලා බලන්න ඕන..

      Delete
  4. මම නම් මෙච්චරයි කියන්නේ අයියේ...

    "උඹලා එලට විභාගේ ගොඩදාගත්තොත් උඹලා දෙන්නට හැමදාම ආදරෙන් ඉන්න චාන්ස් එකක් හදලා දෙනවා ගෙවල් වලිනුත් කැමැත්ත අරගෙන දෙනවා".

    "මම කතා කලා උඹලගේ අම්මලා තාත්තලා එක්ක එයාලත් ඒකට එකඟයි හැබැයි එයාලා කැමති බවක් උඹලට දැනගන්න දෙන්න එපා කිව්වා.ඒ නිසා උඹලත් දන්නෑ වගේ වැඩ කරපන්.ඊට පස්සේ සේරම මම බලාගන්නම්.අනික උඹලා දැන්ම මැරෙන්නේ නෑනේ ඒ නිසා ටික දවසක් නොදැක හිටියට මක් වෙනවද??"

    ඔන්න ඔය වගේ පුංචි බොරුවකින් උන් දෙන්නගෙම ජීවිත බේරන්න පුළුවන් වෙයි.වැඩේ කියන්නේ අපිට ඔහොම උදව් දෙන්න එකෙක් හිටියේ නෑනේ ඉන්න එවුනුත් වැඩේ අල කරා මිසක්...

    ReplyDelete
    Replies
    1. සිරාවට මල්ලී... මම බැලුවේ උඹ අපේ අම්මට කථා කරාද කියලා.. අරකේ ඉතුරු කොටස දාපන් ඉක්මනට...

      Delete
  5. ගොඩක් මිනිස්සුන්ට තමන්ගේ වැඩවලට වඩා අනුන්ගේ වැඩ තියනවා කරන්න.අන්න එතනයි වරද..

    ReplyDelete
    Replies
    1. සිරාවටම හිරු.. ඒ ගැන නම් කියලා වැඩක් නෑ..

      Delete
  6. සිරාවට ඔය කේලං කියන එවුංටනං හෙනම ගහපිය....
    මගේ ලමයෙක්ටනං මං ඔය බලු වැඩේ කරන්නෑ...
    අපේ ගෙදරත් මට ඕවා සම්බන්ධයෙං වැඩිය මුකුත් අනං මනං කියන්නෑ...

    ReplyDelete
  7. අනේ අම්මෝ මටත් ඔය අන්තිමට කියපු දේම හිතුන නේ කාලයක්! වෙන වැඩක් නැති උදවිය තමයි එහෙට මෙහෙට කොටවන්නේ!

    ReplyDelete
    Replies
    1. ඇත්ත රෙහානි.. ඒ අත් දැකීම් ගොඩක් කට්ටියට ඇති.. ඒත් ඒක දුරට කොච්චර සාර්ථක අදහසක් ද කියලා තේරුම් යන්නේ පස්සේ..

      Delete
  8. මෙතනදි දරුවන්ටත්, දෙමාපියන්ටත්, ඔය කේලම් කියන අයටත් වගකීමක් තියෙනවා තමන් කරන කියන දේවල් ගැන. පළවෙනි කාරණය දරුවන් තමන් ආදරය කරනවා කියලා තමන් පිළිබද වගකීම අතඇරලා පෙම්වතා හෝ පෙම්වතිය මත යැපෙනවා නම් ඒක වරදක්. අනිත් කාරණය යමක් දැනගත්ත පලියට දෙමාපියන් හැසිරිය යුත්තේ කොහොමද කියන එක. ප්‍රේම සම්බන්ධයක් තිබුනු පලියට තමන්ගෙ ගෙදර මළ ගෙයක් කර ගත යුතු නෑ. දෙමාපියන් පිළිගත යුතුයි තමන්ටත් එහෙම කාලයක් තිබුනා කියන එක. අවසාන වශයෙන් ඔය විදියට කේලාම් කියන අයත් ටිකක් කල්පනාකාරී වෙන්න ඕන. එහෙම නැතිවුනොත් මහා විනාශයක් වෙන්න පුළුවන්. ඔය ටික තේරුම් ගන්නවානම් අපේ රටේ වෙන යොවුන් මරණ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය. ජය...!

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ.. වැඩේ කියන්නේ මේක තේරැම් කරලා දෙන්න කවුරුවත් නෑ.. මම මේ ප්‍රශ්නෙ‍ට ඇතුල් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ..

      Delete
  9. ඕව ඔහොම තමයි බං. ඒ වෙලාවට හිතෙන්නෙ එයා නැතුව මට වෙන ජීවිතයක් නෑ, මුළු ලෝකෙම අපි දෙන්නට හතුරුකම් කරනව වගේ අමුතු මානසිකත්වයක ඉන්නෙ. ඒත් වයසත් එක්ක පස්සෙ කාලෙක හිතෙනව ඕව මොනතරම් බොළඳ අදහස් ද කියල. ඔය වගේ ප්‍රශ්නවලට හොඳම විසඳුම කාලය. අම්මල තාත්තල උනත් මේ යොවුන් වියේ ආදරයන් ගැන දරදඬු විදියට ක්‍රියාකරන්න යන එකෙන් නම් සමහර විට හැමෝටම මුළු ජීවිතකාලෙම විඳවන්න වෙන ප්‍රතිඵල තමයි අන්තිමට ඉතුරු වෙන්නෙ, හොඳම දේ ඉවසීමෙන් කල්පනාවෙන් බුද්ධිමත්ව කටයුතු කරන එක.

    ReplyDelete
    Replies
    1. "ඔය වගේ ප්‍රශ්නවලට හොඳම විසඳුම කාලය." එකෙන්ම මාත් එකගයි DDT..

      Delete
  10. ඔය වගේ ලවක් හන්දා මම කෑ..වා කවිල්ලක්.. ආයේ ඉස්ම පයින්ඩම !!!
    අම්බෝ මතක් වෙනකොටත් කම්මුල පුපුරු ගහනවා !

    ReplyDelete
    Replies
    1. ඒ සීන් එම මතක් වෙච්ච නිසා කමෙන්ට් එක පබ්ලිශ් උනා. කියන්ඩ ආපු දේවල් කියන්ඩ උනේ නෑ.
      හිරූ කියලා තියෙන දේ ඇත්ත. ගොඩක් වෙලාවට ඕක ගෙවල් වලට මාට්ටු කරන්නේ ඊර්ෂ්‍යාවට !

      Delete
    2. මම වගේ ම කොල්ලෙක්.. ඒ ගැන නම් කියලා වැඩක් නෑ මධුරංග..

      Delete
  11. කියන්න ඕනේ ඒවා ඔක්කොම කියලා තියෙන්නේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹ නම් මාරයි..

      උඹටත් සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  12. මටත් තියෙනවා ඔයවගේ අත්දැකීම් අනන්තවත්. කොච්චර කටු කාල ඇත්ද ඔය වගේ කාලකන්නි හිපාටුවෝ නිසා. නියම පොස්ටුව සහෝ......

    ReplyDelete
    Replies
    1. කොරලේ මහත්තයා සාදරයෙන් පිළීගන්නවා මේ පැත්තට...

      මම කලින් කිවුවා වගේ මේ වගේ අත්දැකීම් ගොඩක් අ‍යට තියනවා.. මුන්ට කලකන්නී කියලා මදි කෝරලේ මහත්තයෝ...

      ස්තූතිය.. ජය..!!

      Delete
  13. කේලම් කියන එක නම් මහා කාලකන්නි වැඩක්.
    ළමයෙක්ගේ වැරැද්දක් අහු උනාට පස්සේ ඔක්කොම පැත්තක තියලා ඒ දෙන්නා කලබල උනොත් වැඩක් නෑ වැඩේ දෙක වෙනවා විතරයි,දෙගොල්ලෝ දෙපැත්ත ගැනම හිතලා හරි තීරණයක්‌ ගත්තම හරි.දෙන්නා ඉගෙන ගෙන හොද තැනකට ආවට පස්සේ ඔය අවුල් මොකුත් නෑ

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා මඩයෝ... මේ මාත් කියන්නේ ඕකමයි..

      ජය..!!

      Delete
  14. මේ විදියට හැසිරෙන දෙමව්පියෝ බහුතරයක් ඔය කාලයේ ලව් කොරපු උදවිය... වැඩිහිටි වියට ආපුවහම ඒ අතීතය අමතක කරලා දැඩි තීරන ගන්නවා.

    එහෙම කියලා ඉගෙනගන්න කාලෙ ලව් අනුමත කරන්නත් බෑ... ලව් අස්සෙ විභාග අනාගත්තොත් කියන භය දෙමාපියන්ට තියෙනවා....

    ReplyDelete
    Replies
    1. දෙමාපියන්ගේ බය සාදාරණයි.. ඒත් එක පොඩ්ඩක් ළමයගේ පැත්තෙනුත් හිතන්න ඕන නේද.. හැමදේටම වඩා වටින්නේ තමන්ගේ ළමයා නේ සිරෝ...

      ස්තූතියි‍‍.. ජය..!

      Delete
  15. අනේ මන්දා ඒකට අපේ දෙමව්පියෝ.ආදර සම්බන්ධ ලැන කිසි අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. අඩේ මාරැ‍නේ... කොහොමද හිතට දැනෙන සැහැල්ලුව..

      Delete
  16. සමහර අම්මලා තාත්තලා තාම එල්බගෙන ඉන්නේ පරණ මත.ඒකයි ඔය

    ReplyDelete
    Replies
    1. ඒක නම් එහෙම තමයි.. ඒත් නිෂාන් ඒ මතය වෙනස් කරන්න අමාරුයි..

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අනිවා.. අනවශ්‍ය බලපෑම් ගෙදරින් අවොත් තමයි ළමයාට උනත් එපා වෙන්නේ..
      අද නේද ආවේ.. සාදරයෙන් පිළිගන්නයා හර්ෂනී..

      ජය වේවා..

      Delete
  18. මල්ලි මට ඔය වැඩේ එක පාරක් කරානේ බං හාමුදුරුනමක්

    ReplyDelete
  19. හාමුදුරුවන්ටත් ඕන් නැති මගුලක් නෑනේ අ‍ටම් අයියේ..

    ReplyDelete
  20. ලපටි තරුණ වයසට ඔයවගේ අදහස් නොඑනවා නම් තමයි ප්‍රශ්නේ.. එත් අම්මල තාත්තලා බය වෙන්නේ දරුවන් ඉගෙනීමත් අතපසු කරලා ජීවිතේ කාලකන්නි කරගනීවි කියලයි එහෙම කරගත්ත කොයිතරම් අය මම දැකල තියෙනවද? මගේම මිතුරෝ එහෙම නාස්ති උනා මම දැක්කා. ප්‍රශ්නේ දෙමාපියන් මේ වගේ දේ දිහා බලන විදිහයි ඒවා පිළිබඳව දරුවන් එක්ක කතා කරන විදිහයි.. දරුවන් මිතුරන් මිතුරියන් වගේ දෙමාපියන්ට කිට්ටුවෙන් තියාගන්න දෙමාපියෝ දැන ගන්න ඕනා. එතකොට ඔය ප්‍රශ්න නැහැ.. ආදර සම්බන්ධයකට තාත්තා විරුද්ධ වීම හින්දා දිවි නසා ගත්තා මගේ නෑ දෑ කෙනෙකුගේ පුතෙක්.. අර මී හරක් නාම්බා අර රත්තරන් ටිකට හිටි කොල්ලට කෑ ගහලා කෙල්ලගේ ගෙදරටත් ගිහින් සත්තමක් දැම්ම.. කොල්ලා යන්න ගියා.

    ReplyDelete
    Replies
    1. ළමයගේ හැගීම් තේරුම් ගත්තනම් ඔහොම අපරාදයක් වෙන්නේ නෑ නේද..?

      Delete
  21. අදමයි මේ පැත්තෙ ආවෙ.
    මටත් ඔය වැඩේම කලා මගෙම යාළුවෙක්. හැබැයි එතකොට මං නමය වසරෙ පොඩි එකා.

    ReplyDelete
    Replies
    1. ඇවිල්ලම නැද්ද..? මට නිකන් ආව වගේ මතකයි... 9වසරේ.. හොද පොඩි..

      Delete
  22. කවදාවත් ඔහොම දෙයක් නොතිබුන කෙනෙක් වෙන්න ඇති ෂුවර් එකටම ....

    ReplyDelete
  23. මොනවා හරි අළුතින් ලියපන්කෝ වාහේ

    ReplyDelete
  24. හිරු අක්කා පටන් ගන්නකොටම කිව්ව රචනාවම තමා මටත් කියන්න තියෙන්නේ... මේ ලෝකේ හැමදේම සාපේක්ෂයි... අවුරුදු 18ක කෙනා දිහා අපි අවුරුදු 16 දි බලන්නේ අයියෙක් අක්කෙක් විදිහට එතකොට අපි කියනවා අන්න අයියලා අක්කලා ලවු කරනවා කියලා... ඒ දිහාම දැන් අපි බලන්නේ අන්න මේ නංගිලා මල්ලිලා ලව් කරනවා කියලනේ... එතකොට අම්මලා තාත්තලා වුනාම අපිට ඒ අය චූටි දරුවෝ වගේ... ඔන්න ඕක ළමයිනුත් තේරුම් ගන්න ඕන... අම්මලා තාත්තලත් තේරුම් ගන්න ඕන... අවුරුදු 18න් 19න් ලවු කරන්නේ නැතුව හැට පැන්නම ලව් කරන්නයැ... තමන්ගේ වගකීම තේරුම් ගන්න ඕන දෙපාර්ශවේම...

    ReplyDelete
  25. ඔන්න ආවා මේ පැත්තට බලලා යන්න.....එළ ඈ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. ආයි වෙලාවක එන්නකෝ..

      Delete
  26. අපේ ගෙදරටත් ඔය තත්වය උදාවෙන්න ආවා... මම කරේ ගිහින් කේලම කියපු එකා​ව ගෙන්නලා අම්මලා ඉස්සරහම සිද්ධිය කියපු එක. දෙපැත්තටම ලැජ්ජ හිතෙන්න පොඩි දේසනේකුත් තිබ්බා... හික්ස්...

    ReplyDelete
    Replies
    1. ඒත් අපිට උන වැඩේ කියපු එකාව හොයා ගන්න බැරි උනා..

      Delete
  27. හෙහ් හෙහ් මේක මල්සරාගෙ බඩට ගහන්න කරපු කරපු වැඩක් තරයේ හෙලා දකින්න ඕනෙ, ඇත්තමයි

    ඔන්න මම මල්සරාව ඩෙනිමේ එල්ලුවා

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  28. ඔව් මිනිස්සු හරි පහත් ගති ප්‍රදර්ශණය කරනවා වේලාවකට.මිනිසත්කම කියන එක දන්නේ නැ.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත.. වෙලාවක එන්නම් කෝ ඒ පැත්තේ..

      Delete
  29. දැන් දවස් කීයක් ආවාද මොනවාහරි ලියහං

    ReplyDelete
    Replies
    1. අනේ අටම් අයියේ ෆට්ට බිසී අෆ්‍ෆා... උඹලගේ ඒවත් කියවන්නේ හරිම අමාරුවෙන්..

      Delete
  30. මම අදයි මලේ මෙහේ ආවේ...
    dayanandasrinath@blogspot.com

    ReplyDelete

පුලුවන් හැටියට ඔන්න ලිවුවා.. අදත් පොඩි සප් එකක් දීලා යන්න..