Friday, January 6, 2012

පොල් කට්ටක් පිරෙන්න චූ කරන්න බැරි මම කෙල්ලෙක්ගේ පස්සෙන් යෑම (2වන කොටස)

ඉතින් ‍කෙහොමද කට්ටියටම...? අවුරුදු එහෙම ජයද..? නිකන් හිට්යට නම් ජය වෙන්නේ නෑ පුතෝ.. ජය කර ගනින්.. මටත් ඉතින් කියන්න තරම් වරදක් නම් නෑ.. ඔන්න ඔහේ ඉන්වා.. Blog 1ක ගැන කියනව නම් ඒ හැටි ප්‍රථිචාර නොලැබුනත්, තියන ප්‍රථිචාර ගැන හිතලා සතුටු වෙනවා.. එහෙනම් ඉතින් මගේ කථාවෙ ඉතුරු ටික කියන්නම් නේද..?

සභාවෙන් අවසරයි මම මෙතෙන්ට පැමිණියේ කථාවක් කීමටයි... හික්ස්..
  



ඔන්න මම එදා‍ පංති ඉවර වෙලා ගෙදර ගියානේ.. කො‍හොම හරි ඔන්න ඊලගට පංති යන දවසත් ආවා.. ඔන්න ඉතින් මමත් හරිම ආසාවෙන්, මගේ දඩු මොණරෙත් අරගෙන ගියා.. ගිය බයික් 1කට කට්ටය දුන්න වදේ නිසා මම එදා බයික් 1ක පංතියට පල්ලෙහායින් නවත්තලා ලොක් එහෙම කරලා ගියා.. ඔන්න අද තමයි හා හා පුරා කියලා පංතිය පටන් ගන්න 1වෙනි දවස.. ඒ කිවුවේ උගන්නන්න පටන් ගන්න දවස.. ගිය සතියේ පටන් ගත්තට තිබ්බේ හැදින්වීමක්නේ.. මම යනකොට මගේ යාළුවා සර් ගාව ඉදන් 3වෙනි පේළියක වගේ වාඩි වෙළා හිටියා..මාත් ඉතින් ගිහින්  ඌ ලගින් set උනා.. 8.30ට තමයි clz පටන් ගන්නේ.. අපි ඉතින් 8 වගේ වෙන කොට පංතියට යනවා.. මෙතන දී මගේ යාළුවා උදාර කියලා කියමු.. ඔහොම ටිකක් ඉන්න කොට අපි 2ට තවත් 1ක් set වුනා.. ඌ සෙන්තොමස් පොරක්.. අපි 3න් දෙනා වල්පල් කථා කර ‍කර ඉන්න කොට උදාරයා ම‍ට එක පාර පෑනෙන් ඇන්නා.. මමත් ඉතින් ඩිම් වෙලා හරියට ඩෙස් 1කේ ඉද ගත්තා.. මොකද මං හිතුවේ සර් ආව කියලා.. බලනකොට ඇවිත් තියෙන්නේ සර් නෙමයි අර කෙල්ල‍‍.. මමත් සීතල වෙලා ගියා.. දැන් ඔක්කොම හරි.. යකෝ මාට තියන ප්‍රශ්නේ මේකි එන කොට මොකද මූ මට ඇන්නේ කියලා...? යකෝ මූට තේරිලාවත් ද...? එක පාර මේ ගෝතයගෙන් අහන්නත් බෑ.. අනිත් 1ක් එහා පැත්තේ අලුත් බුවත් ඉන්නවනේ.. ඌගේ අපි මැක්කා කියලා කියමු..

ඕන මගුලක් වෙන්න කියලා උදාරට පොඩ්ඩක් කිට්ටු වෙලා, මම සීන් 1ක අහන්න ගත්තා.. මළ කෙළියයි.. මූට වැඩේ මාට්ටු වෙලා.. මූ මගෙන් අහනවා උබ ඒකිට Line නේද කියලා..ඉතින් මූට මම මොනවා කියන්න ද..? මම ටිකක් මුගේ දිහා බලාගෙන ඉදලා ඔලුව වැනුවා.. ටිකකින් සර් ආවා.. මුලින්ම ටිකක් වැල් බයිල ටිකක් කියලා ගණන් හදන්න පටන් ගත්තා.. ගණන් ටික Board 1කේ දාලා පොර දැන් පංතිය වටේට යනවා.. පොර මුලින්ම ගියේ පල්ලෙහා කෙල්ලො ඉන්න පැත්තට.. මම ඔහොම ටිකක් වේලා බලං ඉදලා 1ක පාර පල්ලෙහා බැලුවා අරයා ඉන්නේ කොහේද කියලා.. ම්ම්ම්ම.. එයා මැද පේළියක ඉන්නවා.. එහෙම දැක්ක පාර පොඩි kick 1කුත් ආවා.. මම ඉතින් ගණන් ටික හදලා ඉවර කරළා අරුත් 1ක කියවා කියවා ඉන්න කොට සර් මම ලගට ඇවිත් අහනවා “මොනවද බොල කච කච ගාන්නේ..? ගණන් ටික හදල ඉවරද කියලා..?” මමත් ඉතින් කිවුවා ඔව් කියලා.. ඊ‍ට පස්සේ මූ කියපි “මට ඩයස්ලයි අම්මා කිවුවා ඩයස් ගැන පොඩ්ඩක් ඇහැ ගහන් ඉන්න කියලා” කිවුවා විතරයි පංතියම බක බක කියලා හිනා වුනා.. මගෙත් ඉතින් පටි රෝල්.. මොනවා කරන්න ද..? ම‍ටත් ඉතින් ක‍ට වහන් ඉන්න බෑනේ.. මම කිවුවා “අම්මා මට එහෙම 1ක් කිවුවේ නෑනේ කියලා” සර් 1ක ඇහුන් නෑ වගේ ගියානේ.. ඔහොම ඔහොම ගිහින් පංතිය ඉවර වුනා.. මමයි උදාරයයි බයික් 1ත් අරං පල්ලේහාට ගිහින් ඌවත් බස් 1ට දාලා මාත් යන්න ගියා.. අම්මට සිරි යනකොට මම දැක්ක දෙයින් මම full හොල්මන් වුනා..මම කිවුවේ අර අපිට අලුතෙන් 1ක් set වුනා කියලා මැක්කා කියලා.. ඌයි, අරයයි , එයාගේ අම්මයි මෙන්න කුඩේකුත් දාගෙන යනවා.. මට දැන් කරගන්න දෙයක් නෑ.. කොහොමහරි උන් Set 1ක පාස් වෙන කොටම මැක්කට යන්නම් මචං කියලා මම යන්න ආවා.. වැඩේ කියන්නේ මම අරූට එහෙම කියද්දී අරයත් මාත් 1ක් හිනා වුනා.. ඒකෙන් තිබ්බ හොල්මන් ගතිය පොඩ්ඩක් අඩු උනා.. කොහොම හරි මම එදා ගෙදර ගියේ අම්බානෙක ප්‍රශ්නයක් ඔලුවේ තියා‍ගෙන..

ඊළග දවසින් කථාව ඉවර කරනවා යාළුවනේ.. මොකද මාත් කැමති නෑ කථාව රබර් වගේ අදින්න & දැනටමත් මේ කථාව මගේ ජීවිතේට දැනටමත් තර්ජන එල්ල වේලා තියෙන්නේ.. බය වෙන්න එපා වෙන කාගෙන්වත් නෙමෙයි කෙල්ලගෙන්.. එයා කියනවා මම එයාට මේක මීට කලින් කියලා නෑලු... ඇයි බොලේ මාර වැඩක්නේ 1ක.. මම හැම මගුලම එයාට කියන්න ඕන කියලා නීතියක් නෑනේ...

17 comments:

  1. හා හා දාන්නකො එහෙනම් ඉතුරු කොටසත්. කලින් පෝස්ට් එකේ දැක්කා මාතර තල්පාවිල කියලා. අපෙ අම්මත් ගමත් තල්පාවිල.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි පිණිබිදු.. ඉක්මනටම දානවා..

    ReplyDelete
  3. මමත් මාතර පෑත්තෙ තමා.එහෙනම් අනිත් කොටසත් ඉක්මනට දාන්නකෝ.සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  4. ෂා.. එහෙමද.. සාදරයෙන් පිළිගන්නවා..& සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  5. word verification අයින් කලානම් comments දාන්න ලේසියිනෙ...:(


    මට හිතාගන්න බෑ.. ඊළඟ කොටසින් ඉවර වෙනවද ඔයාගෙ ආදර කථාව?? එහෙනම් ජය මංගලම් කිව්වාලු....!!!

    ReplyDelete
  6. හාපෝ තවත් මාතර එකෙක්ද? දන්නවනං කියවන්නෙත් නෑ.....හෙහ්...හෙහ්...ජස්ට් කිඩින් මෙට්

    [වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලොත් කොමෙන්ට් දාන යට ලේසියි]

    ReplyDelete
  7. බොහොම ස්තූතියි හිතුවක්කාරී & Observer.. අනේ මට කියන්නකෝ කොහොම ද word verification අයින් කරන්නේ කියලා.. මම තාම Blog වලට අලුත් පොඩි කොල්ලෙක්නේ.. මොකද Observer මෙච්චර මාතරත් 1ක තරහා ආ...?

    ReplyDelete
  8. අහ්හ්හ්.. මෙහෙමයි..

    Dashboard--->>Settings--->>Comments--->>[Show word verification for comments?] No කරන්න.

    එතකොට අපිට ලේසියි!!!!!

    ReplyDelete
  9. Observer. කියන්න එපා එයාට.. එයා ඔබා මාමා... :p වයසක උදවියට ගරු නම්බු ඇතිව කතා කරන්න ඕනෙනෙ.. ඔබා සීයා කිව්වත් කමක් නෑ....:D

    ReplyDelete
  10. ඉක්මනටම ඉතුරි ටිකත් ලියමු !
    අදමයි මේ බ්ලොග් එකට ආවේ. දිගටම එන්නම්. ජය වේවා
    !

    ReplyDelete
  11. @හිතුවක්කාරී : බොහෝම ස්තූතියි.. මේ අලුත් interface 1ක නිසා මට කලින් හොයා ගන්න බැරි උනානේ.. ඉස්සරහට තවත් උදව් ඕන වෙයි මට..ඒවටත් help 1ක් දෙන්න ඕන හොදද.. :D

    @Budhajeewa : අඩෝ උබට මම කියන්න හිටියේ.. දන්නවනේ මල්ලී ගෙදර ගියාම කෙලින්ම ඇදට.. මට මේකේ දන්නැති ටිකක් තියනවා අහගන්න..මම කෝල් 1ක් දෙන්නම් වෙලාවක..

    @මධුරංග : ටිකක් ඉවසන්න මධුරංග.. ඉක්මනටම දානවා.. මේ පැත්තට ආපු 1ක ගැන බෝහෝම සතුටුයි.. ඔබ තුමාගේ Blog 1ත් මම නිතරම කියවනවා.. දිගටම ඉන්න කියලා ආරාධානා කරනවා..

    ReplyDelete
  12. @Mr.Sithi: එළකිරි සහ ජලය!

    ReplyDelete
  13. ප්‍රතිචාර බලං ලියන්ට එපා මල්ලී. වැඩේ ගොඩ යනවා අත්දැකීමෙන් කියන්නේ.

    කිව්වෙ නැහැ කියල ගේම ඉල්ලනවා කියන්නේ එයත් කියවනවා. අනික දැන් දෙන්නා යාළුයි වගේ..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... අයියගේ වචන ටිකත් ලොකු හයියක්..

      Delete

පුලුවන් හැටියට ඔන්න ලිවුවා.. අදත් පොඩි සප් එකක් දීලා යන්න..