Wednesday, December 12, 2012

පුංචි පහේ මං ]පොබ්ලම් අංක 02[

සුවද මලක් යොදා ගෙන නිපදවනු ලබන බේකරි නිෂ්පාදනයේ නම කුමක් ද..?

Friday, November 9, 2012

පුංචි පහේ මං ]පොබ්ලම් අංක 01[

ලංකාවට කාලෙන් කාලෙට විවිධ ස්වාභාවික කරදර එනවනේ... දැන් ඔය පහුගිය කාලේ ආව දැඩි වැස්සෙනුයි සුළගෙනුයි ධීවර කර්මාන්තයට එහෙම ගොඩක් කරදර උනානේ.. දැන් මම අහන්නේ,

ලංකාවට විශාල විනාසයක් කල චිත්‍රපටය කුමක් ද...?

Tuesday, September 18, 2012

දැන් මොකද කරන්නේ..‍?

අහවල් මල්ලී -

හෙලෝ අයියේ, අරක එයාගේ ගෙදරට අහු වෙලා..
අනේ අයියේ දැන් මම මොකද කරන්නේ...?
ආයි එයා ක්ලාස් එවන එකක් නැද්ද අයියේ...
මම දැන් මොකද කරන්නේ..‍?

මල්ලිගෙ කෙල්ල -

අනේ අයියේ තාත්තා අපේ affair එක දැනගෙන අයියේ..
අරයට තාත්තා මුකුත් කරන එකක් නෑ නේද..?
අනේ දැන්නම් මට මේ ගෙදරත් එක්ක එපා වෙලා තියෙන්නේ..


පැය දෙක, තුනකට පසු

මල්ලිගේ කෙල්ලගේ ගෙදර තත්වය -

කෙල්ලගේ අම්මා, තාත්තා බලා ගත්තු අත කල්පනා කරයි.. අම්මාගේ ඇස් වලින් කදුලු බිංදු බිමට ඇද හැලෙයි.. කොටින්ම මුලු ගෙදරම මළ ගෙදරක් වගේ.. කිසිම හැල හොල්මනක් නැත..

මල්ලිගෙ කෙල්ලගේ තත්වය -

කාමරේ දොර වසා ගෙන මුලු රෑ පුරාම ඇස් වල කදුලු ඉවර වෙනකන්ම අඩයි..


ඇයි මේ - - -??

තමන්ගේ ආදරණීය දුව කොල්ලෙක් එක්ක අත් වැල් පටලා ගෙන බස් එක එන බව පියාණන්ට දුරකථන ඇමතුමක් පැමිණීම...
 

අවුරුදු 18ක කොල්ලෙක්, කෙල්ලෙක් ආදර සම්බන්ධයක් පටන් ගන්නවා කියන්නේ වැරුද්දක්ද...?
අර කේළම කියපු එකා නිසා ඇති උන දේවල් වලින් ප්‍රතිඵලක් ඌට තියනවද...?
හැමදාම සතුටින් හිටපු පවුලක් මළ ගෙයක් උනා වගේ තත්වයක් ඇතිකරේ කවුද..?
ඇයි මිනිස්සුන්ට දෙයක් කරන්න, කියන්න කලින් එකෙන් ඇති වන ප්‍රථිපලේ ගැන පොඩ්ඩක් හිතන්න බැරි..?
ඒ මනුස්සයා ජීවිතේට කෙල්ලෙක්ට ආදරේ කරපු මනුස්සයෙක් නෙමෙයි ද...?

කවුරු හේ කරපු දෙයක් නිසා අන්තිමට දුක් විදින්නේ තරුණ හිත් 2ක්.. ඒ හිත් වලට දැනිලා තියන දුක මේ ලො‍්කේ අනිත් පැත්ත හැරෙවුවත් ‍නැති කරන්න බෑ...

"අනේ දැන්නම් මට මේ ගෙදරත් එක්ක එපා වෙලා තියෙන්නේ.." මේ වචන වල කොච්චර නම් නොකිය වුනු දේවල් ඇත්ද....?



Monday, September 10, 2012

ඉපදුණ මාසේ ... හැටියට වාසේ ...! ගතිගුණ ගැන අනාවැකි කියන තවත් ක්‍රමයක්.

බුකියේ තිබී හම්බ උන එකකි...


ඔයා ඉපදුණේ January වල නම්,

ඔයා මාර serious කෙනෙක්. ඔයා හරිම කැමතියි මහන්සි වෙලා වැඩ කරන්න. ඔයා හරිම බුද්ධිමත්, පිළිවෙළට වැඩ කරන බොහොම සංවිධානාත්මක කෙනෙක්. ඒ වගේම ගොඩක් දුර හිතනවා, හරිම සංවේදියි, පුංචි ළමයෙක් දැක්කොත් වඩා ගන්නවා, ඒ තරම් පුංචි ළමයින්ට ආදරෙයි. හැබැයි ඉතින් අනිත් අතට ඔයා හැමවෙලේම ඉන්නේ අනිත් අයගේ දුර්වලකම් දිහා ඇහ
ැ ගහගෙනමයි. අනිත් අයගේ ඇද කුද කියන්න හරිම කැමතියි. Romantic වුණත් ඒක කෙළින්ම කියන්න බයයි. ඒ නිසා ඔයා ඔයාගේ සමාජශීලීත්වය නම් දියුණු කරගන්නම ඕනේ.

February වල ඉපදුණ අය,

ඇත්ත කතා කරන්න කැමතියි. බුද්ධිමත්, අවංකයි, උත්සාහවන්තයි. ඒ වගේම නිදහසට කැමතියි. විනෝද වෙන්නත් හරිම කැමතියි. හැබැයි ඔයා හරිම කපටියි. ඒ වගේම ඔයාට ඔයා ගැන කිසිම විශ්වාසයක් නෑ. සමහර වෙලාවට ඔයාට ඉක්මනටම කේන්ති යනවා, ඒත් එක්කම ඉක්මනට දුක දැනෙනවා. ඔයත් ආදරේ හිත ඇතුළේ තියාගෙන පෙන්නන්නේ නැති කෙනෙක්. ඔයාගේ ලොකුම දුර්වලතාවය තමයි විකාර, බහුබූත අන්ධ විශ්වාසවල එල්ලිලා ඉන්න එක.

March වල ඉපදුණ ඔයා,

හරිම හුරතල්, හිත් ඇදිලා යන personality එකක් තියෙනවා. හරිම Romantic, ඒ වගේම ත්‍යාගශීලී, සාමකාමී, දයාබර කෙනෙක්. ඔයා හරිම හිතවත්. අනුන්ට උදව් කරන්න හරිම කැමතියි. ඔයාගේ සංවේදීතාව නිසාම ඔයා ගැන ඕනෙම කෙනෙකුට විශ්වාසය තියන්න පුළුවන්. ඔයා එක්ක ඕනෙම කෙනෙකුට බය නැතුව ගමනක් බිමනක් යන්න පුළුවන්. හැබැයි ආදරය සම්බන්ධව තීරණ ගන්නකොට ඔයා හරිම දුර්වලයි, mood ගහනවා. හරිම ලැජ්ජාකාරයා. හැබැයි ඉතිං කවුරු හරි තමුන්ට වැරැද්දක් කළොත් පළි ගන්නවා.

ඔයා ඉපදුණේ April වල නම්,

හරිම ජව සම්පන්නයි. තීරණ ගන්නකොට හුඟක් හිතන්නේ නෑ. හැබැයි ඒ නිසාම පස්සට පසු තැවෙන්න වෙනවා. ඔයාට හුඟක් දරා ගැනීමේ ශක්තිය තියෙනවා, උපායශීලීයි, ඒ වගේම ශක්තිමත්. අනිත් අයගේ අවධානය දිනා ගන්න හරිම කැමතියි. යාළුවන්ට හුඟක් ආදරෙයි. හැබැයි ඉතිං සමහර වෙලාවට හරිම දරුණුයි, පළිගන්න කැමතියි. ඔයාට හොඳ මතකයක් තියෙනවා. ඊර්ශ්‍යාව කියන්නේ ඔයා ළඟ තියෙන නරකම නරක ගතිගුණයක්. හැබැයි එහෙම කියලා ඔයා නරකම නෑ.

ඔයා May වල ඉපදුණා නම්,

ඔයා හරිම ලස්සන කෙනෙක්, මූණෙන් විතරක් නෙමෙයි හදවතිනුත් හරිම ලස්සනයි. ඒ නිසා ලේසියෙන්ම අනිත් අයගේ ආදරය, අවධානය දිනා ගන්නවා. ඔයාට අනිත් අයව හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඔයා හරිම creative කෙනෙක්. තර්ක කරන්නත් හරිම දක්ෂයි. චිත්‍ර අඳින්න, History ඉගෙන ගන්න හරිම කැමතියි. මහන්සි වෙලා වැඩ කරන නිසා විවේකය නම් ටිකක් අඩුයි. කෙළින් තීරණ ගන්නවා. ඒ නිසාම ඉක්මනින් කේන්ති යන්න පුළුවන්. හීන දකින්න හරිම කැමතියි. අඩුවකට තියෙන්නෙ ඉක්මනට "අහු වෙන එක" තමයි.

June වල ඉපදුණ ඔයා,

දුර දිග බලලා වැඩ කරනවා, අනුන්ට හුඟක් ගරු කරනවා. කතා තරන්නේ නම් හරිම හෙමීට. වැඩක් කරන්න ගියාම හුඟක් වෙලා ගන්නවා. දෙයක් තෝර ගන්න ගියාමත් ඕනවට වඩා හිතනවා. ඔයාට හොඳම දේ තමයි හැමවෙලේම ඕන කරන්නේ. ඔයා හරිම creative කෙනෙක්. අනික ඔයා හරිම සුහදශීලීයි. විහිළු තහළු වලට කැමතියි. ඒ නිසාම හුඟක් යාළුවෝ ඉන්නවා. ලස්සනට අඳින්න තියෙනවා නම් වෙන කිසි දෙයක් ඕන නෑ. බැරි වෙලාවත් ඔයාට කළකිරීමක් ඇතිවුණොත් recover වෙන්න සෑහෙන කාලයක් යනවා. මොනවා වුණත් ඔයා වෙනම Angle එකකින් ලෝකේ දිහා බලන කෙනෙක්.

July වල ඉපදුණා නම්,

ඔයා ආශ්‍රය කරන්න හොඳ, ඒත් තේරුම් ගන්න අමාරු කෙනෙක්. හැසිරීම නම් හරිම හොඳයි. හැමදේම කරන්නේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. අවංකයි, විශ්වාසනීයයි. යාළුවෙක් විදිහට නම් මරු. හුඟක් fit වෙනවා. හරිම sensitive. තමන්ට වැරැද්දක් කළොත්, සමාව දෙනවා. ඒත් ඒක හිත යට තියාගෙන ඉන්නවා අමතක කරන්නේ නෑ ලේසියෙන්. අනවශ්‍ය jokes වලට කැමති නෑ. හැබැයි ඔයා හැමවෙලේම මිනිස්සු මනින්නේ පිටතින්. ඉගෙන ගන්න ඔයා හරිම දක්ෂයි. තනිකඩව ඉන්න තමයි වැඩිපුර කැමති. මහන්සියෙන්, තමුන්ගේ වැඩක් කරගෙන තමුන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්.

August වල ඉපදුණ ඔයා,

Jokes වලට හරිම කැමතියි. දක්ෂ, එඩිතර, අසාධාරණයට අකමැති කෙනෙක්. අනිත් අයගේ අවධානය දිනා ගන්න ඕනම දෙයක් කරයි. Team එකක leader කෙනෙක් වෙන්න සුදුසුම කෙනෙක්. හැබැයි ඉතිං හිටපු ගමන් අසූහාරදාහට කේන්ති යනවා. නිදහසේ ඉන්න හරිම කැමතියි. පරිස්සමෙන් තමයි හැම වෙලේම වැඩ කරන්නේ. මොනවා වුණත් අනිත් අයගේ කරදරේකදි උදව් කරන්න හරිම කැමතියි.

ඔයා ඉපදුණේ September වල නම්,

ඔයාගේ බාහිර පෙනුම හරිම ප්‍රසන්නයි. සාමදානව වැඩ කරන්න තමා කැමති. තීරණ ගන්නේ හරිම පරිස්සමෙන්. plan කරලා වැඩ කරන්න හරිම දක්ෂයි. බාර දීපු වැඩේ හරියටම කරනවා. ඒ වගේම ඔයාගේ මතකයත් හරිම හොඳයි. අනිත් අයව හොඳින් තේරුම් ගන්නවා. හැබැයි emotions පෙන්නන්න නම් ඒ තරම් කැමති නෑ. හරිම ආඩම්බරයි. ඒ නිසා ආදරය වැනි මාතෘකාවලදී හුඟක් හිතනවා.

B’Day එක තියෙන්නේ October වල නම්

ඔයාගේ බොරු මවා පෑම් නෑ. ආදරය කරන අයට හොඳින් සලකන හොඳ හිතක් තියෙන කෙනෙක්. කතාවට වැටෙන්න හරිම කැමතියි. හරිම ප්‍රේමාන්විතයි. ඒත් හිටපු ගමන් ටිකක් ආත්මාර්ථකාමී, අනිත් අයගේ මතයට ගරු කරන්නේ නැති කෙනෙක් බවටත් පත් වෙනවා. ඒ නිසා සමහර වෙලාවට හදිස්සි වෙලා මෝඩ තීරණ ගන්නවා.

November වල ඉපදුණු ඔයා

Creative ideas තියෙන කෙනෙක්. ඉදිරිය ගැන ගොඩක් හිතනවා. ඔයාටම කියලා identity එකක් හදා ගන්නවා. ඒ නිසා හැම වෙලාවේම කැපිලා පේනවා. හැමෝගෙම පිළිගැනීම, මූලිකත්වය ලැබෙනවා. හොඳට හිතට බලලා වැඩ කරනවා, ප්‍රශ්න අහනවා. හැබැයි ලේසියෙන් ඔයාව සතුටු කරන්න බෑ. හරිම නිර්භීතයි. අනිත් අයව වැඩිය අගය කිරීමක් කරන්න ඔයා කැමති නෑ. ආදරයේ දී නම් ඔයා හරිම අවංකයි. හැඟීම් පාලනය කරගන්න නම් ඔයාට හරිම අමාරුයි. ඔයා කොයි වෙලාවේ කොහොම හැසිරෙයිද, මොනවා කරයිද කියලා කියන්න හරිම අමාරුයි.

ඔයා ඉපදුණේ December වල නම්

හරිම අවංකයි. අනිත් අයට ගරු කරන්න හොඳට දන්නවා. හොඳට හැදිච්ච කෙනෙක්. රටට ජාතියට ආගමට හරිම ආදරෙයි. හරිම සමාජශීලීයි. ඒ වගේම අනිත් අයගේ අවධානය දිනා ගන්නත් හරිම කැමතියි. ඔයා හුඟක් ඉවසන කෙනෙක් ඒ නිසාම වැඩිය තරහ යන්නේ නෑ. නිදහසේ ඉන්න හරිම කැමතියි. ඔයාට එක එක තහංචි දානවට හරිම අකමැතියි. ඔයාට තියෙන්නේ හරිම හොඳ උණුවෙන හිතක්.

Wednesday, August 29, 2012

බලාපොරොත්තුව

සාමාන්‍යය මිනිහෙක් මහජන සම්පතක් ගන්නේ එදා‍ට තියන කෝටි 10 ඇදෙයි කියලා හිතාගෙන නෙමෙයි..

විභාග කාලේ පොතක් වත් අතින් අල්ලන්නේ නැතුව, යාලුවෝ සෙට් එකත් එක්ක අම්බානෙක පිස්සු කෙළලා අගෝස්තු වල විභාගෙට ලියන්නේ A3ක් අරං කැම්පස් යන්න හිතන් නෙමෙයි..

රැවුලයි, කොන්ඩෙයි වාවාගෙන බටා කෑලි දෙකක් දාගෙන බොක්කුවක් උඩ ‍ඉන්න එකාට කවදාවත් කිරි ටොයියා කෑල්ලක් සෙට්  වෙයි කියලා ඌ හිතන්නේ නෑ...

1100 එකක් පාවිච්චි කරපු එකා එකෙන් msg කරන ගමන් I pod එකෙන් සිංදු අහන එකා දිහා බලාගෙන ඉන්නේ ඌට ඉරිසියා කරන්න නෙමෙයි..

ෆුට් සයිකලෙන් යන එකා, පාරේ ඌට වඩා සිය ගුණයක් වේගෙන් ‍යන වාහන දිහා බලන්නේ, උන්ට වෛයිර කරන්නත් නෙමෙයි...

----------------------------------------------------------------------------------------------



රු. 20ක් දීලා මහජන සම්පතක් ගත්තට ඒ මනුස්සයගේ යටි හිතේ පුංචි හරි බලාපොරොත්තුවක් තියනවා
"මට මේකෙන් රු.100ක් හරි ඇදෙයි කියලා "

එකක්වත් හරියකට පාඩම් කරේ නෑ කියලා තමන්ගේ හිත හොදටම දැන ගත්තත් පේපර් එක අතට ගත්ත ගමන් දන්න ටික හරි පුලුවන් තරම් හොදට ලියන්නේ උගේ බලාපොරොත්තු කෙසේ වෙතත්, අහිංසක අම්මගෙයි තාත්තගෙයි බලපොරොත්තු කොහොමහරි ඉෂ්ට කරන්න හිතාගෙන

බොක්කුව උඩ ‍ඉන්නකොට, උගේ ඉස්සරහින් යන කපල් දිහා බලාගෙන ඉන්නේ ඉරිසියාවට නෙමෙයි.. "මමත් මෙහෙම කෙල්ලෙක් එක්ක ඇවිදින්න යන්නේ කවද්ද කියලා" හිතන පුංචි අහිංසක බලාපොරොත්තුවක් එක්ක.

I pod එකක් පාවිච්චි කරන එකාට වඩා එකේ වටින කම දන්නේ 1100 එකක් පාවිච්චි කරන කොල්ලා.. එත් "මම I pod එකක් කවදා ගන්න ද කියලා හිතුවත්", මිනිහගේ හිතේ I pod එකක බලාපොරොත්තුව නැති වෙලා යන්නේ නෑ..

අතේ තියන රු.10 වියදම් කරලා හරි තමන්ට තියන ෆුට් බයිසිකලේ පුලුවන් තරම් හොදට හදන්නේ බයිසිකලේට තියන ආදරේට.. ඒත් ඒ පුද්ගලයට කාගේ හරි වාහනයක් එක විනාඩියකට හරි එළවන්න තියන ආසාව / බලාපොරොත්තුව දන්නේ උගේ හිත විතරයි..

Wednesday, June 6, 2012

අයියා, චුට්ටක් ඉන්න..චුට්ටක් ඉන්න..

දෙහිවල සිට බත්තරමුල්ලට යන 163 බස් එකක වෙච්ච කථාවක්..

බස් රථයේ කොන්දොස්තරට හිටියේ සාමාන්‍ය තරැණ වයසේ ඉන්න කොල්ලෙක්.. පොර බැලූ බැල්මට සාමාන්‍ය මනුස්සයෙක්.. ඒත් පොරගේ කථා ශයීලිය ටිකක් අමුතුයි.. හරියට දෙමළ පොරක් සිංහල කථා කරනවා වගේ.. බස් එක විලියම් හංදියට එනකොට ටිකට් දෙන්න පටන් ගත්තා..



"අක්කා... සල්ලි ගන්න අක්කා.."
"රුපියලක් දෙන්න අක්කා..... බහිනකොට දෙකක් ඉල්ල ගන්නකෝ.."

ඔන්න ඔහොමයි මිනිහා කථාකරන විදිය.. අදිනවා ඇදිල්ලක් හිනා යනවා නිකන්ම.. ඒ වෙද්දි බස් එකේ හිටියේ මිනිස්සු 10ක් 12ක් වගේ තමයි..  මට වඩා අවුරුදු 3ක් 4ක් වැඩිමල් වගේ වගේ පෙනුනත් පොර මටත් කථා කරේ,

"අයියා.. කොහාටද...?"

බොහොම අමාරුවෙන් හිනාව නවත්තන් සල්ලි දීලා මම පාර පැත්ත බලන් ආවා.. හෙදම ටික පටන් ගත්තේ නුගේගොඩ හංදියෙන් පංති ඉවර වුන කෙල්ලෝ, කොල්ලෝ සෙට් එකක් නැග්ගට පස්සේ.. කොල්ලෝ සෙට් එක නගින කොටම කථා වෙවී නැග්ගේ "අඩෝ අරූ ඉන්න බස් එක" කියලා.. මේ මනුස්සයට මෙහෙම හිනා වෙන එක පව් වුනත්, ඌ කියන වචන ඇහෙන ඕන එකෙක්ට හිනා යනවා..

මගේ ඉස්සර හිටිය නුගේගොඩින් නැග්ග නංගිලා දෙන්නෙක් කටවල් අල්ලන් හිනවෙනවා මම බලාගෙන ඉදලා බැරිම තැන මම හෙඩ් සෙට් එක අරං කනේ ගහගත්තා..

හැබැයි පොර අර පොඩි කෙල්ලො දෙන්නගෙනුත් සල්ලි ගත්තේ

"කියන්ඩ අක්කා... කොහාටද...?"

Monday, May 14, 2012

෴ ඔබා මාමා ෴

ඊයේ උදේ මූණූ පොතට ආපු ගමන් දැක්ක දෙයින් මම හිතුවේ ඔබා මමාට අලුත්ම මඩ ව්‍යාපාරයක් යනවා‍ කියලා.. ඒත් ඒ ආතල් සිතුවිල්ල විනාඩි 2ක 3කින් දියවෙලා ගියේ මාරගේ පෝස්ට් එක දැක්ක ගමන්..

ඇත්තට කොහොම විශ්වාස කරන්න ද.. වචන පහ දහයකට ව‍ඩා අපි කථා කරලා නැති උනත් ඔබා මමා නියම මනුස්සයෙක් කියලා මම දැනගෙන හිටියා..

අපේ මේ බ්ලෝග් ජීවීතයේ ඔබා මමා අපිට කාවද අමතක වෙන එකක් නම් නෑ.. ඒත් ලබන 19 වෙනිදට එන ඔබා මමාගේ උපන් දිනේට අපි කාටද සුභ පතන්නේ....?


Tuesday, April 24, 2012

අනේ අනේ.. මෙහෙමත් නැටිල්ලක්...

කට්ටිය කියවන් ඇතිනේ මම ඔෆීසියත් එක්ක මළ පැනලා දාපු පෝස්ට් එක.. පස්සේ ඉතින් හා හා පුරා කියලා අපිට 10 වෙනිද නිවාඩු හම්බුනා.. ආයි පටන් ගන්න‍වා කිවුවේ 23 වෙනි සදුදා.. කොච්චර බැන්නත් අපේ ඔෆීසිය කොච්චර හොදද කියලා තේරැනේ පස්සේ.. මොකද මගේ අනිත් ඔෆීසි වල ඉන්න යාළුවෝ හැමෝටම වගේ පටන් අරං තිබ්බේ 18,19 වගේ.. ඉතින් මමත් ආතල් එකේ 11 වෙනිද ගෙදර ගිහින් මකුලු දැල් කඩලා ගෙවල් හොදලා, වැඩක් නැති හැම කුණු ගොඩක්ම පුච්චලා අවුරුද්දත් කාලා.. නැ නෑ මාව අවුරුද්ද කලා 21 හවස ආවා කොළඹ..

ඔව් ඔව් 21 ආවේ 22 සයිබර් අවුරුදු උත්සවේට යන්න ඕන නිසා.. 21 රෑ 10 වෙනකුනුත් බලන් හිටියා මගේ ඊයට රෙජිස්ටර් නම්බරේ එනකං.. මොන නෑ.. ඕන මගුලක් වෙන්න කියලා නිදාගත්තා..

උදේ 7ට එලාම් 1ක වැදුනත්, තව විනාඩි 5ක් ඉදල නැගිටිනවා කියලා නැගිටින කොට 8යි.. නියම විනාඩි පහ.. කුණු කෙළ පිටින්ම මැෂිම ඕන් කරලා ඊය චෙක් කොරලා බැලුවා.. මොන නෑ.. දැන් ඉතින් යන්නත් මොකක් ද වගේ.. මම හිතුවේ මගේ බ්ලෝග අලුත් නිසා මට එවලා නැතුව ඇති කියලා.. 23 එන්නේ නැතුව ගෙදර ඉදන් 21 ආවේ මේ මගුලටම යන්න ඕන නිසානේ කියලා හිතාගෙන යන්න ලෑස්ති උනා..

ලෑස්ති වෙලා ඉවර වෙනකොටත් 9යි.. එන්න කියලා තිබ්බෙත් 9ට නේ.. කොහොමින් හරි උදේටත් බඩ‍ට ඔම්ලට් බන් එකකුයි අලිගැට පේර ජූස් එකකුයි දාගෙන නැග්ගා බස් එකට.. කොළඹ ඇවිත් අවුරුදු බර ගානක් උනත් කුරේ ග්‍රවුන්ඩ් එක තියන තැන දන්නැති නිසා පෝන් එකේ ගූගල් මැපත් ඕන් කරන් Get Direction නුත් අරං ලේසියෙන් යන්න ඕන පාරත් පහු කරං කොහෙන්දෝ ඩොටේ පාරකින් 10 වෙන කොට ග්‍රවුන්ඩ් එකට ආවා.. නියම GPS තාක්ෂනේ.. කියලා වැඩක් නෑ..

කොහොමද කස්ටිය


හරියට මුලින්ම ස්කෝලේ එක වසර‍ට ගියා වගේ.. ස්ටේජ් එකේ සෙට් එකක් ඉන්නවා..  ගේට්ටුව ගාව ඉදන් කල්පනා කරා මොකද කරන්නේ කියලා.. ගියා ස්ටේජ් එක ගාවට.. යන ගමන් හම්බුන ඩයල් එකකින් ඇහුවා රෙජිස්ටර් වෙන්නේ කොතනද කියලා.. “අන්න අතන මචං” කියලා ග්‍රවුන්ඩ් එකේ කොනක් පෙන්නුවා..

ගියා එතෙන්ට.. දෙයියෝ මූණ බැලුවා වගේ හොදට ෆැමිලියර් ඩයල් එකක් ඉන්නවා.. මාත් එක්ක එකට ජනක සර් ගේ ක්ලාස් ආපු පොරක්.. නියම සනීපයක් දැනෙන්නේ.. ගියා රෙජිස්ටර් වෙන තැනට.. නම්බරේ ආවේ නෑ කිවුවම නම ලියලා රු.100ක් දීපන් කිවුවා කෑම එකට.. දිලා උගේ දිහා බැලුවම තමයි දැක්කේ පපුවේ ගහලා තියනවා “පොඩි මෑන් - ලට්ට ලොට්ට” අම්මට සිරි පොඩි මෑන් කොහොමද කියලා කථා කරන්න හිතුනත් ලැජ්ජ නහරේ තාම කපලා නැති නිසා හිනාවක් දාල යන්නම් මචං කියලා ආවා.. වැඩියත් එතන ගෑණු දැරිවියෙකුත් හිටියා.. පස්සේ තමා දන්නේ ඒ පොඩි මෑන් ගේ භාර්්‍යාව කියලා...

කෝ..කෝ.. මගේ අංකේ


නමෝවිත්තියෙන් පටන් ගමු

ටික වේලාවකින් නමෝ විත්තියෙන් බුදුන් වැදලා, ජාතික ගීය කියලා දිලුම් සහෝදරයවත් ආදරයෙන් මතක් කරලා වැඩේ පටන් ගත්තා.. ඔය අතරේ බ්ලොග් ග‍ඩොල්, රත්ගමයා හම්බෙලා කථා කරා.. උන් එකෙක්යත් මාව දන් නෑ.. ඒ උනාට කමක් නෑ.. මම උන්ව දන්නවනේ.. මීටර් 100ය මුලින්ම පටන් ගත්තා..

නිකං බලං හිටියට කස්ටිය අදුරන් නැති නිසා දෙවෙනි තරගය වුන කනා මුට්ටිය බිදින්න යන්න හිතාගත්තා.. පෝලිමට යන්න කලින් හොරාට ගිහින් ගානට අඩි ගාණ මැනන් ආවත් ඒකත් කෙළ වුනා.. මුට්ටිය බිදින්න පෝලිමේ ඉන්න කොට පිටසක්වලයා, ගැමියා, නාකියා වගේ දුකා අයියාත් එක්කත් කථා කරන්න හම්බුනා.. ඒක ෆට්ට සතුටක්.. ඒත් ඉස්සෙල්ලා වගේම උන් එකෙක්වත් මාව දන් නෑ..

ෂිට්.. ආදී 12ට වඩා තිබ්බනේ.. මගේ කකුලේ අවුලක්ද මන්ද


ම‍ඩ ගහන කස්ටිය නම් උපරීමේටම ඒක කර ගත්තා.. පිස්සා ආවා කියලා ආරංචියක් ආවත් මට නම් හම්බවුනේ නෑ.. රංග අයියා ඇවිල්ලා තිබ්බත් පොරගේ ලුක් එකේ හැටියට කාථා කරන්න ටිකක් බය හිතුනා.. 12විතර මගේ යාලුවා සදුදා කැම්පස් පටන් ගන්නවා කියලා ලෑස්තිවෙන්න ඕන කියලා ‍යන්න ගියා.. ඌ ගියට පස්සේ මම ෆුල් තනි පංගලම් වුනා..

කොහොමහරි කන ටයිම් එකේ මාතර අයියා කෙනෙක් සෙට් උනා.. හිතුමතේ තමයි එයාගේ බ්ලෝග් එක.. නම නම් මතක නෑ.. පොරත් එක්ක අත් ට්‍රැක්ටරේ එංජිම උඩ බත් එක තියන් කන කොට සෝස පාට බ්ල්වුස් එකක් ඇදපු ගෑල් ළමයෙක්  මගේ ඉස්සරහින් ගිහින්, ආයි එහා පැත්තේ තිබ්බ මේසෙ ගාවට එන ගමන් මං ගාවට ඇවිත් “ හායි....!” ගෑවා.. බැලුවා මූණ.. ෆැමිලියර් ඩයල් එකක් නෙමෙයි.. මාත් “හායි” ගාන ගමන් බැලුවා උඩ ඉඩ ඉදන් පල්ලෙහාට.. අෆ්ටෙ සිරි මෙන්න බොලේ තියනවා ලේබලේ “හිතුවක්කාරී - හිතුවක්කාරිගේ හිත”.. මූණූ පොතේ චැට් පාරක් එහෙම දාලා තියන නිසා කථා කරන්න බය වුනේ එහෙම නෑ.. පස්සේ ඉතින් කෑවද, බිවුවද, කොයි වෙලාවෙද ආවේ.. වගේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න ටිකක් අහලා මම අත සෝදන්න ගියා..

ඔහොම මොකාද වගේ ඉන්න කොට තමයි වැප් අයියයි ප්‍රසාන් අයියයි හම්බ වුනේ.. වචන 2ක 3කින් ප්‍රසාන් අයියයි මායි ‍ෆිට් වුනා.. එවෙලෙම අන්ධයාට යෝගට් කැවීම පටන් ගත්තා.. අපි 2ත් ගියා ඕන එකක් වෙන්න කියලා.. අභීත අයියා හොර කරානේ.. නැත්තම් අපි දෙන්නා දිනුම්.. මූණ සෝදන්න ගියාම තමයි දන්නේ මම යෝගට් කෑවට වඩා නාලා කියලා.. ඒ වෙලාවේ සදා අක්කත් හම්බුනා.. ආ... තව ප්‍රදීප්ගේ පිටුව ලියන ප්‍රදීප් අයියත් අදුර ගත්තා.. කස්ටිය කබ අදිනකන් බලන් ඉදල යන්න හදනකොට තමයි වැපා කිවුවේ “ඔහොම පොඩ්ඩක් හිටපන් ගෘප් පොටෝ එකට”

බිබිළි නගින බෙළිකටු..  Dj එක.. දැන් තමයි බෝ පැළ වගේ හිටිය ළමයිගේ වැඩ එළියට ආවේ.. අනේ අම්මෆා.. මෙහෙමත් නැටිල්ලක්.. මම මෙච්චර දවස් දැම්මේ නෑ වීඩියේ එක.. නමුත් කස්ටියගේ බලවත් ඉල්ලීම පරිදි ඔන්න දැම්මා..



අනේ දුශ් අක්කේ මාත් එක්ක තරහ වෙන්න නම් එපා.. අක්කා මාව අදුරන්නෙත් නෑ.. මගේ බ්ලෝග් එකට ඇවිල්ලත් නෑ.. හදිස්සියෙවත් අක්කා මේ විඩියෝ එක දැක්කෝත් මාව අදුරන් නෑ වගේම ඉන්න.. :පී
කොහොමින් කොහොම හරි ලස්සන දවසක අවසානයත් ආවා.. ඇත්තටම ෆට්ට ලස්සනයි.. කියන්න කිසිම අඩුපාඩුවක් නෑ.. රුපියලත් වල බහින මේ වගේ කාලෙක අපෙන් සත පහක්වත් නොගෙන මේ වගේ සිරා වැඩක් සංවිධානය කරාට රාජ් අයියා ඇතුළු සංවිධායක මණ්ඩලේට බොහෝම ස්තූතිය.. ඇත්තටම අපි ගොඩක් විනෝද වුනා.. කස්ටිය අදුර ගත්තා.. රස ලෝකයයි.. ලබන අවුරුද්දේ එකටත් මොන ලෝකෙ හිටියත් එන්න ට්‍රයි කරනවා..

ඔය ඉන්නේ කට්ටිය ලස්සනට

ෆොටෝස් ඉස්සුවේ : Priyantha Weniwelptiyia - Sameera Rukshan Mendis - Äŋüshkä Läkmäl

Sunday, April 8, 2012

මොන මගුලක් ද...?

මොන මගුලක් ද මේක..  අද ඉරිදත් වැඩ.. පෝය දවසෙත් වැඩ.. යකෝ වැඩ කරනවා කියලා මෙහෙමත් වැඩ කරන්න ඕනද..? අවුරැද්දට නිවඩු දීලා පටන් ගන්නේ 23ලු.. ඒක නිසා බොසා කියනවා ඉරිදයි පෝයයි වැඩ කරන්න කියලා.. දේවකාරියට වඩා රාජකාරිය ලොකුයි කිවුවත් මාර වැඩක්නේ මේක.. මේක ඇවිල්ලා මාර අවුරැද්දක්නේ යකෝ.. දැනටම බර ගානකට කෙලලා ඉවරයි.. සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක්..



මට ඇති වැඩකුත් නෑ.. නිකන් studio එකට වෙලා ආතල් එකේ ඉන්න තියෙන්නේ.. ඒ උනාට ගෙදර හිටිය නම් මීට වඩා ආතල් නේ.. මට නිවාඩු තිබ්බත්, මේ දවස් දෙකට නිවාඩු ගත්තොත් වැටුප් රහිත නිවාඩු ලු වැටෙන්නේ.. මාර ආණ්ඩුවක් නේ මේක.. ඉදපන්කෝ මමත් හරි බොසෙක් උන දාට බලාගන්නම්..

පෝය දවසෙනම් වැඩ කරන කස්ටිය වැඩ වලට සයිට් වලට ගිය නිසා බොසාටම එපා වෙලා 12ට විතඑ යමං කිවුවා.. අද එහෙම පාටක්වත් පේන්න නෑ.. අද ඇවිල්ලා මගේ රූම් එකේ මකුලු දැල් එහෙම කඩලා මැෂින් ටිකත් වෙනදට වඩා හොදට පිහිදාලා 3න් පාරක් විතර අතු ගාලා ෆුල් ක්ලීන් එකක් දැම්මා.. ජොබ් එක කොච්චර වදයක් උනත් මම මේ මැෂින් වලට පණ වගේ ආදරෙයි.. මොකද මේ මැෂින් නිසානේ මගේ ජොබ් එක තියෙන්නේ..



දැන් කරන්න දෙයක් නෑ.. බුකියේ පැත්තේ ඔලුව දැම්මා.. චැට් පාරක් වත් දාන්න ඇහැට කණට පේන්න මොකක්වත් නෑ.. මේ වෙලාවට තමයි බොස්ගෙ හත්මුතු පරම්පරාවම මතක් වෙන්නේ.. ඇයි යකෝ කරන්න වැඩකුත් නෑ..

බ්ලෝග් වලවත් කියවන්න කථාවක්වත් නෑ නේ.. තිබ්බ එවා ඔක්කෝම කියවලා ඉවරයි.. OL & AL කරන කාලේ කථා පොතක් තියා පත්තරයක්වත් අතින්වත් ඇල්ලුවේ නැති මම මේ බ්ලොග් නිසා මාර කියවීමක්නේ කියවන්නේ.. ඉස්සර යකෝ විජය පත්තරේ ගෙනාවත් අන්තිම පිටුවේ තියන “පං පෝ රිය” කාර්ටූන් එක විතරයි බලන්නේ.. අම්මා පත්තරේ ගන්නේ මට බැන බැන.. හැමදාම කියන්නේ පත්තර අන්කල් ගෙන් අන්තිම පිටුව විතරක් ඉල්ල ගන්නවා කියලා..

ඔහොම හිටපු මට උන දේ... අයියෝ සල්ලි... මම comment දාලා නැති උනාට මගේ මවුස් එකට අහුවෙන හැම බ්ලොග් එකක්ම කියවලා තියනවා.. දැන් මට කියවන්න දෙයක් නෑ..

ගිය අවුරුද්දෙනම් අර සදරුවා මාසෙට පෝස්ට් 7ක් දැම්මා.. ඒකට දැන් දාන්නේ පෝස්ට් 4යි.. එකත් දාන්නේ ඌට හිතුනු වෙලාවට විතරයි... අනිත් එක්කෙනා හිතුවක්කාරි.. එයත් ලිවුවා “තටු සිදුනු සමනළී”..  තටු සිදුනු සමනළී ඔපරේෂන් එකකින්ද කොහෙද අත් තටු හදා ගෙන පියබපු නිසා දැන් කථා නැත.. ඔක්කොම කවි වගේ එවා..



පෝය දවසේ නම් කියෙවුවා රත්ගමයගේ කෙටි කථාව.. පිස්සු කොල්ලෙක් ඩොකෙක් වෙච්ච එක.. ෆට්ටයි එකනම්.. මට එක එදා තමයි අහුවුනේ.. (බ්ලොග් එක නෙමෙයි ඒ කථාව, බ්ලේග් එක අහුවෙලා ගොඩක් කල්)
අනේ කවුරු හරි තව ලව් ස්ටෝරියක් ලියන්නකෝ... මට වැඩ නැති වෙලාවට කියවන්න.. බූට් කථාවක් උනත් කමක් නෑ..

 --------------------------------------------------------------------------------------------

කස්ටිය දැන් අවුරුදු එහෙම ජයද..? තාම ආවෙත් නෑනේ.. මම මේ මගුලක් කථා කරනවා.. මම නම් දැනටම අවුරුදු කන්න ප්ලෑන් කරන් ඉන්නේ 2500 ක්‍රමේට..



ඒ කිවුවේ මම අවුරුදු කන්නේ කැම්පස් එකේ කැන්ටිමේ...


ප/ලි : මම මුකුත් බිවුවේ නෑ හොදේ..

Tuesday, April 3, 2012

ආ‍ඩෝ, අන්න උබේ කෑල්ල යනවා.


වසර : 9 වසර
වේලාව : විද්‍යාව පීරියඩ් එක
ස්ථානය : සායියාගේ විද්‍යාගාරය

කස්ටිය දන්නවනේ සාමාන්‍යයෙන් ස්කෝල වලව හැම අවුරැද්දේම ඉංග්‍රීසි වලට වගේ විද්‍යා පීට වලින් පට්ට කෑලි වගේ ටීචර්ලා එනවනේ.. අපේ පංතියේ තිබ්බ මොකක්දෝ ෆට්ට පිනකට අපේ පංතියටත් ඔහොම චූටි ටීචර් කෙනෙක් අවා..



ඇස් වහක් නෑ, ටක වහක් නෑ ‍ටීචර්ගේ අමුතුම ලස්සනක් තිබ්බා.. උස අඩි 5ක් වගේ හරහට උස අඩි එකහ මාරක් වගේ.. ඒ වගේම පංතියේ කොල්ලෝ එක්කත් පට්ටම ෆිට්.. කොහොම හරි අපේ පංතියට විතරයි ඒ ටීචර් 9 වසරේ පංති වලින් ඉගැන්නුවේ.. ඉතින් අනිත් පංති 9යේ ඉන්න උන්ට මලේ මළ..

ටීචර් අපිට උගන්නන කොට ජීවිතේට දැකලා නැති ඩයල් විනාඩියෙන් විනාඩියට අපේ පංතිය ඉස්සරහයින් යනවා.. අපේ කොල්ලොත් කවදාවත් නැතුව ඉංග්‍රීසි පොතට පාට පාට කවර එහෙම දාලා ආයි ෆුල් ක්ලියර් එකේ තියන් ඉන්නවා.. පංතියේ එක දගෙන හිටපු කොල්ලෝ අතරේ මාත් හිටියා.. වැඩක් නැති වේලාවට කැන්ටිම පැත්තේ රෝනදයක් ගැහුවත් ‍ටීච හම්බුනෝත් අහනවා,

“කොහේද සිතිර රවුම් ගහන්නේ..? පිංතියේ වැඩ නැද්ද..?”

මාත් තියන තරම් පැණි හිනාවක් දාලා “ නෑ ටීචර්..” කියනවා.. කොටින්ම කියනවනම් අපේ සෙට් එකේ කස්ටිය ටීචර්ව මතක් කරගෙන හිතට අරගෙන ගෙදර ගිහින් අතට අරගෙනත් තිබ්බා...ඒව නම් මොනවද ඉතින්.. දවසක් ඔය විද්‍යාපීඨ ටීචර්ලා උගන්නන විදිය බලන්න ලොක්කෙක් එනවනේ.. ඉතින් අපේ ටීචර්ගෙත් උගන්නන විදිය බලන්න ලොකුඋන්නැහේ ආවා.. එදා අපි ‍ඔක්කෝම ටීචර්ට බොක්කෙන්ම හිටියා.. කොහොම හරි පීර්යඩ් එක ඉවර වෙලා ටීචර් ගිහින් ආයි ටිකකින් පංතියට ඇවිත් ඔක්කෝටම ස්තූති කරා අපි මීයෝ ගිලපු පූසෝ වගේ හිටියට..



කෙල්ලොන්ගේ නම් කියලා කොල්ලෝන්ට විහිලු කරන එක සාමාන්‍ය කේස් එකක් නේ.. ඉතින් ටීචර්ගේ නම කියල අපිත් එක එකාට විහිලු කරා.. ඕක ඉතින් අපේ චූටි ටීචත් දැනගෙන තමයි හිටියේ.. ඒ උනාට ටීච පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නෑ..

ඔය උඩින්ම කිවුව දවසේ තමයි මගේ කරුම දවස ආවේ.. විද්‍යාව පීරියඩ් එය වේලාවට අපි පල්ලෙහා විද්‍යාගාරය යන්න ඕන.. එදා අපි ගියාම විද්‍යාව සර් පිනා හම්බවෙන්න ගිහින් කියලා එන්න ටිකක් පරක්කු වෙයි කියලා පණිවිඩයක් එවලා තිබ්බා.. අපිටත් ඉතින් වෙන මුකුත් ඕනේ නෑනේ.. අපිත් ඉතින් කයිය ගහ‍ගෙන හිටියා, විලි ගැහුවා (ඒ කිවුවේ පෑන් වල ක්ලිප් ගහන එකට හොදේ), විලි ගහන්න ඉතින් ලැබ් එකේ තරම් මේස ලොවෙත් නෑ.. ස්කෝල වල ගියපු කස්ටිය දන්නවා ඇත්නේ..

ඔහොම ආතල් එකේ ඉන්න කොට, අපේ බිල්ඩින් එක ඉස්සරහින් චූටි ටීචර් ගියා.. පංතියේ ඒ වෙනකොට කාල ගොට්ටියයි.. මම ටීච දැක්ක ගමන් මගේ එහා පැත්තේ ඉන්න එකාට කිවුවා..

“ආ‍ඩෝ, අන්න උබේ කෑල්ල යනවා..”

මම කිවුවේ ටීචර්ට අත දිග් කරලා ඌට ටීචර්ව පෙන්නන ගමන්.. ඌත් ‍ටීචර් දිහා බලලා “අනේ පළ හු*** යන්න කිවුවා.” මාත් ඉතින් හා කියලා කිවුවා..

විද්‍යාගාරයට ඉස්සරහා තිබ්බේ පිට්ටනිය.. ටීචර් යන වෙලාවේ අපේ ස්කෝලේ ක්‍රීඩා භාර බුවා පොඩි මල්ලා සෙට් එකකට බණ දේශනා කර කර හිටියේ.. ලැබ් එකේ තිබ්බ සද්දෙට මූ හැමතිස්සේම අපි දිහා හොර බැල්මට් එකක් දාගෙන තමයි හිටියේ..

මෙන්න බොලේ ‍ටීචර් ගිහින් විනාඩියකින් වගේ පොර මට අතින් කථාකරනවා මම ‍ජනේලෙන් දැක්කා.. මම මගේ සෙට් එකටත් “ අඩෝ අන්න අරෑ මට කථා කරනවා” කියා ගෙන ගියා ඌ ගාවට.. යකෝ මේන්න මූ අහනවා..

සර් : “ උඹ දැන් ගියපු ටීචර්ට මොකක්ද කිවුවේ ආ...?’’
මම : “මම..? ම්ම්ම්.. මුකුත් නෑ සර්”
සර් : උඹ මට බොරු කියන්න එපා.. උඹ මට කියනවද..? නැත්තම් මට ඇහුන දේ උබලගේ සර්ට කියන්නද..?

කට නිසාලුනේ මොකාදත් නහින්නේ.. මම 100ට 200ක්ම සුවර් මූට මම කිවුව එකනම් ඇහුන් නෑ කියලා.. මම හිත හිත වට පිට බලන‍ කොට දැක්කා ලැබ් එකේ ඉදන් අපේ සෙට් එක එබී ගෙන මගේ දිහා බලන් ඉන්නවා.. මේ හුත්තා ‍අපේ සර්ට මොන අටමගලයක් කියයිද දන්නැති නිසා මම හිතුවා, මම කියපු දේ කියන්න.. මොකද වරදක් කරා කියලා පිලිගත්තම දඩුවම අඩුයි කියලා අම්මා කියලා දීල තිබ්බ නිසා..

මම : “යාලුවෙක්ගේ කෑල්ල යනවා කියලා කිවුවේ” (කිවුවා විතරයි සර්නුයි, ඌත් එක්ක හිටපු ඇච්චෝ ටිකයි ඔක්කෝම හිනා වූනා.. මාත් හිතුවේ වැඩේ ගොඩ තමයි කියලා)

සර් :  ආ.. දැන් පංතියට යනවා.. මම සර් ආවම කියන්නම්.. උඹලා වගේ ඈයෝ නිසා තමයි ස්කෝලේ නමත් කැති වෙන්නේ ඕයි..

මූ එදා ඒ කරපු බලු වැ‍ඩේ තාම මතකයි.. මම මුගේ මූණ දිහා ටිකක් බලන් ඉදලා ලැබ් එකට ගියා.. ගියපු ගමන් කස්ටිය ඇහුවේ මොකක්ද සීන් එක කියලා.. මමත් කිවුවා.. ස්කෝලේ හිටපු ඒ කාලෙට මට මෙහෙම දෙයක් උනාමයි.. මට වඩා මන් අර ‍ටීචට නම කිවුව එකා බය වේලා.. විනාඩි 10කින් වගේ අපේ සර් ආවා.. සර්ට අරූ මගදි සීන් එක කියනවා මම දැක්කා, පස්සේ ලැබ් එකේ දොර ගාවට ඇවිත් මාව අපේ සර්ට පෙන්නලා ඌ යන්න ගියා..



සර් ලැබ් එකට ඇවිත් වාඩි වෙලා මට කථා කරලා,

“මම පොඩ්ඩ නැතිවෙච්ච ගමන් උඹලා මෙතන මගුල් නටන්න හදනවා නේද..? අරං වරෙන් ගිහින් සිසු අත් පොත..”

අපි‍ට විද්‍යාව ඉගැන්නුවට අපේ සෙක්ශනල් හෙඩ්නුත් පොරම තමා.. මම පංතිය ගිහින් සිසු අත් පොත අරං ආවා..

“හෙට අම්මා හරි තාත්තා හරි එක්කන් පංතියට ව‍රෙන්” කියන ගමන්ම සිසු අත් පොතෙත් සීන් එක ලියලා, ළමයි ඔක්කෝටම පංතියට යන්න කිවුවා.. එදා ඉදන් අපේ පංතියට සතියක් ලැබ් එක තහනම්.. එක නම් ලොකු දෙයක් උනා අපේ සෙට් එකට..

මම අර විහිලු කරපු එකා ඒ වේලාවේ ඉදන් මාත් එක්ක කථා කරේ නෑ.. දැන් තමයි තේරෙන්නේ උන් මාර යාලුවෝ කියලා..

ස්කෝලේ ඇරුණම හැම ප්‍රශ්නෙම ඔලුවෙ තියා ගෙන ගෙදර ගිහින් අම්මා බෙදලා තිබ්බ බත් 1ත් කළා මම නිදා ගත්තා.. මම කොහොම ද කටක් ඇරලා අම්මට මේක කියන්නේ.. ඇත්තටම මම ස්කෝලේ නම තියන් හිටපු කොල්ලෙක්.. මට දුක ඒක ගැන..

ඕන මගුලක් වෙන්න කියලා මම රෑ නිදා ගන්න කොට අම්මට සීන් එක කිවුවා.. ඒත් මම කිවුවේ ටීචර් කෙනෙක්ට විහිලු කළා කියලා අහුවෙලා සර් අන්න කිවුවා කියලා.. එතකොට මගේ තාත්තා හිටියේ රට.. කොහොම හරි අම්මා අන්නම් කිවුව නිසා එච්චර අවුලක් නැතුව මම නිදා ගත්තා..

පහු වෙනිදා මම ස්කෝලේ ගියා.. මම පංතියට යන කොට අර යාලුවායි මායි හිටියේ එක තැන, ඒත් එදා ඌ මගේ ඩෙස් එකටයි පුටුවටයි වතුර දාලා.. (9වසරේ නිසා OL, AL වලදි වගේ පණට පණ දෙන යාලුවෝ හිටියේ නෑ) එදා තමයි මට තේරැනේ මූ මහා සක්කිලියෙක් නේද කියලා.. ආපු නැති ළමයෙක් බලලා මං බෑග් එක තියලා ගියා ස්ටාෆ් රෑම් එකට චූ‍ටි ටීචර්ව හම්බ වෙන්න.. ඒ වෙන කොටත් ටීච සීන් 1ක දන්නවා.. කියලා තියෙන්නේ අර PT කරන සර්මයි.. මම ටීචට සොරි කියලා මම පංතියට එන ගමන් විද්‍යාව සර්ටත් අම්මා එනවා කිවුවා කියගෙනත් මම පංතිය ආවා.. 



අම්මා ආවට පස්සේ කොහොම හරි වැඩේ සෙන්ටිමෙන්ටල් උනා.. අවුරැද්දේ අන්තිමට චූටි ටීචර් ස්ථිර පත්වීමක් හම්බෙලා වෙන ස්කොලෙකට ගියා.. යන්න කලින්නුත් අපිට කියලා තමයි ගියේ.. එදත් මම මේ සීන් එකට සොරි කිවුවා.. අර යාලුවා පස්සේ කාලෙක මාත් එක්ක යාලු උනත් මම ඌ අතේ දුර්න් තියා ගත්තා.. කොහොම හරි 9 වසරේ වාර පරීක්ෂනෙන් විද්‍යාවට පංතියෙන්ම වැඩිම ලකුණුත් අරං විද්‍යාව සර්ටත් පෙන්නලා 10 වසරට ගියා...

මාත් ගියා එහෙනම්..

ප/ලි : මේ සීන් එක මතක් උනේ අර යාලුවා මට පහුගිය දවසක මූණු පොතෙන් සෙට් උනා.. ඌට මේ පාර කැම්පස් ඇවිත්.. ආ තව.. ඌ මට OL, AL කාලේ එහෙම ෆට්ට උදව් ටිකකුත් කරා..

Wednesday, March 28, 2012

(ප්‍රතම) + ප්‍රේමය 04


ඉතින් ඔහොම කාලය ගෙවිලා ගියා.. සදුනි වෙනද වගේම පංති ආවා.. මේ වෙන කොට මම සදුනිට සිරාවටම try කරනවා කියලා දැන ගෙන හිටියේ පවන්තයි, උගේ කෑල්ල පවනි විතරයි.. අනිත් උන් දැනගෙන හිටියේ මම නිකන් ආතල් එකට පස්සෙන් යනවා කියලා විතරයි.

මේ වෙද්දි මම කොමර්ස් වලට පංති ගියේ නෑ.. මොකද O/L වලට තව ගොඩක් කල් තියන නිසා මටත් එච්චර ගාණක් උනේ නෑ.. හැබැයි අම්මගෙන් තිබ්බ වදේට මම කොමර්ස් පංතියකටත් ගාටන්න පටන් ගත්තා.. පංති තිබ්බේ සෙනසුරාදා උදේ.. මමත් ඉතින් පංතිටට ගිහින් වාඩි වෙලා හිටියා.. මගේ ෆිට් බුවාලා කවුරැවත් නෑත උන් යන්නේ මේ සර් ගෙම ඉරිදා තියන පංතියට.. ස්කෝලේ බුවාලා දෙතුන් දෙනෙක් හිටිතයත් උන් මගේ බොක්කේ සෙට් 1කේ උන් නෙමෙයි.. මමත් ඉතින් මගේ පළවෙනි දවස නිසා අන්තිම පේළියේ වාඩ් වෙලා හිටියා..

කොල්ලෝ ඉන්න පේළි වල‍ට එහා පැත්තේ තමයි කෙල්ලොන්ගේ පේළි තිබ්බේ.. පංතියට enter වෙන්නත් තියෙන්නේ පංතිය පිටි පස්සෙන්.. සර් පංතිටය ආවත් එනකං දන්නේ නෑ.. කෙල්ලෙක් එනකොට උනත් පිටි පස්ස හැරිලම බලන්න ඕන. එහෙම එහෙම කෙල්ලෙක් බලන්න චාන්ස් එක හම්බෙන්නෙත් අඩුවෙන්.. කොල්ලෝ පංතියට යන්නේ පටන් ගන්න විනාඩි 5ක් වගේ තියලා.. මොකාද එකා වගේ පංතිය වටේ ඔලුව හරව හරව ඉන්නකොට තව එකෙක් ඇවිත් මගේ පේළියේ වාඩි උනා..

“කීයටද මචං පටන් ගන්නේ...?”

මූත් මම වගේ අද මේ පැත්තට ආපු එකෙක්..

“8ට තමයි බං පටන් ගන්නවා කිවුවේ.. කොහොමද දන්නෑ මාත් අද තමයි මචං ආවේ..”

ඌත් එක්ක චැටක් දාගෙන ඉන්න කොට ටිකක් මාත් එක්ක ෆිට් උනා.. ටිකකින් සර් ආවා.. ළමයි ඔක්කොමලා නැගිටලා ආයුබෝවන් කිවුවා.. දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවා වගේ...

“ සදුනි ”



මට ඉබේටම කියවුනා.. කෙල්ලොන්ගේ 3වෙනි පේළියේ කොනේ මෙන්න මෙයා වාඩි වෙලා ඉන්නවා.. මාව කරකවලා අතඇරියා වගේ.. ඒ වගේ ෆට්ටම සතුටුයි.. එයා මාව තාම දැක්කේ නෑ.. මාව දකින්න නම් එයා ඕනි කමින් පිටි පස්ස හැරිලා බලන්න ඕන.. සර් ගාණක් දීලා අපි ලගට ආවා..

සර් : “අද ද ආවේ...?”

මම : “ඔව් සර්”

සර් : “උබේ ස්කෝලේ කොහේද..? මොකෝ මෙච්චර වේලාසනින් පංති අවේ ආ..?”

සර් නෝන්ඩියක් දාගෙනම මගෙන් එහෙම ඇහුව..

මම : “ම්ම්ම්.. රාහුලේ සර්,”

“ ඒකත් එහෙමද.. කමක් නෑ තමුසෙලා දෙන්න අනිත් දවසේ ඉස්සරහයින් ඇවිත් වාඩි වෙනවා.. මට ‍ඔච්චර දුර කෑ ගමන්න බෑ බං..” කියා ගෙන සර් ඉස්සරහට ගියා..
සර් අපිත් එක්ක කථා කරේ හිම්න් නිසා අනිත් ළමයිට ඒක එච්චර නෝට් උනේ නෑ.. මගේ එහා පැත්තේ හිටපු එකා ජනාධිපති එකේ පොරක්.. 

8  තිබ්බ පංතිය 10ට ඉවර උනා.. පොත් 2ක රෝල් කරං පෑන් 2ත් සාක්කුවට දාගෙන මම බයික් 1ක ගාවට ගියා පට්ට බඩගින්නක් තිබ්බ නිසා ඉක්මනට ගෙදර යන්න.. බයික් 1ක හරවලා ගේට්ටුව ගාවට ගනිද්දිම “සදුනි” 

ඔව් සදුනි, මම දිහා බලලා කට කොනින් හිනාවක් දාලා යන්න ගියා. එයා ගේට්ටුවෙන් ගියාත් එක්කම මාත් එයාගෙ පස්සෙන් බයික් 1ත් තල්ලු කරන් ගියා.. සමාජ අධ්‍යයන පංතියට වෑන් එකෙන් එන මෙයා දැන් යන්නේ මාර්ච් එකක.. අයියෝ සල්ලි.....
එයා ගියා.. ම‍ට ඉතින් මොන කාර් ද මගේ ෆුට් බයිසිකලෙන් අලුත සෙට් උන යාලුවත් නග්ගන්, ඌව බස් හෝල්ට් 1ට දාගෙන මමත් ගෙදර ගියා..


ඔය විදියට මාස 2ක් විතර ගියා.. ඒ වෙනකං සදුනිට මම try කරනවා කියලා ආරංච් වෙන්න මම ඉඩ දුන්නේ නෑ.. ඒත් මගේ හිත මට නොදැනිම මම මාර පිස්සෙක් කරා.. පිඩම් කරත් ෆෝන් එක දිහා බලන් හිටියේ කවදා මේකට සදුනිගෙන් කෝල් 1ක් එයිද කියලා..

අන්තිමට මම තීරණයක් ගත්තා.. මම මගේ නෑනට කිවුවා සදුනිගෙන් මම ගැන අහන්න කියලා.. කැමති නම් එහෙ‍මයි නැත්තම් මමත් හිත හදාගෙන පාඩම් කරන්න ගන්නවා කියලා..
අපි මෙතනදී මගේ නෑනට “සචී” කියලා කියමු..

මම සචීට ඕක කිවුවේ එයා අපේ ගෙදර ආපු වෙලාවක.. එදා ඉරිදා දවසක්.. සචී සදුනිගෙන් අහන්නේ සදුදාට තමයි.. ඒත් මට උත්තරයක් දැන ගන්න වෙන්නේ සෙනසුරාදට..

ඔන්නම මහා බාලාපොරොත්තු ගොන්නක් තියා ගෙන විද්‍යාව පංති ගියා.. සචී ඇවිත් හිටියා.. මම ගිහින් ඇහුවා.. මමයි සචීයි අයියයි නංගියි කියලා පංතියේ හැම 1ක් ම දැනගෙන හිටියේ.

මම : සදුනිගෙන් ඇහුව ද..?

සචී : ම්ම්ම්.. ඇහුවා.. එයා එක පාරම බය උනා සුදු අයියේ (මට කියන්නේ එහෙමයි)

මම : ඊට පස්සේ..?? එයා ඇඩුවෙ එහෙම නෑනේ..? මුකුත් උත්තරයක් දුන්නේ නැද්ද..

සචී : “හා” කියලා කිවුවේ නෑ.. බලමු කියලා කිවුවා.. එයාට බයයිලු සුදු අයියේ..

ඔන්න ඔහොමයි උනේ.. බයවෙන්න මම යකෙක් ද නේද.. පස්සේ මේ සීන් එක මම මගේ අති ජාත මිත්‍ර පවන්තයට කිවුවා.. 

“ හු*** බලමු කියන්නේ කොළ කොඩිය.. නවත්තන් නැතුව මෙච්චර කල් හිටපු විදියට හිටපන්.. මම ඉතුරු ටික පවනිට කියලා කරලා දෙන්නම්.”

ඌ කිවුවේ ඔහොම.. මගේ අම්මයි තාත්තයි දන්නව නම් මූ මට මේවට බොක්ක දෙනවා කියලා අපේ ගෙදර පස් පාගන්න දෙන 1ක් නෑ.. හික්ස්..
සචී සදුනිගෙන් ඇහුවට පස්සේ කොහොම හරි එයාලගේ ස්කෝලේ වැඩේ ටිකක් ලීක් වෙලා තිබ්බා.. ඒ වෙනකොට මගේත් තව යාළුවෝ පස් හය දෙනෙක් සීන් 1ක දැනගෙන හිටියා..

*ප/ලි : මේ දවස් වල පට්ට බිසී අෆ්ෆා.. මූණූපොතට එන්නේ හිටපු ගමන්.. එකයි පරක්කු කථාව දාන්න..  ආ.. 22 කස්ටිය ඔක්කොද එනවා නේද..?