දෙහිවල සිට බත්තරමුල්ලට යන 163 බස් එකක වෙච්ච කථාවක්..
බස් රථයේ කොන්දොස්තරට හිටියේ සාමාන්‍ය තරැණ වයසේ ඉන්න කොල්ලෙක්.. පොර බැලූ බැල්මට සාමාන්‍ය මනුස්සයෙක්.. ඒත් පොරගේ කථා ශයීලිය ටිකක් අමුතුයි.. හරියට දෙමළ පොරක් සිංහල කථා කරනවා වගේ.. බස් එක විලියම් හංදියට එනකොට ටිකට් දෙන්න පටන් ගත්තා..
"අක්කා... සල්ලි ගන්න අක්කා.."
"රුපියලක් දෙන්න අක්කා..... බහිනකොට දෙකක් ඉල්ල ගන්නකෝ.."
ඔන්න ඔහොමයි මිනිහා කථාකරන විදිය.. අදිනවා ඇදිල්ලක් හිනා යනවා නිකන්ම.. ඒ වෙද්දි බස් එකේ හිටියේ මිනිස්සු 10ක් 12ක් වගේ තමයි.. මට වඩා අවුරුදු 3ක් 4ක් වැඩිමල් වගේ වගේ පෙනුනත් පොර මටත් කථා කරේ,
"අයියා.. කොහාටද...?"
බොහොම අමාරුවෙන් හිනාව නවත්තන් සල්ලි දීලා මම පාර පැත්ත බලන් ආවා.. හෙදම ටික පටන් ගත්තේ නුගේගොඩ හංදියෙන් පංති ඉවර වුන කෙල්ලෝ, කොල්ලෝ සෙට් එකක් නැග්ගට පස්සේ.. කොල්ලෝ සෙට් එක නගින කොටම කථා වෙවී නැග්ගේ "අඩෝ අරූ ඉන්න බස් එක" කියලා.. මේ මනුස්සයට මෙහෙම හිනා වෙන එක පව් වුනත්, ඌ කියන වචන ඇහෙන ඕන එකෙක්ට හිනා යනවා..
මගේ ඉස්සර හිටිය නුගේගොඩින් නැග්ග නංගිලා දෙන්නෙක් කටවල් අල්ලන් හිනවෙනවා මම බලාගෙන ඉදලා බැරිම තැන මම හෙඩ් සෙට් එක අරං කනේ ගහගත්තා..
හැබැයි පොර අර පොඩි කෙල්ලො දෙන්නගෙනුත් සල්ලි ගත්තේ
"කියන්ඩ අක්කා... කොහාටද...?"
මූ අක්කලට අයියලට කියන්නේ ආච්චී සීයා........ කියලද දන්නේ නෑ නේද??
ReplyDeleteඅනේ මන්ද බං...
Deleteඑහෙනං මම නැග්ගොත් අනිවා සීයෙ කියනවා.. :-)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ඔවි ඉතින්.. නෑත්තම් කියන්න දෙයක් නෑනේ... හොක් හොක්...
Deleteවැඩි වැඩියෙන් රාජ සම්පත්ම ලැබේවා!!!
හෙහේ..පව් දෙමල එක්කෙනෙක් වෙන්න ඇති..
ReplyDeleteනෑ.. නෑ ශුද්ධ සිංහල අෆ්ෆා..
Deleteහැමෝටම යටහත් පහත් විදියට කතා කරන අහිංසකයෙක් වෙන්න ඇති.
ReplyDeleteමාත් එහෙම හිතලා තමයි හිත හදාගත්තේ..
Delete:D දෙමල එකෙක් වෙන්න ඇති
ReplyDeleteනෑ.. නෑ.. අයිසෝ..
Deleteමෙතන සිද්ධිය මට පේන විදිහට නම් මාකටින් වගේ. අපිට වුණත් වැඩිමල් වගේ පේන එකෙක් අයියා කියද්දී හරි සතුටුයිනේ.... :D
ReplyDeleteමාකටින්? බස් එකක?
Deleteඇයි බොල බස් එකට නැග්ගට පස්සෙ කෝමත් සල්ලි දෙන්න එපැයි. අහවල් එකටද මාකටින් එතැනට ?
දැන් ඉතින් මොකක් උනත් මාර්කටින්නේ..
Deleteකොන්දොස්තරලා ඔහොම්මමයි
ReplyDeleteඒ උනාට ඌ පව්..
Deleteකෙසෙල්හේනාව - කොළඹ බස් එකෙත් ඉන්නවා කොන්දා අංකල් කෙනෙක්. මිනිහා නම් ජොලි පොරක්. මිනිහගෙ දුවෙක්ගෙ වයසෙ කෙල්ලෙක්ට උනත් අක්කෙ කියලා කතා කරනවා. එහෙම කළාම කෙල්ලො රවලා බලනවනෙ! :D
ReplyDeleteමන් කියපු මෑන් ඌගේ නෑදෑයෙක් ද දන්නෑ..
Deleteස්තූතියි..
පව් අහිංසක දරුවෙක් :)
ReplyDeleteමොකො සෑමෝ.. අරං හදාගන්නවත් හිතුන ද..?
Deleteදෙමළ අයත් ඔහොමයි..නමුත් සමහරු තව කෙනෙක් කේන්ති ගස්සන්නත් ඔහොම කරනවා..
ReplyDeleteඋයා එහෙම කරලා තියනවා වගේ..
Deleteඒකා හිතලා කරන දෙයක් නෙවෙයි වගේ ...... පොඩි මෝඩකමකුත් එක්ක ආපු එකක්ද කොහෙද?
ReplyDeleteමටත් හිතෙන්නේ එහෙම දෙයක් කියලා..
Deleteහයියෝ ඔහොම අය නම් ඉන්නේ ඕනතරං..... නාකි පප්පල ඉන්නේ බබාලා වෙන්න යන
ReplyDeleteඅහ්හ්... මේ ඉන්නේ තව එක්කෙනෙක්..
Deleteමගෙනුත් දවසක් එකෙක් සල්ලි ඉල්ලුවා අයියා කියලා.. මම හොඳට බැලුවා මට වඩා බාල එකෙක් කොන්දෙක් වෙලා ද කියලා.. මට පෙනුණු විදියට නම් අපේ තාත්තට විතර වයස එකෙක්..
ReplyDeleteමර්කටින් බං.. මර්කටින්...
Deleteස්තුතිය අවට රැන්ගෝ..
අපෝ ඔව් බස් වල ඔය වගේ කොන්දෝ පිරිලා
ReplyDeleteසෙට් එකක්ම යනවනම් ෆුල් අතල් එකක් ගන්න පුළුවන්..
Deleteසුදුම සුදු කෙට්ටු එකෙක් නේද?
ReplyDeleteමටත් දවස් දෙකතුනක්ම සෙට් වෙලා තියෙනවා. මෑන් ලෝඩ් කරන්නේ මරු ඇදිල්ලක් ඇදලා තමයි. කළුබෝවිලා.... කොහුවලා......... නුගේගොඩා....... බත්තරමුල්ලා...... කියලා තමයි කෑගහන්නේ. පාරෙ යන අයටත් අත දිගෑරලා කතා කරලා බස් එකට ගොඩකරගන් න තමයි ට්‍රයි කරන්නේ. මුල් දවසේ නම් මාත් හොල්මන් උනා. ඒත් දෙවෙනි දවසේ මෑන්ව දැක්කම නම් මාර ආනන්දයක් දැනුනා.
ඔවු ඔවු.. මෑන් තමයි.. කොහොමද දෙන ආතල් එක..?
Deleteස්තුතියි මේ පැත්තට ආවට..
සමාජයෙ එක එක විදියෙ මිනිස්සු ඉන්නව නේ. එහෙම නොවුන නම් අපිට මේ ජීවිතේ ඒකාකාරී ගතිය වැඩි වෙනව. මම හිතන්නෙත් ඒ මනුස්සය හිතා මතා කරන දෙයක් නෙවෙයි.
ReplyDeleteසිරාවට DDT.. මමත් මේක ලිවුවේ ඒ මිනිහව හැල්ලුවට ලක් කරන්න නෙමෙයි.. කොච්චර උනත් පවු ඉතින්..
Deleteමිනිහ කට්ටයි, මාකටින් වලට හොද පොරක් :P
ReplyDeleteඅහ්හ්... රස කතා... සාදරයෙන් පිලි ගන්නවා.. ඔක්කොම මාර්කටින් තමයි බං දැන්...
Deleteඋබේ බ්ලොග් එකත් අහු උනේ උබ අපු නිසානේ.. කියවමු කියවමු..
සෑහෙන්න කාලයක් මේක මගඇරිලනේ අයියේ පමා වුනාට සොරි හොඳේ.....
ReplyDeleteමට මතක් වුනේ ගාල්ල පැත්තෙ භාෂාව... එහෙ අය ගොඩක් අදිනවනේ.හැබැයි ඉතින් ජපන් මිනිස්සු අදින ඇදිල්ල තමා ඇදිල්ල...
මෙහෙම උන් කොහෙත් ඉන්නවා... උවමනාවෙන්ම හැමෝටම අයියා/ අක්කා කියන, අපේ එකෙකුත් ඉන්නවා ඔය වගේ.. ඌට අපි කියන්නෙ නංගි කියලා....
ReplyDeleteතමුන්ගේ වයස ගැන වැටහීමක් නැති අය. මේ හට පන්න පොරවල් කියන්නේ අපිට මල්ලි කියල.
ReplyDelete